~~Android Ram Expand~~

sakila kavindu

Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    මුලින්ම චූටි හැඳින්වීමක් දෙන්නම්...මේකෙන් කරන්නේ ඕගොල්ලන්ගේ ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් එකේ ඕගොල්ලන්ට ලබා දීල තියෙන RAM එකට වඩා RAM එක වැඩි කරන එකයි..ඇත්තම කිව්වොත් RAM එක වැඩි කිරීමකටත් වඩා වෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ EXTERNAL SD CARD MEMORY එකෙන් කොටසක් RAM එක විදිහට ඇන්ඩ්‍රොයිඩ් OS එක විසින් භාවිත කිරීමක් :) හරි එහෙනම් අපි බලමු කොහොමද කරන්නේ කියලා(වැඩිය කරන්න නම් දෙයක් නෑ :yes: ).

    මේක කරන්න ඕගොල්ලොන්ට ෆෝන් එකේ ROOT ACCESS තිබීම අත්‍යවශ්‍ය වෙනවා(ROOT කරන හැටිනම් එළකිරියේ ගොඩක් සහෝදරවරු කියලා දීල ඇති :) ..ඒ නිසා මන් ROOT කරන්නේ කොහොමද කියන්න යන්නේ නෑ)

    මුලින්ම GOOGLE PLAYSTORE එකට ගිහින් SIMPLE ROOT SWAP කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න(https://play.google.com/store/apps/details?id=org.webappid.simplerootswap&hl=en )...ඒක INSTALL වුනාට පස්සේ ඕපන් කරාම මන් දාල තියෙන ෆොටෝ එක වගේ ස්ක්‍රීන් එකක් එයි...එකේ SIZE එකට ඕගොල්ලන්ගේ SD CARD එකේ ඉඩ අනුව කැමති අගයක් දෙන්න..ඊට පස්සේ CREATE දෙන්න..... බොහොම වෙලාවට විනාඩි 30කට ආසන්න කාලයක් යයි ඒක CREATE වෙන්න(1 GB වගේ නම්)..ඊට පස්සේ AUTO START කියන එකත් SELECT කරලා ON කරන්න(ROOT ACCESS ඉල්ලුවොත් දෙන්න) :) ඊට පස්සේ ඒ හදපු ෆයිල් එක ඇක්ටිව් වෙනවා...
    ඔන්න ඕකයි කරන විදිහ.. :) :yes:

    simple-root-swap-a5b74a-h900.jpg


    වැදගත්....
    1.අපි මේ හදන SWAP ෆයිල් එකෙන් SD එකේ ආයු කාලය කෙටි වෙනවා... :dull: (අවුරුදු 100 අවුරුදු 10 වෙනවද දන්නේ නෑ )
    2.අපි SWAP SIZE එකට දුන්න ඉඩට ෆයිල් එකක් හැදිලා SD CARD එකේ සේව් වෙනවා...(ඒ කියන්නේ ඒගානෙන් SD CARD එකේ ඉඩ අඩුවෙනවා ) :confused:
    3.මේක ගොඩක්ම හොද LOW-END ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට HIGH-END ඒවටනම් වෙනසක් දැනෙන එකක් නෑ.. :rolleyes:
    4.මේක කරන්න ඕගොල්ලන්ගේ ඇන්ඩ්‍රොයිඩ් KERNEL එක SWAP SUPPORT කරන්න ඕනේ..ඇත්තටම SUPPORT කරනවද කියල හොයන්නේ කොහොමද කියලනම් මම දන්නේ නෑ :D
    5.1GB දුන්නත් ඒ ගානෙන්ම ස්පීඩ් වැඩිවෙන්නේ නෑ ...නමුත් තිබුනට වඩා වේගයේ සැලකිය යුතු වැඩිවීමක් දකින්නට ලැබෙයි.. :yes:
    6. මේක මගේ පොඩි ෆෝන්(LG OPTIMUS L3) එකේ වැඩ කරා ;) ...අනිත් පොඩි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලත් වැඩ කරයි කියල හිතලා තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ[හැබැයි මන් CUSTOM ROM එකකුත් ගහල තිබ්බේ.KERNEL කතාවට එකෙන් බලපෑමක්(KERNELඑක වෙනස්වීමක්-බාහිරව KERNELවෙනස් කරන්න පුලුවන්ද නැද්ද කියන එක නොදනිමි)වුනාද දන්නේ නෑ..]
    7.SWAP SETTINGS හදනකොට අපි AUTO දුන්න නිසා ෆෝන් එක BOOT වෙද්දී මේ ඇප් එක RUN වෙනවා..බූට් කරාට පස්සේ RUN වෙද්දී SIMPLE ROOT SWAP HAS GRANTED SUPER USER PERMISSIONS කියලා හරි ඒ වගේ එකක් එයි.. :)
    8.මන් දැනට මාස 5ක් වගේ මේ ඇප් එක පාවිච්චි කරනවා.. :yes:


    එහෙනම් මන් දැනට නවතින්නම්..කියවපු හැමෝටම ස්තුතියි :yes: ...ප්‍රශ්න මොනා හරි තියෙනවනම් මගෙන් අහන්න. :yes: :) :)

    REPOST නෙමෙයි කියලා සිතමි.. :rofl:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඔකට sd එකෙ class එකත් බලපානව නෙද. class එක අඩු එව දැමහම slow වෙනව නෙද. මම අපෙ මල්ලි කෙනෙක්ට ඔක කරල දුන්න.
     

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    ඔකට sd එකෙ class එකත් බලපානව නෙද. class එක අඩු එව දැමහම slow වෙනව නෙද. මම අපෙ මල්ලි කෙනෙක්ට ඔක කරල දුන්න.

    ow bn app info wala thiyenawa class 10 nam wadath hodai kiyala...mage class 4 - imation :rolleyes: ...mage ekenam ehema awlk na machan :)
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මචන් ඔය Custom ROM කථාව මොකක්ද? එකෙන් ගන්න පුළුවන් advantage එක මොකක්ද? Cynogenmode කියන්නෙත් Custom ROM එකක්ද?
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    hi bro, one of my friend has LG OPTIMUS L3 . now he want to root his phone. what is the best method to root his phone. i don't know much about LG. that's why i'm asking

    thaks



     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    • Like
    Reactions: jeewantha05

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    cyanogenmode කියන්නේ ඕන ඇන්රොයිඩ් phone එකකට දාන්න පුළුවන් OS එකක්ද?