මම හෙන ආතල් එකේ ඉන්න බුවෙක්, ලෝකේ කඩා වැටුනත් හිනා වෙලා ඉන්නවා. දවසක් මාතර හොස්පිටල් එකෙන් එළියට ඇවිත් ගෙදර උන් එනකම් බලන් හිටිය. discharge වෙලා උන්න නිසා ජොලියේ හිටියේ. ඉතින් හිනා වෙලා හිටිය. අනිත් මිනිස්සුත් හිනා වෙලා ඔලුවත් වනල යනවා. එත් එක පාරට ඔරවාගෙන එකෙක් ගියා, මාත් ඌට හිනා වුනා. ඌ ටිකක් දුර ගිහින් හැරිලා ඇවිත් මට බනින්න ගත්ත, ඔහේ මාව දන්නවද (අඳුරනවද?)? ඇයි හිනා වුනේ?

ඉතින් මම උත්තර දෙන්නේ නැතිව අහක බලාගත්තා. මගෙන් රිප්ලයි නැති වුනාම ඌ යන්න ගියා, බෙලිඅත්ත පැත්තේ ගොබ්ස් කෙනෙක් වෙන්න ඕන, ඌ තංගල්ල බස් එකක නැගල ගියා
