Annul A/L results and re-calculate-SC

thilan_perera

Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    Z ලකුණු අහෝසි කිරීමට අධිකරණය නියෝග කරයි

    පසුගිය වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ ඉසෙඩ් ලකුණුවලට අදාළ තීන්දුව දෙස ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්‌ දැඩි අවධානයෙන් සිටි අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද එම තීන්දුව ප්‍රකාශයට පත් කරණු ලැබුවා.

    ඒ අනුව අධිකරණය මඟින්, මීට පෙර නිකුත් කළ Z ලකුණු අහෝසි කර තිබෙනවා. නව හා පැරණි නිර්දේශ සඳහා වෙන වෙනම Z අගයන් ගනනය කර කඩිනමින් ප්‍රතිපල නිකුත් කරන ලෙසද අධිකරණය විසින් ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝග කර තිබෙනවා

    ඉසෙඩ් ලකුණ නිකුත් කිරීමේදී සිසුන්ට අසාධාරණයක්‌ සිදුවී තිබේද යන්න සොයා බැලීමට විද්වත් කමිටුවක්‌ පත් කිරීම සඳහා අනුමැතිය දෙන්නැයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා මීට පෙර ඉල්ලීමක් කර තිබූ අතර ශේෂ්ඨාධිකරණය විසින් එය ප්‍රතික්‍ෂේප කරනු ලැබුවා.

    නව හා පැරැණි වශයෙන් විෂය නිර්දේශ දෙකක්‌ යටතේ පැවැති මෙම විභාගයට අයදුම් කරුවන් දෙලක්‍ෂ හතළිස්‌ තුන්දහස්‌ අටසිය හැත්තෑ හය දෙනකු අයදුම්කර තිබූ අතර ඉන් 144,341 ක්‌ නව විෂය නිර්දේශය යටතේ ඉල්ලුම් කර තිබුණා.

    විෂය නිර්දේශ දෙක යටතේ විභාගයට පෙනී සිටි මෙම සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක්‌ උද්ගත වූ අතර ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමේ ක්‍රමවේදයක්‌ සකස්‌ කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සංඛ්‍යා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන්ගෙන් යුත් කමිටුවක්‌ පත් කළේ ඉන් පසුවයි.

    විභාග දෙපාර්තමේන්තුව ඉසෙඩ් ලකුණු නිකුත් කළේ එම විද්වත් කමිටුව විසින් සකස්‌ කරන ලද සූත්‍රයකට අනුවය. මෙම ඉසෙඩ් ලකුණු ක්‍රමවේදය නිසා බොහෝ සිසුන්ට අසාධාරණයක්‌ සිදුව ඇති බවට චෝදනා කරමින් ලංකා ගුරු සංගමය හා එම විභාගයට පෙනී සිටි සිසුහු කිහිපදෙනෙක්‌ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කළ අතර අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්‌ හමුවේ එම පෙත්සම් විභාග විවුණා.

    තීන්දුවෙන් පසුව විභාගයේ නැවත සමීක්‍ෂණ ප්‍රතිඵල ද නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවයි පවසෙන්නේ.

    Source: Gossip9