freednbeing said:ඔයා මේක හදිසියේ ලියලද කියල මොහොතකට හිතුණ.
එල කවියක්.
මට මතක් වුණා අවුරුද්දකට විතර කලින් මම යාළුවො පස් දෙනෙක් එක්ක බයික් තුනක අනුරාධපුර ගිය සවාරිය. අපි මුල් දවසෙ නැවතුනේ ජේතවනාරාමයට අල්ලපු වත්තෙ තියෙන විශ්රාම ශාලාවක. මිනිහෙක් පේන මානෙක නෑ. රෑ 9ට විතර එලියට බැහැලා ජේතවනය වටේ සහ ඒ අවට නටබුන් අතර ඇවිදපු පැය කීපය කියලා වැඩක් නෑ. රුවන්වැලි සෑයේ කොතේ ලයිට් එක දිහා බලාගෙන ගල් කණු, මහ ගස් අතරින් ගිය ගමන හරියට ත්රාසජනක ෆිල්ම් එකක් වගේ තාමත් අපේ මතකයේ තියෙනව.
ඔවි freed හදිස්සියෙන්නම් තමා ලීවෙ
හෙට උදේට කොළඹ යන්න තියෙනව ...බොහොවිට නැවත පොසොන් එකෙන් පස්සෙ තමා එන්න වෙන්නෙ
netcafe එකකින් ඇරෙන්න ....ඔව් මටත් ඔය වතේ අත් දැකීමක් තියෙනව නුවර එළියෙ වතුයයායක තවත් යාළුවො 3ක් එක්ක ලබාපු
හරිම අපූරු මතකයක්....ඔයා ඒක කියද්දි මතක් උනේ
අභය ගිරිය පැත්තෙත් ගොඩක් ඇවිදින්න තියෙනව
මාර ගති spot තියෙනව.....
පැය ගනන් රස වදින්න පුළුවන්...බොහොම ස්තූතියි freed comment එකට එකක් අමතක උනා මම ඔය කියන රුවන් වැල් සෑයෙ light එක හරිම ලස්සනයි තමා රෑට ...පලාතටම පෙනව අනික
