Anyone left in UNP?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    Opposition%20members%20of%20Kurunegala%20join%20with%20President.jpg


    වයඹ පළාත් සභා මැතිවරණයේදි එක්සත් ජනතා නිදහස් සන්ධානය විශිෂ්ට ලෙස ජයග‍්‍රහණය කිරීම වෙනුවෙන් කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය සභා රැසක විපක්ෂ නායකවරු සහ මන්ත්‍රීවරු 21 දෙනෙක් රජයට එක්වෙති.

    එම පිරිස අද (08) වයඹ පළාත් සභා අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා සමඟ මහනුවර ජනාධිපති මන්දිරයට පැමිණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවී තම සහය නිදහස් සන්ධානයට ලබාදෙන බව පැවසූහ.

    මහින්ද චින්තන ඉදිරි දැක්ම ඉදිරියට ගෙනයමින් රටේ සංවර්ධනය සඳහා උපරිම සහය ලබාදෙන බව ඔවුහු ජනාධිපතිතුමාට එහිදී ප්‍රකාශ කළහ.

    පඬුවස්නුවර විපක්ෂ නායකරයා සමඟ පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් හයදෙනෙකු ද නාරම්මල ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකයා සහ මන්ත්‍රීවරයෙකු ද කුලියාපිටිය, උඩුබද්දාව, අලව්ව, ඉබ්බාගමුව, මාවතගම, කුරුණෑගල , කොබෙයිගනේ , නිකවැරටිය, ගල්ගමුව සහ මහව යන ප‍්‍රාදේශීය සභාවන්හි මන්ති‍්‍රවරුන් රැසක් ද රජයට සහය පළකරමින් එක්ව තිබේ.

    මහින්ද චින්තන ඉදිරි දැක්ම අපේක්ෂිත පංච මහා බලකේන්ද්‍ර ශක්තිමත් කරන ජාතික සැලසුමට වයඹ පළාතේ දායකත්වය ඇතුළත් “පෙර ගමනක පෙර දැක්ම” ප්‍රකාශනය ද දයාසිරි ජයසේකර මහතා මෙහි දී ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.

    එක්සත් ජාතික පක්‍ෂයේ පෙරේදා පැවති හැට හත්වන සම්මේලනයේ තේමාව වූයේ ‘හැට හතයි ජය ළඟයි’ යන්නයි.