මුලින්ම ඇපල් මියුසික් පාවිච්චි කලා, ඒ කාලෙ ලංකාවට ස්පොටිෆයි තිබ්බෙ නෑනෙ. පස්සෙ ස්පොටිෆයි ආවට පස්සෙ ඒකත් අරගෙන ඇපල් මියුසික් එකෙත් සබ්ක්‍රිප්ශන් එක ඉතුරු වෙලා තිබ්බ නිසා දෙකම හොඳට සංසන්දනය කරන්න වෙලාව හම්බ වුනා.
සවුන්ඩ් කොලිටිය අතින් ඇපල් මියුසික් හොඳයි, M50x එකෙන් ඇහුවම පොඩි බිට් රේට් වෙනසක් තේරුනා. බොහොම පොඩි වෙනසක්, අනිත් හෙඩ් සෙට් වලට වෙනසක් තේරෙන්නෙ නැති තරම්.
Song Suggestion අතින් Spotify ඉතා හොඳයි, Apple එක නිකන් ලාම්පුතෙලුයි මස්කටුයි වගේ.
Lyrics අතින් Apple Music එක ලස්සනයි, පිලිවෙළයි. Spotify වලට මුලින් Lyrics පෙන්නුවෙ නෑ, හැබැයි දැන් ඇපල් එකේ කිට්ටුවටම හොඳ එකක් තියෙනවා.
ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට Apple Music පොඩ්ඩක් බර වැඩියි, පේජ් ලෝඩ් වෙන්න පොඩ්ඩක් වෙලා යනවා. Spotify ඒ අතින් ෆාස්ට්.
දැන් ලොකුම වෙනස, Apple Music වලට අවුරුද්දට ඩොලර් 29යි, රුපියල් 11000 වගේ. හැබයි Spotify වලට අය කරන්නෙ ඩොලර් වලින් නෙමෙයි රුපියල් වලින්, උද්දමනයේ බලපෑමක් නෑ. ගිය අවුරුද්දත් රු.5250 යි, මේ අවුරුද්දෙත් රු.5250යි. බාගෙට බාගෙක අඩුවක්.
ඉතින් ඔය ටික අනුව මට Spotify හොඳා, ලොකුම අඩුව Spotify වලට තාම Podcasting දීල නෑ...