Apple WWDC 2019

TMR72

Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    WWDC 2019 event එක අතරතුර Apple සමාගම විසින් එළිදැක්වූ වැදගත් දේවල් ගැන දැනගනිමු

    Apple සමාගමේ devices සඳහා වන software වල සිදුවන වෙනස්කම් එළිදැක්වීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන WWDC event එකේ 2019 වර්ෂය සඳහා වූ event එක පසුගිය ජුනි 3 වැනිදා පැවැත්වුණා.

    මෙහිදී Apple සමාගම විසින් එළිදැක්වීමට කටයුතු කළ දේවල් ගැන කෙටියෙන් විමසා බළමු.



    iOS 13
    Apple සමාගම විසින් ඔවුන්ගේ iOS මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය වන iOS 13 සංස්කරණය මෙහිදී එළිදැක්වූ අතර එහි කැපී පෙනෙන පහසුකමක් ලෙස Dark Mode පහසුකම හඳුන්වාදීමට ඔවුන් කටයුතු කරනු ලැබුවා.


    BTa7rqr.jpg

    System wide dark theme

    මීට අමතරව Music app එකට ගීතය සමඟින් sync වන lyrics පහසුකම එකතු කිරීම, Memoji වල වැඩිදියුණු කිරීමක් සිදු කිරීම, Swipable typing පහසුකම keyboard එකට එකතු කිරීම වැනි system apps වල සුළු වැඩිදියුණු කිරීම් විශාල සංඛ්‍යාවක් සිදු කිරීමට ද මොවුන් කටයුතු කර තිබුණා.

    oBVSSA5.jpg

    Memoji customization සහ Swipable typing පහසුකම

    එමෙන්ම Apple Maps සේවාව වැඩිදියුණු කිරීමට කටයුතු කර ඇති අතර Street view මගින් අංශක 360ක view එකක් දැකගැනීමේ හැකියාව ද එකතු කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

    Yy8OBee.jpg

    360 degree view in Apple Maps

    Apple device පරිශීලනය කරන්නන්ගේ පෞද්ගලිකත්වය රැකගැනීම කෙරෙහි ද මෙහිදී අවධානය ‍යොමු කර තිබූ අතර, යම්කිසි app එකකට function එකක් භාවිතා කිරීම අවශ්‍යය වන තුරු ඊට අදාල permission ලබා නොදීමටත්, අදාල අවස්ථාවේ සිට එම function එක භාවිතා කරන සෑම අවස්ථාවකදීම පරිශීලකයාගේ අවසරය ලබා ලබාගත යුතුය යන option එකත් එකතු කිරීමට Apple සමාගම කටයුතු කර තිබුණා.

    මීට අමතරව Apple සමාගම විසින් අලුතින් හඳුන්වා දෙන Sign in with Apple පහසුකම හරහා apps භාවිතා කිරීමේදී පරිශීලකයාගේ තොරතුරු වෙනත් සේවාවන් වලට ගලා යෑම අවහිර කිරීමට ද මොවුන් කටයුතු කර තිබුණා.


    JVsNczu.jpg

    මේ Sign in with Apple පහසුකම ඉදිරියේදී login එකක් සහිත සෑම app එකකටම අනිවාර්යය කෙරෙනු ඇති අතර මේ පහසුකම ඇති apps වලට පිවිසීමට Face ID හෝ Touch ID වැනි authentication ක්‍රම භාවිතා කිරීමේ හැකියාව ද ලබා දීමට Apple සමාගම කටයුතු කරනු ලබනවා.
    Ca8QJaB.jpg


    මීට අමතරව වෙනත් සේවාවකින් ඔබගේ Email address එක ඉල්ලා සිටින විට ඔබගේ සැබෑ email ලිපිනය එයට ලබා නොදී Apple සමාගම විසින් ඒ සඳහාම අලුතින් නිර්මාණය කරනු ලැබූ email ලිපිනයක් භාවිතා කිරීමේ හැකියාව ද මේ සමඟින් අන්තර්ගත කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

    මේ අලුතින් නිර්මාණය වන email address එකට ලැබෙන සියළුම email පණිවිඩ ඔබගේ සැබෑ email ලිපිනයට forward කිරීමට Apple සමාගම කටයුතු කරන අතර, යම්කිසි සේවාවකින් එන email නැවැත්වීමට අවශ්‍යය නම් අදාල email ලිපිනය මකා දැමිය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

    iOS 13 සංස්කරණය iPhone 6s හා ඊට පසුව නිකුත් වුණු devices සඳහා ජුනි මස 3 වැනිදා සිට developer වරුන් හට නිකුත් කිරීමට Aple සමාගම කටයුතු කර තිබෙන අතර මේ update එක සාමාන්‍යය iPhone පරිශීලකයන් හට ලබා දීමට ජූලි මාසය පමණ වනු ඇති බව ඔවුන් ප්‍රකාශ කර සිටියා.

    iPadOS
    මෙවර WWDC event එක අතරතුරදී Apple සමාගම විසින් නිවේදනය කරනු ලැබූ පරිදි, iPad එක සඳහා ලබා දෙන operating system එක තවදුරටත් iOS නොවන අතර එය iPadOS නමින් හඳුන්වනු ලබනවා.
    0uvpMfF.jpg


    එමෙන්ම මේ අලුත් OS එක හරහා multi-tasking වලට අදාල හැකියාවන් මෙන්ම iPad එකට ආවේණික පහසුකම් රාශියක් ලබාදීමට Apple සමාගම තීරණය කර තිබෙන අතර iPad එකට USB Flash drive සම්බන්ධ කිරීමේ හැකියාවද ලබා දී තිබෙනවා.

    macOS
    Apple සමාගම විසින් ඔවුන්ගේ macOS එකේ අලුත්ම සංස්කරණය වන macOS Catalina සංස්කරණය එළිදැක්වීමට කටයුතු කළ අතර මීට කලින් දැනගන්නට ලැබුණු ලෙසම iTunes වෙනුවට Music, Podcasts සහ TV යනුවෙන් වෙන වෙනම apps ත්‍රිත්වයක් හඳුන්වාදීමට මොවුන් කටයුතු කරනු ලැබුවා.
    Z7Cja0N.jpg


    අලුත් macOS එක සමඟින් තමන්ගේ mac පරිගණකය හා iPad එක සම්බන්ධ කර එය secondary screen එකක් ලෙස භාවිතා කිරීමේ හැකියාව ලබා දී තිබෙන අතර MacBook සඳහා iPad එක touchscreen එකක් ලෙස ද භාවිතා කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

    මීට අමතරව macOS එක සහ iOS එක ළඟදීම කටහඬ මගින් පාලනය කළ හැකිවනු ඇති බවත් අදාල මෙහෙයුම් පද්ධතිය තුළ සියළුම කටයුතු කටහඬ පමණක් භාවිතා කර සිදු කිරීමේ හැකියාව ලබා දෙන බවත් Apple සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
    HAxPzyi.jpg


    මෙතෙක් iOS වලට පමණක් සීමා වී තිබුණු Screen Time පහසුකම මේ අලුත් macOS සංස්කරණය හරහා පරිගණක වලටත් ලබා දීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

    එමෙන්ම Project Catalyst නම් වූ ව්‍යාපෘතියක් හරහා iPad apps, macOS එකට පරිවර්ථනය කිරීමේ හැකියාව සහිත framework එකක් ලබා දී ඇති අතර අනාගතයේදී iPad සඳහා වන apps වලින් විශාල ප්‍රමාණයක් පරිගණකය භාවිතා කරන විට ද භාවිතා කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

    Mac Pro
    WWDC event එක මුලින් සඳහන් කළ ආකාරයට Software සම්බන්ධව වන event එකක් වුවත් Apple සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම Mac Pro පරිගණකය මෙහිදී හඳුන්වාදීමට කටයුතු කරනු ලැබුවා.
    pNgG0ke.jpg


    2013 වර්ෂයෙන් පසුව ඔවුන්ගේ Mac පරිගණක මාලාවේ වෙනසක් සිදු කිරීමට මේ දක්වා කටයුතු කර නොමැති අතර මේ අලුතින් හඳුන්වාදුන් Mac Pro පරිගණකය cores 28ක් දක්වා upgrade කළ හැකි Intel Xeon processor එකක් සහ RAM එක 1.5TB දක්වා upgrade කළ හැකි ලෙස නිර්මාණය කර තිබෙනවා.
    OGQ2hUJ.jpg


    මෙහි සාමාන්‍යය මාදිලියේ AMD Radeon Pro 580X හෝ Radeon Pro Vega II GPU එකක් අන්තර්ගත වන අතර අවශ්‍යය නම් මේ ආකාරයේ Radeon Pro Vega II GPU දෙකක් දක්වා upgrade කිරීමේ හැකියාව තිබෙනවා.

    මේ Apple Mac Pro පරිගණකය හරහා 8K ප්‍රමාණයේ resolution එකකින් සමන්විත videos තුනක් එක වර stream කිරීමේ හැකියාව ඇති අතර එසේ නොමැති නම් 4K stream 12ක් දක්වා එක වර සිදු කිරීමේ හැකියාව ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.
    h6KJHKE.jpg


    මීට අමතරව මේ පරිගණයක සමඟින් අලුතින් හඳුන්වාදෙනු ලැබූ අඟල් 32ක ප්‍රමාණයේ 6K display එකක් හඳුන්වාදීමට කටයුතු කළ අතර මෙය Pro Display XDR ලෙස හැඳින්වීමට ඔවුන් කටයුතු කරනු ලැබුවා.

    මේ අලුත් Mac Pro පරිගණකය හා Pro Display XDR display එක එකතුව ගත් විට Apple සමාගම විසින් මේ හා සමාන කිසිඳු tool එකක් වෘත්තීයමය කටයුතු සඳහා Apple devices භාවිතා කරනු ලබන/මිලදීගනු ලබන ගණුදෙනුකරුවන් හට මින් පෙර ලබා දී නොමැති බව ඔවුන් ප්‍රකාශ කරනවා.
    SPbS6lE.gifv


    core 8 කින් සමන්විත Intel Xeon processor එකක්, 32GB RAM එකක් සහ 512GB SSD එකක් සහිතව මේ Mac Pro පරිගණකය මිලදීගන්නේ නම් එහි මිළ ඇමෙරිකානු ඩොලර් 5,999ක් වන අතර Pro Display XDR එක සඳහා තවත් ඩොලර් 4,999ක් ගෙවිය යුතු වෙනවා.

    මේ Pro Display XDR display එක සඳහා වන stand එක monitor එක සමඟ නොමිලයේ නොලැබෙන අතර, එය ලබා ගැනීමට අතිරේකව තවත් ඩොලර් 999ක් ගෙවිය යුතු වෙනවා.

    tvOS
    Apple TV සඳහා ලබාදෙන tvOS එකෙහි ද විවිධ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට Apple සමාගම කටයුතු කර තිබූ අතර විශේෂයෙන්ම මේ Apple TV හරහා Xbox One සහ PlayStation 4 සඳහා සහාය දැක්වීම කාගේත් අවධානයට යොමු වුණා.
    wxdw2B7.jpg


    මීට අමතරව tvOS එකේ home page එක වැඩිදියුණු කිරීමටත්, පරිශීලකයන් කිහිපදෙනෙකු (multi-user) හට භාවිතා කිරීමේ හැකියාව ලබා දීමත්, එසේ භාවිතා කරන විට අදාල පරිශිලකයා කැමති ආකාරයේ recommendations ලබා දීමටත්, iOS 13 වල මෙන් ම music play කරන අතරතුරදී live lyrics පහසුකම ලබා දීමටත් කටයුතු කර තිබෙනවා.

    watchOS
    Apple Watch සඳහා වන watchOS එකේ 6 වැනි සංස්කරණය හඳුන්වා දුන් අතර watch එක හරහා ම ඊට අදාල apps install කරගැනීමේ හැකියාව ලබා දීමට ඊට වෙන්වූ App Store එකක් හඳුන්වාදීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

    kMHE9Iy.jpg

    Siri හරහා කටහඬ භාවිතා කරමින් එම පහසුකම භාවිතා කිරීමේ හැකියාව ලැබෙන අතර calculator app එක, voice memo app එක ඇතුළු තවත් system apps කිහිපයක් ම watch එක හරහා භාවිතා කිරීමේ හැකියාව ද ලබා දී තිබෙනවා.

    qnA4chJ.jpg

    මීට අමතරව Health & Fitness සඳහා ද update එකක් ඇතුලත් කර ඇති අතර දීර්ඝ කාලයක් තිස්සේ ලබාගන්නා තොරතුරු භාවිතා කරමින් පසුගිය මාස කිහිපය හෝ අවුරුද්ද ඇතුලත අදාල පුද්ගලයාගේ සෞඛ්‍යය තත්ත්වය වෙනස් වූ අයුරු දැකගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා.

    WfJZs33.jpg

    එමෙන්ම යම්කිසි තැනකට ගිය පසු එහි ඇති ශබ්ධය කණට අහිතකර තත්ත්වයක පවතින්නේ නම්, ඒ පිළිබඳව පරිශීලකයා දැනුවත් කිරීමේ හැකියාව ද watchOS එකට මෙන්ම iOS වල තිබෙන Health app එකටත් අන්තර්ගත කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

    ඉහත සඳහන් තොරතුරු මේ WWDC 2019 event එකේ ඉතාමත් සංක්ෂිප්ත සටහනක් වන අතර මේ එක් එක් මාතෘකා ගැන විශේෂිතව සඳහන් කළ ලිපි පෙළක් Apple සමාගම විසින් ඔවුන්ගේ Newsroom https://www.apple.com/newsroom/වෙබ් අඩවියට එකතු කිරීමට කටයුතු කර තිබෙනවා



    මිනිත්තු 13ක සාරාංශගත වීඩියෝව
    Sourse:https://technews.lk/the-biggest-highlights-from-apple-wwdc-2019/
     

    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    අද මගේ රෙප් පවර් එක 4ක් උනා ඒ වෙනුවෙන් මෙන්න මන් හොයා ගත්ත දේ ඔයාලා එක්ක බෙදා ගත්තා..
     
    Last edited:
    • Like
    Reactions: ryandok

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මේ Pro Display XDR display එක සඳහා වන stand එක monitor එක සමඟ නොමිලයේ නොලැබෙන අතර, එය ලබා ගැනීමට අතිරේකව තවත් ඩොලර් 999ක් ගෙවිය යුතු වෙනවා.

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: TMR72

    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet


    i approved

    24+ Selakuwa

    Ela. Thanks. Email feature eka nam hodayi kiyala hithenawa.

    මේ Pro Display XDR display එක සඳහා වන stand එක monitor එක සමඟ නොමිලයේ නොලැබෙන අතර, එය ලබා ගැනීමට අතිරේකව තවත් ඩොලර් 999ක් ගෙවිය යුතු වෙනවා.

    :lol::lol::lol::lol:

    Tnks all..rep add+++
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේ Pro Display XDR display එක සඳහා වන stand එක monitor එක සමඟ නොමිලයේ නොලැබෙන අතර, එය ලබා ගැනීමට අතිරේකව තවත් ඩොලර් 999ක් ගෙවිය යුතු වෙනවා.

    :lol::lol::lol::lol:


    :lol::lol::lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,830
    19,963
    113
    Panadura
    මේ Pro Display XDR display එක සඳහා වන stand එක monitor එක සමඟ නොමිලයේ නොලැබෙන අතර, එය ලබා ගැනීමට අතිරේකව තවත් ඩොලර් 999ක් ගෙවිය යුතු වෙනවා.

    :lol: :lol: :lol:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    iPad එක ග්‍රැෆික් ටැබ්ලට් එකක් විදියට යූස් කරන එකයි එක්ස්ටර්නල් ඩිස්ප්ලේ එකක් විදියට යූස් කරන එක මරු Wacom වගේ ඒව හදන එවුන් අනාත වෙලා යයි මේකෙන්
    මේල් ඇප් එක ෆුල් රිච් ටෙක්ස්ට් සපෝට් කරන එකත් එල gmail ඇප් එකෙත් තාම එහෙම බෑ, දැන් ඉතින් ඔෆීශියල් මේල් කෙලින්ම ෆෝන් එකෙන්ම යැව්වැකි ෆෝන් එකෙන් යැවුවා කියලා පේනනෙ නැති වෙන්න
    sign in with apple එකත් සිරා
    ඒ ඇරුනම ඒ තරම් දෙයක් නැහැ

    හැබැයි ඩිවලොපර්ස්ලාට සිරා දේවල් ටිකක් තියනවා SwiftUI Framework එක මරු, පට්ට ලේසියෙන් UI part එක ගොඩදාන්න පුලුවන්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    tfs

    mage wada walatath mac pro ekak ona bn :(

    හොදම ඔප්ශන් එක iMac Pro එකක් ගන්න එක
    5K p3 ඩිස්ප්ලේ එකත් එක්ක 5000USD වලට ලාබයි වගේ
    වින්ඩෝස් එකක් ඔය ස්පෙක් එකටම හැදුවත් මහා ලොකු ලාබයක් ගන්න බැහැ.
    ඔය ලෙවල් එකේ SSD, Xeon CPU, ECC Memory කොහොම කරත් ලොකු ගානක් යනවනේ

    එහෙම නැත්නම් macpro base model එක අරන් LG 5K ඩිස්ප්ලේ එක ගත්තා නම හරි, මාත් ඔය දෙකෙන් එකක් ගන්න ඉන්නෙ
     
    Last edited: