20 සඳුදා සිට 26 ඉරිදා දක්වා


mesha.jpg
මේෂ

බලාපොරොත්තු සියල්ල ඉටු කර ගැනීමට හැකි වන සතියකි. වැඩ කටයුතුවල මනා පාලනයක් ඇති කරයි. අලුත් පෙම් සබඳතා ස්ථිර කර ගැනීම*ට අවස්ථා එළඹෙන අතර මංගල කටයුතු ද සාර්ථක වේ.


vrushaba.jpg
වෘෂභ

ඇඳුම් පැළඳුම් වැනි ව්*යාපාරවලින් මහත් වාසි අත් වන අතර අමතර ආදායම් මාර්ග ඇති කරයි. අඹු සැමියන් අතර තිබූ අර්බුදයක් නිරාකරණය කර ගැනීමට හැකි වේ. දු දරැවන්ගේ වැඩ කටයුතු ගැන මහත් උනන්දුවක් දක්වයි. උසස් අධ්*යාපන කටයුතුවලදී මහත් උනන්දුවෙන් ක්*රියා කරන සතියකි.


mituna.jpg
මිථුන

දැඩි ආත්ම ශක්තියකින් යුතුව ක්*රියා කරන සතියකි. මල් වගාවෙන් වැඩි ලාභ ප්*රයොජන අත්වේ. අලුත් ඥාති සබඳතා ඇති කර ගැනීමේ අවස්ථා එළඹේ. උනන්දුවෙන් යුතුව ක්*රියා කරන අතර ක්ෂණික කෝපය ඇති කරන නිස*ා පවුලේ අය සමග සුළු අමනාප කම් ඇති කර ගනී.


kataka.jpg
කටක

හිත මිතුරන් සමග එක්ව කටයුතු කරන අතර සිතේ සතුට ඇති කරන සතියකි. රසවත් ආහාර පානාදිය ලැබීමේ අවස්ථා එළඹේ. සති අන්තයේදී දුර බැහැර ගමනක් යෙදේ. මව්පියන් හා දූ දරුවන් වෙනුවෙන් මුදලක් වියදම් කිරීමට සිදු වෙන සතියකි. අමනාප වූ කෙනෙක් නැවත මිත්*රත්වයට පත්වේ.





singha.jpg
සිංහ

මල් වගාවෙන් හා එළවළු වගාවෙන් මහත් වාසි අත් වන අතර පාලන කටයුතු සඳහා දක්ෂතා දක්වයි. මංගල කටයුතු හා පෙම් සබඳතා කෙරෙහි ශුභදායී සතියක් නොවේ. අන්*යෝන්*ය සුහදතා ඇති කර ගැනීමට අපහසුය.


kanya.jpg
කන්*යා

නෑ හිත මිතුරන්ගේ ප්*රසාදයට ලක් වන අතර ගෙදර දොර තිබූ අර්බුදකාරි තත්ත්වයන් මග හැරී යයි. ශ්*රියාව සම්පත වැඩි කරන සතියකි. මිල මුදල් පාලනයේ මනා දක්ෂතාවක් ඇති කරයි. අධ්*යාපන කටයුතුවලදී විශිෂ්ට සාමාර්ථ ලබා ගැනීමට පුළුවන.


thula.jpg
තුලා

ශරීර සෞඛ්*ය ශුභදායක තත්ත්වයට පත් වන අතර සතුරු කරදර නැති වී යන සතියකි. රැකියාවේ උසස් වීම් ලබා ගැනීමට හේතු වන සතියකි. නෑ හිත මිතුරන්ගේ උදව් උපකාර ලබා ගැනීමට හැකි වන සතියකි. මංගල කටයුතු සාර්ථක වන අතර අලුත් පෙම් සබඳතා ස්ථිරත්වයට පත් වන සතියකි.


vrushchika.jpg
වෘශ්චික

දැඩි ආත්ම ශක්තියකින් යුතුව හා එඩිතරව ක්*රියා කරන සතියකි. අධ්*යාපන කටයුතුවල විශේෂ දියුණුවක් ඇති කරයි. සම්මුඛ පරික්ෂණ ජය ගනී. වැඩ කටයුතු අධික වන අතර අහිමි වී ගිය රැකියාවක් නැවත ලබා ගැනීමට අවස්ථාව එළඹේ.


danu.jpg
ධනු

අධ්*යාපන කටයුතුවල විශේෂ දියුණුවක් ඇතිවේ. අනුන්ගේ වැඩ ගැන ද සැලකිල්ලක් ඇති වේ. පුණ්*ය කටයුතුවල යෙදෙන සතියකි. ඇඳුම් පැළඳුම් උදෙසා වැඩි පුර මුදලක් වැය කරයි. පාලන කටයුතු කෙරෙහි මනා දක්ෂතාවක් පෙන්වයි.


makara.jpg
මකර

අතපසු වී ගිය සියලු වැඩ කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාව ඇති වේ. සහෝදර පක්ෂයේ කෙනෙකුගෙන් විශේෂ උදව් උපකාර ලැබේ. පාලන කටයුතු කෙරෙහි මනා දක්ෂතාවක් පෙන්වයි. රැකියාවේ උසස් වීම් ලැබේ. මිල මුදල් කටයුතුවලදී ඉතා අරපරිස්සමින් වියදම් කරයි. වගා කටයුතු සාර්ථක කර ගැනීමට පුළුවන.


kumba.jpg
කුම්භ

මුදලක් තැන්පත් කර ගැනීමේ අවස්ථා එළඹෙන අතර හදිසි ධන ලාභ ලැබීමට ඉඩ ඇති සතියකි. මංගල යෝජන*ා ඉදිරිපත් වන අතර පෙම් සබඳත*ා ස්ථිර කර ගැනීමේ අවස්ථා ද එළඹේ. දූ දරුවන් කෙරෙහි දක් වන උනන්දුව වැඩි වන සතියකි. දුර බැහැර ගමන් යෙදේ.


kumba.jpg
මීන

උසස් ප්*රධානීන්ගේ ප්*රසාදයට ලක් වන අතර රැකියාවේ උසස් වීම් ලැබීමට ද හේතු වේ. දූ දරුවන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් අමතර මුදලක් වැය කිරිමට සිදු වේ. ගෙදර දොර වැඩ කටයුතු අවුල් සහගත තත්ත්වයකට පත් කරයි. පෙම් සබඳතා ඇති කර ගන්නා සතියකි.
 

Dreamworks_naveen

Well-known member
  • Sep 12, 2007
    11,653
    163
    63
    40
    ~හඳේ~
    Thx

    සිංහ
    මල් වගාවෙන් හා එළවළු වගාවෙන් මහත් වාසි අත් වන අතර පාලන කටයුතු සඳහා දක්ෂතා දක්වයි. මංගල කටයුතු හා පෙම් සබඳතා කෙරෙහි ශුභදායී සතියක් නොවේ. අන්*යෝන්*ය සුහදතා ඇති කර ගැනීමට අපහසුය.
     
    Dreamworks_naveen said:
    Thx


    මල් වගාවෙන් හා එළවළු වගාවෙන් මහත් වාසි අත් වන අතර පාලන කටයුතු සඳහා දක්ෂතා දක්වයි. මංගල කටයුතු හා පෙම් සබඳතා කෙරෙහි ශුභදායී සතියක් නොවේ. අන්*යෝන්*ය සුහදතා ඇති කර ගැනීමට අපහසුය.
    jolly seeyath සිංහ thamai