April 6-12 දක්වා

April 06 සඳුදා සිට April 12 ඉරිදා දක්වා


mesha.jpg
මේෂ

රැකියාවේ සතුටුදායක තත්ත්වයක් උදා වනු ඇත. අලුත් ව්*යාපාර ආරම්භ කිරීමට සුදුසුය. දැව වගාවෙන් වාසි අත් වේ. එදිනෙදා කටයුතුවලින් මුදල් උපයන අයට වාසිදායක සතියකි. මුදලක් තැන්පත් කිරීමට හෝ ව්*යාපාරයක් සඳහා ආයෝජනය කිරීමට පුළුවන. උසස් අයගේ ප්*රසාදයට ලක් වීම නිසා රැකියා දියුණුවක් ඇති වේ.

vrushaba.jpg
වෘෂභ

බලාපොරොත්තු රැසක් ඉටු වන සතියකි. මංගල කටයුතු සාර්ථක වීමට හේතු වේ. පෙම් බැඳුම් ඇති කර ගනී. මල් වගාවෙන් සතුටට පත් විය හැකිය. දැව වගා කරන අයට වාසිදායක සතියකි. රැකියාවේ උසස් වීම් සමග ස්ථාන මාරු වීම් ද බලාපොරොත්තු විය හැකිය.

mituna.jpg
මිථුන

සතුටුදායක සතියකි. සිතේ ප්*රබෝධය වැඩි වේ. ගමන් බිමන් අධික වේ. පින් දහම් කිරීමට සිතයි. රැකියාවේ උසස් වීම් ලැබේ. ආදායම් සරු වීමට ඉඩ ඇත. එදිනෙදා වැඩ කටයුතුවලින් වාසි මෙන් ම සතුට ද ඇති වේ.


kataka.jpg
කටක
මදක් අශුභ සතියකි. සිත කලබලකාරී වේ. මුදලක් තැන්පත් කර ගැනීමට පුළුවන. උනන්දුව වැඩි වේ. සතියේ මුල් දින කිහිපයේ ආදායම් තත්ත්වය ඉහළ යයි. මංගල කටයුතු අසාර්ථක වෙයි. පෙම් බැඳුම් කැඩී බිඳී යයි. අධ්*යාපන කටයුතුවල දියුණුවක් ඇති වේ.


singha.jpg
සිංහ
ආදායම් තත්ත්වය සතුටුදායක ලෙස ඉහළ යයි. සිතේ ප්*රබෝධය වැඩි වේ. අධ්*යාපන කටයුතුවල නියැළෙන්නන්ගේ බලාපොරොත්තු ඉටු වේ. දූ දරුවන්ගේ දියුණුවක් ඇති වේ. දුර බැහැර සිටින දූ දරුවන් දැක බලා ගැනීමේ අවස්ථාව උදා වේ. ඉඩම් මිලදී ගැනීමට සුදුසුය.

kanya.jpg
කන්*යා

ප්*රේම සබඳතා ඇති වේ. සිතේ සතුට වැඩි වෙයි. බලාපොරොත්තු රැසක් ඉටු කර ගැනීමේ අවස්ථාව උදා වේ. උනන්දුව වැඩි වේ. වැඩ අධික වේ. අධ්*යාපන කටයුතුවල දියුණුවක් දක්නට පුළුවන. සියල්ල මනා පාලනයකින් යුතුව සිදු වේ. තරග විභාගවලින් උසස් ජය ලබා ගැනීමට පුළුවන.

thula.jpg
තුලා

සිතේ ප්*රසන්නභාවය වැඩි වේ. සියලු වැඩ කටයුතුවල සාර්ථකත්වයක් ඇති වේ. ව්*යාපාරිකයින්ගේ ආදායම් තත්ත්වය ඉහළ යයි. අලුත් ව්*යාපාර ආරම්භ කිරීමට සුදුසුය. මංගල කටයුතු සාර්ථක කර ගැනීමට හැකිය. මංගල උත්සවයකට සහභාගී වීමේ අවස්ථාව උදා වේ.

vrushchika.jpg
වෘශ්චික

ආදායම් ඉහළ යන අතර රැකියාවේ දියුණුවක් ද ඇති වේ. මුදලක් තැන්පත් කිරීමට හෝ අයෝජනය කිරීමට හැකි වේ. සහෝදර සහෝදරියන්ට සැලකීමට අවස්ථාව උදා වේ. වැඩිහිටි ඥාතීන්ට උදව් උපකාර කරයි. ඉඩම්, ගෙවල් මිල දී ගත හැක.

danu.jpg
ධනු

බලාපොරොත්තු රැසක් ඉටු වීමේ ලකුණු පහළ වෙයි. මුදලක් ආයෝජනය කිරීමෙන් වැඩි වාසි ලබා ගත හැකිය. සිතේ ප්*රසන්නතාව ඇති වේ. දුර බැහැර ඥාතියෙකුගේ පැමිණීම නිසා වැඩ අධික වේ. අඹු සැමියන් අතර සමගිය වැඩි වේ. අමනාප වී සිටි අය මිතුරු වෙති.

makara.jpg
මකර

අමතර ආදායමක් ලැබීමට අවස්ථාව සැලසේ. ප්*රභූන්ගේ උපකාර ලැබේ. රැකියාව සම්බන්ධයෙන් උනන්දු වීමට සුදුසු සතියකි. සම්මුඛ පරීක්ෂණ ජය ගනී. අධ්*යාපන කටයුතුවල විශේෂ දියුණුවක් දක්නට පුළුවන. පෙම් බැඳුම් ඇති කර ගැනීමට හැකිය.

kumba.jpg
කුම්භ

අලුත් රැකියා ලැබේ. ආදායම් තත්ත්වය ඉහළ යන අතර ආයෝජනයට ද සුදුසුය. ප්*රණීත ආහාර පාන ලැබේ. ප්*රිය සම්භාෂණවලට සහභාගි වේ. ප්*රේම සබඳතා ඇති කර ගත හැකිය. මංගල කටයුතු සාර්ථක වේ. ප්*රබෝධවත් සතියකි.

kumba.jpg
මීන

මංගල කටයුතු සාර්ථක වේ. අලුත් ප්*රේම සබඳතා ඇති වේ. ආදායම් තත්ත්වය ඉහළ යයි. එහෙත් වියදම් අධික වේ. නිවසේ සාමාජිකයින්ගේ ප්*රබෝධය වැඩි වේ. නව ව්*යාපාර ඇරඹීමට සුදුසු සතියකි. අධ්*යාපන කටයුතු දියුණු වේ.