Aravinda And Mahela

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    මහේල ජයවර්ධන උප නායකත්වය අතහරියි

    Mahela-Jayawardene.jpg


    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වයෙන් ඉවත්වීමට එම තනතුරෙහි කටයුතු කළ මහේල ජයවර්ධන තීරණය කර තිබේ.

    ඔහු විසින් ඒ පිළිබඳව අද(07) ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ලිඛිතව දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති නිශාන්ත රණතුංග මහතා අද දෙරණ වෙත සඳහන් කළේය.


    ලෝක කුසලාන තරගාවලිය අවසන් වනතුරු පමණක් කණ්ඩායමේ උප නායකත්වය දැරීමට මහේල ජයවර්ධන එකඟත්වය පළකර තිබූ බව ඔහු කියා සිටියේය.


    ඒ අනුව තවදුරටත් අදාළ තනතුර දැරීමට තමන් බලාපොරොත්තු නොවන බව මහේල සිය ලිපිය මගින් දන්වා ඇති බව රණතුංග මහතා ප්‍රකාශ කළේය.


    ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඊයේ(05) දිනයේ දී කුමාර් සංගක්කාර විසින් ද ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිඛිතව දැනුම් දෙනු ලැබීය.


    ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි



    Aravinda-de-silva-press-100910A300.jpg


    Ranjit_Fernando_300.jpg

    ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයින් විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපි ක්‍රීඩා අමාත්‍යාවරයා වෙත බාර දී තිබේ.

    ඒ අනුව එම කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා, රංජිත් ප්‍රනාන්දු, අමල් සිල්වා සහ අස්වර් අලි යන මහත්වරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි බාරදී ඇති බව සඳහන්ය.


    2010 වසරේ මැයි මස 26 වන දින මෙම කමිටුව පත්කරනු ලැබීය.

    ___________________________________________

    Pasu Wadana

    මෙ ලෙස පිට පිට අස්වීම් පිළිබධ මේ වන විටත් ඉන්දීය ප්‍රමුඛ විදෙස් මාධ්‍ය වල කථා බහට ලක් වෙමින් තිබේ.පරාජයේ ප්‍රථ්පලයක් නොවන වගත් මෙවන් තීරණ ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිසිදු අභ්‍යන්තර ප්‍රශ්නයක් නොතිබුණ බවත් මෙය වෙනත් යම් හේතුවක් මත සිදුවනක් බව යම් යම් විචාරකයින් මේ වන විට කරුණු හෙළි කරයි

    මෙවන් ක්‍රියාතුලින් ලාංකීය ක්‍රිකට් හි අනාගතය ඉතාමත් අර්බුදයකට ලක්විය හැකි යැයි බොහේ දෙනාගේ මතයයි.බොහෝ දෙනෙකු සිතා සිටියේ මෙම අස්වීමේ ලිපි ක්‍රිකට් බලධාරීන් බාර නොගනු ඇත කියායි එහෙත් කිසිදු දැන්වීමකින් තොරව ලිපි එකෙනෙහිම බාර ගෙන තිබේ

    ක්‍රීඩා අමත්‍ය වරයා පවසන පරිදි පුරප්පාඩු වූ ඇබෑර්තු සදහා ඉක්මනින් සුදුස්සන් පත් නොකරන බවත් ඒ සදහා සති දෙකක් හෝ ඊට වැඩි කාලයක් ගතවන බවයි

    මෙවැනි ක්‍රියා තුලින් රට හිනස්සවන තත්වයකට පත් වී තිබේ.

    20110406080124.png

    Thanks yoshita

    නාමල් රාජපක්ෂ මහතා ක්‍රිකට් ලොකු පුටුවකට පැමිණීමේ අදහසක් ඇති බවත් ඔහු ක්‍රිකට් නිළ වරණයට සහභාගි වීමේ අරමුණින් මේ දිනවල කටයුතු කරන බවත් වාර්ථා වේ



    Who Should Be The Next Captain >
    Live Updates Soon On
    Rajapaksha Quits As Sri Lankan President :lol::lol:

    Sanga Celebrating His Resignation.


     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මොකක් හරි ලොකු සීන් එකක් වෙලා වගෙයි. මේ මොකද බං මේ වෙන්න යන්නේ.:nerd::nerd::shocked::shocked::(
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    hafoiiiii indian awun pukenuth hina wenawa athi me wena dewal dakkama..mokak hari loku seen 1k thiyenawa.mokak unath aka hoda deyak nemei.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මොකක් හරි ලොකු සීන් එකක් වෙලා වගෙයි. මේ මොකද බං මේ වෙන්න යන්නේ.:nerd::nerd::shocked::shocked::(
    ඉලග වල්ඩ් කප් එකට ශ්‍රිලංකාව නියොජනය කරන්නෙ සහොදර සමාගම:(