Arduino සිංහලෙන් - අවශ්‍ය උපාංග හඳුනාගනිමු 2

madhawas1

Active member
  • Jul 5, 2015
    542
    249
    43
    Arduino සිංහලෙන් - අවශ්‍ය උපාංග හඳුනාගනිමු 2

    Arduino_Logo.svg_.png


    අපි පසුගිය ලිපියෙන් Arduino සමග නිර්මාණකරනයේ යෙදෙන්නට අවශ්‍ය මූලික උපාංග අඳුනාගන්න පුළුවන් වුනා, ඒත් අපිට ඊට අමතරව තව උපාංග කිහිපයක් අවශ්‍ය වෙනවා ඒ Arduino සම්බන්ධ කරගනිමින් පරිපථ නිර්මාණය කිරීමට අවශ්‍ය උපාංගයි. ඔබට මේ සියලුම උපාංග පිටකොටුවේ 1 වෙනි හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික උපාංග කඩවලින් හෝ eBay වලින් ලබා හැකියි. අපේ ඉදිරි පාඩම් වලට වැදගත් වන නිසා මේ උපාංග මිලදී ගැනීම අත්‍යවශ්‍ය වේ.


    1. Project Board


    Solderless-Breadboard-Project-Board-93c35d97-c149-4c53-af11-3ac2c4a47d01-jpg-28927641-aaeb-4cd0-9e0b-9fb93951e6c3.jpg


    අපේ පරිපථයේ උපාංග පෑස්සීමකින් තොරව එකලස් කර ගෙන පරිපථය ක්‍රියාකාරීත්වය පරීක්ෂා කීරීමට අපිට project board එක ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම පරිපථයේ යම් යම් වෙනස් කම් කරමින් විවිධ දේ අත්හදා බලන්න අපිට මෙමගින් හැකිවෙනවා


    2. Jumper Wires

    images.jpg


    Project board එක මතට විවිධ ඉලෙක්ට්‍රොනික උපාංග සම්බන්ධ කිරීමට හා වෙනත් පරිපථ කොටස් සමග සම්බන්ධතා ඇති කර ගැනීමට Jumper wires ඉතාමත් වැදගත් වනවා. Jumper wires වර්ග 3ක් තිබෙනවා, ඒ Male to Male, Female to Male හා Female to Female වශයෙනුයි. අපිට මේ වර්ග තුනෙන්ම Jumper wires අවශ්‍ය වෙනවා.

    HTB1N094JFXXXXb4XXXXq6xXFXXXn.jpg


    Project board එක මත ස්ථාන 2ක් සම්බන්ධ කිරීමේදී Male to Male වර්ගයද, බාහිර ඉලෙක්ට්‍රොනික උපාංගයක් Project board හා සම්බන්ධ කිරීමේදී Female to Male වර්ගයද, ඉලෙක්ට්‍රොනික උපාංග 2ක් එකිනෙක සම්බන්ධ කිරීමේදී Female to Female වර්ගයද වැදගත් වේ.

    දැන් කට්ටයම Arduino Uno වගේ board එකක් මිලදී ගෙන අපේ ඉදිරි ලිපි වලදි කියල දෙන Projects කරන්න ආසාවෙන් ඇති කියල හිතනවා. ඒ වගේම Arduino IDE එක ඔයාලගේ computer එකේ දැනටමත් install කරගෙන ඇති කියල මම හිතනවා. අපි ඊලග ලිපියෙදී Arduino භාවිතා කරල සරල නිර්මාණයක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. Board එකක් ගන්න බැරි වුන අය ඉන්නවා නම් මට email කරන්න මට පුළුවන් එකක් ගන්න උදව් කරන්න. ඊට අමතරව ඔබට ඇති මේ සම්බන්ධව ඇති ඕනෑම ප්‍රශ්ණයක් comment මගින් හෝ email මගින් විමසන්න.


    පළමු ලිපිය - Arduino සිංහලෙන් ඉගෙන ගන්න


    දෙවෙනි ලිපිය - Arduino සිංහලෙන්‍ෙ අවශ්‍ය උපාංග හඳුනාගනිමු

    කෝඩින් සිංහලෙන් - Arduino ලිපි මාලාව
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    මේ වගේ එකක් ඉගෙන ගන්න ආසයි.. දිගටම ලියපන් මචං :)

    rep +6

    මීලග ලිපියත් ඉක්මනින්ම දාන්නම්. Thank you Machan.
    You must spread some Reputation around before giving it to ryandok again.

    +++++++++

    hank you Machan. Rep+ Back.

    දිගටම ලියපන් මචං :)

    මීලග ලිපියත් ඉක්මනින්ම දාන්නම්. Thank you Machan. Rep+ Back.

    Ela wadak... Digatama karan yamu machan! +rep

    මීලග ලිපියත් ඉක්මනින්ම දාන්නම්. Thank you Machan. Rep+ Back.