2009 යම් දිනයක. උතුරේ යම් ස්ථානයක. මම ඇතුළුව 8 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම යම් ස්ථානය ස්ථානගත උනා.. එම ස්ථානය LTTE එකේ රෙස්ටුරන්ට් එකක් වගේ ස්ථානයක්. තට්ටු දෙකක ගොඩනැගිල්ලක්. කණ්ඩායම් නායකගේ සහ අනෙක් අයගේ තීරණය අනුව එම ගොඩනැගිල්ලේ නොසිට ඉන් පිටත රැකවල්ලන ලදී.. රාත්රී 12 වන විට එම ගොඩනැගිල්ල තුලින් විශාල ශබ්ධ (වීදුරු /ටයිල් පොල්වේ ගසන හඬ) නොකඩා ඇසෙන්නට විය. සියළුම දෙනා රැය පහන් වන තුරු අවධියෙන්.. පසුදා උදෑසන පරීක්ෂා කලද කිසිවක් සිදුව නොතිබිනි. පසුදින රාත්රීයද එම ස්ථානයේම රැදීමට සිදු වූ අතර එදිනද එසේමය. භයක් හිතට නොදැනුනු අතර කුතුහලය වූයේ මේ ශබ්ධ කුමක්ද යන්න පමණි. දින දෙකක් කාලයක් එකදු විනාඩියක් හෝ ඇස් පියවන්නට අපට හැකියාවක් නොවිනි. පසුදින නියෝග අනුව එම ස්ථානයෙන් ඉවත්ව ඉදිරියට ගමන් කල අතර අදටද මාහට එක අමතක නොවන මතකයන් අතර වේ.. අදටද එය ප්රශ්නයකි. ප☺ ශබ්ධ පමණි. කිසි දෙයක් දුටුවේ නැත. මේ එක් සිදුවීමක් පමණි.
Original Post
Up
@chinmak
------ Post added on Dec 24, 2024 at 9:24 PM
Original Post
Up
@chinmak
------ Post added on Dec 24, 2024 at 9:24 PM
