Army to stay away from Sri Lanka political crisis

monson

Well-known member
  • May 7, 2007
    25,381
    28,008
    113
    Sri Lanka's Army will not get involved in an ongoing political crisis in the island triggered by the appointment of ex-President Mahinda Rajapaksa as Prime Minister, its commander has said.

    Sri Lanka's army chief Mahesh Senanayake told AFP, a new agency that the military expected politicians to "constitutionally and legally" end the dispute.

    "The army will not get involved," he said, responding to queries on the role of security forces as the constitutional crisis drags on.

    "The police are responsible for maintaining law and order and only if they require our assistance, we will help."

    There had been fears that that the military may get involved in what is being described by critics as a constitutional coup in Sri Lanka, after President Maithripala Sirisena appointed Rajapaksa as Prime Minister in a disputed move. (Colombo/Oct30/2018)

    - https://economynext.com/Army_to_stay_away_from_Sri_Lanka_political_crisis-3-12397-10.html

    ආරක්ෂක අංශ සහය නැතිව,ගෝඨා කනස්සල්ලෙන්

    Published in පුවත් Tuesday, 30 October 2018 12:36


    ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට සමීප විශ්‍රාමලත් මේජර් ජෙනරාල්වරුන් කිහිප දෙනෙකු ඊයේ ඔහු හමු වී තිබේ.

    එහිදී ඔවුන්ගෙන් බහුතරය පවසා ඇත්තේ ව්‍යවස්ථා විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කිරීම නිසා තමන්ට විදේශ රටකට යාමට තිබූ අවස්ථාව පවා අහිමි වනු ඇති බවයි. මේ වන විටත් විදේශ රාජ්‍ය කිහිපයක්ම ශ්‍රිලංකාවට එරෙහිව සංචාරක තහංචි පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව ආණ්ඩුවට එක් වන දේශපාලකටන්ට හා විධායක මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ටද එම තහංචි වලට යටත් වීමට සිදුවනු ඇත.

    ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ හිටපු අධ්‍යක්ෂ වරයකු වන මේජර් ජෙනරාල් කුමාර හේරත් මෙහිදී පවසා ඇත්තේ යුද හමුදාව අභ්‍යන්තරයේ සිතාගෙන සිටි ආකාරයේ ප්‍රබෝධයක් මහින්ද රාජපක්ෂ අගමැති වීමෙන් ඇති වී නැති බවයි.

    අනෙක් කාරණය වන්නේ මීට වසර දහයකට පෙර යුධ සමයේදි සිටි නිලධාරීන් හා සෙබලුන් අති බහුතරයක් මේ වන විට හමුදා සේවයෙහි නොමැති නිසා රාජපක්ෂලා කෙරෙහි විශේෂ ලැදියාවක් නොමැති බවය. එමෙන්ම ජාතිවාදයෙන් ආගම්වාදයෙන් පෝෂණය කරනවා වෙනුවට වර්තමානයේ හමුදා නිලධාරීන් සාමය සංහිඳියාව මානව හිමිකම් ගැන විශේෂ පුහුණුවක් ලැබු ශිෂ්ඨ සම්පන්න නිලධාරීන්ගෙන් සමන්විත් බවත් එම නිලධාරීන් පෙන්වා දී ඇත. එම නිසා ආරක්ෂක අංශ තමන්ට සහයෝගය ලබා දෙනු ඇතැයි විශ්වාස නොකළ යුතු බවද ඔහු පෙන්වා දී තිබේ. මේ තත්වය මත ගෝඨාභය රාජපක්ෂ කනස්සල්ලෙන් යුතුව පවසා ඇත්තේ යළි යුධ මානසිකත්වයක් සෙබලුන් තුල ඇති කිරීම වූයේ නැත්නම් තමන්ට පාලනය ගෙනයා නොහැකි බවය


    - https://www.lankadaily.com/latestnews/item/9775-2018-10-30-07-06-28