ආරුගම්බේ හි පිහිටි ප‍්‍රකට සංචාරක හෝටලයක් වන ‘බේ විස්ටා හොටෙල්’ වෙත කඩා වැදුනු කණ්ඩායමක් විසින් පහර දීමක් සිදු කර තිබේ.
අද අලූයම 02.00ට පමණ ත‍්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් කොළඹ සිට පැමිණි සංචාරකයින් පිරිසක් ඉලක්ක කරමින් මෙම පහර දීම සිදු කර ඇති බවට හෝටල හිමිකරු ගැමැණු පෙරේරා පොලීසියට පැමිණිලි කර තිබේ.
‘උඹලා සිංහලද.. උඹලට මෙහේ ඉන්න අයිතියක් නෑ..’ කියමින් මෙම පිරිස පහර දුන් බව පවසන හෝටලයේ හිමිකරු පවසන්නේ වගකිවයුත්තන් හැදිහත් වී තත්වය පාලනය නොකල හොත් ප‍්‍රදේශයේ ජාතිවාදී ගැටුමක් ඇතිවීම වැළැක්විය නොහැකි වනු ඇති බවයි.
හෝටලයේ සිටි දෙස් විදෙස් සංචාරකයින්ද සිදුවීමෙන් දැඩි ලෙස කම්පනයට පත්ව සිටි බව පවසන හෝටලයේ හිමිකරු මෙවන් සිදුවීම් මෙරට සංචාරක ව්‍යාපාරයට දැඩිව බලපානු ඇතැයිද කියා සිටියේය.
මෙම පහර දීම සඳහා තීරෝද රථයකින් තිදෙනෙකු පැමිණ ඇති අතර ගල්, පොලූ මුගුරුවලින් පහර දීම නිසා වෑන් රථයකට අලාභ හානි සිදුව ඇත.
" රාවණා රාවය"
Milan Senanayake : This incident is true and i m rite now in arubam bay ..these kind of racist things should be stopped before its too late ..
Source - https://www.facebook.com/politicalg...4416370566831/305403786468088/?type=3&theater
Last edited: