ASIA CUP 2023 වැස්සට හේදෙයි..පකිස්ථානයෙන් දොස්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,071
    19,942
    113
    Westනාහිර
    IGzWZrf.gif



    2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ වඩාත් අවධානය දිනා ගත් තරගය බවට පත්වූ ඉන්දියා-පාකිස්තාන මූලික වටයේ තරගය පෙරේදා (2දා) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී විසඳුමකින් තොරව නිමාවට පත් විය. තරගයේ ඉන්දීය ඉනිම නිමාවට පත්වීමෙන් අනතුරුව දිගින් දිගටම ක්‍රීඩාංගණයට වර්ෂාව ඇදහැලීම හේතුවෙන් තරගය අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කළ අතර, මේ හේතුවෙන් සුපිරි කණ්ඩායම් 4හි තරග වටයේ තම ස්ථානය තහවුරු කර ගැනීමට පාකිස්තානයට හැකිවිය.

    කෙසේ වෙතත් මෙම තරගය ප්‍රතිඵලයකින් තොරව නිමා වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති නජාම් සේති ආසියානු ක්‍රිකට් කවුන්සිලය වෙත දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රකාශයක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ අනුව ආසියානු ක්‍රිකට් කවුන්සිල සභාපති ජේ ෂා ඇතුළු ආසියානු ක්‍රිකට් කවුන්සිල නිලධාරීන්ට දැඩි දෝෂාරෝපනයක් එල්ල කරමින් හිටපු සභාපතිවරයා අදහස් දක්වා ඇතැයිද වාර්තා වේ.

    එහිදී පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල හිටපු සභාපතිවරයා මෙහිදී සඳහන් කර තිබුණේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පාකිස්තානයේදී සහ එක්සත් අරාබි එමීර් රාජයේදී පවත්වන ලෙස තමන් ඇතුළු පාකිස්තාන බලධාරීන් ආසියානු ක්‍රිකට් සංගමයෙන් ඉල්ලීමක් සිදු කළ බවයි. එසේ ඉල්ලීම් සිදු කරද්දීත් මැදපෙරදිග කලාපය තුළ උෂ්ණාධික කාලගුණයක් පවතින්නේ යැයි පවසමින් ආසියානු ක්‍රිකට් කවුන්සිල බලධාරීන් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කළ බවද නජාම් සේති පෙන්වා දී තිබිණි.
     
    • Wow
    Reactions: NRTG

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,092
    5,296
    113
    404
    දඹුල්ලට මැච් නැත්තෙ ඇයි. එහෙට ලොකු වැස්සක් නෑ දන්න විදියට. එකත් ඉන්ට්නැෂනල් ග්‍රවුන්ඩ් එකක් නෙ.
     
    • Like
    Reactions: NRTG