මේ හොර ආයතනය කැනඩාවට රැකියා සදහා යවන්න සුදානම් වන්නේ මැද පෙරදිගට සේවකයෝ යවන ආකාරය හැගවෙන දැන්වීම් දමමින්.වෙනස වන්නේ කැනඩාවේ ඒ වැනි ක්‍රමයක් ක්‍රියාත්මක නොවීමයි.
Asset Gold හි රොඩ්නි කතාවේ දක්ෂයි.චාටු බස් කියයි. ඔබව මුරුංගා ඇත්තේ තියයි. ඔබගේ කැනඩා සිහිනය පිළිබද ව අහස් මාලිගා තනයි. ඔබ එම සිහිනයෙන් පිබිදෙන විට කාලයත් මුදලත් දෙකම නැතිවී හමාරයි.
Xpressjobs වැනි රැකියා වෙබ් අඩවිවල තම දැන්වීම පල කරමින් ගම්වල තරුණ කොටස් මුලා කරගැනීමේ මේ හොරුන් ගේ නවතම ක්‍රමයයි.
කැනඩාව සංක්‍රමණයේ වීමේ ක්‍රමවේදය පිළිබද හය හතර නොදන්නා රොඩ්නි නැමැත්තා හමුවීමට කියා රු 5000 ක් හෝ ඊට වඩා මුදලක් අය කරගැනීමෙන් මේ ආයතනයේ වංචාකාරී තව දුරටත් තහවුරු කරයි. දිවයිනේ බොහෝ කැනඩාවේ විසා සම්බන්ද කටයුතු කරන පිළිගත් තැන්වල මේ ලෙස මුදලක් ගන්නේ නැත.