AstraZeneca එන්නත මගින් corona වෛරසය ශරීර ගත කරනවද?

Telegram

Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    AstraZeneca එන්නත මගින් corona වෛරසය ශරීර ගත කරනවද?
    මේ සඳහා සරලම උත්තරය තමා නැහැ කියන එක!

    මෙහිදී සිදු කරන්නේ, ප්‍රතිශක්තීකරන පද්ධතිය අනාගතයේ දිනක වෛරසය ශරීර ගත වුවහොත් එය පහසුවෙන් හඳුනාගෙන විනාශ කිරීමට ඇති හැකියාව වර්ධනය කරවීමයි. COVID19 වෛරසය හඳුනා ගැනීමට ඇති වඩාත්ම සුදුසු ක්‍රමය එම වෛරසය මතුපිට ඇති, එයටම අවේනික වූ ප්‍රෝටීන කොටසක් (spike protein) මඟිනි.
    මෙම එන්නත තුළ අන්තර්ගත වන්නේ ChAdOx1 නමැති වාහක වෛරස අණුවකි. මෙමගින් මිනිසුන් තුළ කිසිම රෝගී තත්ත්වයක් ඇතිකල නොහැකි අතර, මෙහි අන්තර්ගත DNA කොටසක් මගින් ලබාදෙන සංඥාවකට අනුව කොරෝනා වෛරසය හඳුනා ගැනීමට අදාළ ප්‍රෝටීන කොටස අප ශරීරය තුළම නිර්මාණය වේ. ඒත් සමගම ක්‍රියාත්මක වන අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් මෙම Spike protein කොටස හඳුනා ගැනීමටත් විනාශ කිරීමටත් පටන් ගැනෙනවා. මෙසේ ප්‍රෝටීන කොටස නිශේධනය කිරීම සිදු කරනු ලබන්නේ අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් spike ප්‍රෝටිනයට එරෙහිව අලුතින් නිපදවූ විශේෂිත ප්‍රතිදේහ මඟින්. මෙය නියමාකාරව සිදු වීමට සති දෙකක, තුනක පමණ කාලයක් ගතවනවා. මේ සඳහා දෙවන එන්නත් මාත්‍රාවක්ද ලබා දීමෙන් පසු මෙම ක්‍රියාවලිය යළිත් වරක් ක්‍රියාත්මකවී, ප්‍රතිදේහ විශාල ප්‍රමාණයක් අපගේ ශරීර තුළ නිර්මාණය වනවා. මෙය ශරීරය තුළ කොරෝනා වෛරසයට එරෙහිව ආයුධ ගබඩාවක් සකස් කර තැබීම වැනි ය.
    සරලව කිව්වොත් මෙම ක්‍රියාවලිය අපගේ ශරීරයේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ වෛරසයට සමාන ව්‍යුහමය කොටසක් අතර ඇතිවන කුඩා සටනක ස්වරූපයක් ගනී. අප බොහෝ දෙනෙක් අසා ඇති එන්නත්කරනයෙන් පසු ඇතිවන සුළු අතුරු ආබාධ වලට හේතුව වන්නේද මෙයයි. එම නිසා ඔබ ශරීරය තුල සිදුවන ප්‍රතිදේහ ජනනය කිරීමේ ක්‍රියාවලිය අසුබදායක දෙයක් ලෙස නොදැක එය එම ක්‍රියාවලියේ වැදගත් අංගයක් ලෙස හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.
    මේ විදියට එන්නත් කරනයට ලක් වුනු කෙනෙකුට, අනාගතයේ දිනයක කොරෝනා වෛරසය ශරීර ගත වුවහොත්, වෛරසයට එරෙහිව ප්‍රතිදේහ තමාගේ ශරීරය තුල දැනටමත් පවතින නිසා, මෙම ප්‍රතිදේහ මගින් කොරෝනා වෛරසය මතුපිට ඇති spike ප්‍රෝටීනය ඉතා ඉක්මනින් හඳුනාගෙන මුළු වෛරසයම ඉතා ඉක්මනින් සහ පහසුවෙන් විනාශ කර දමයි.
    ඔබ සන්නද්ධ වුනු මෙම නව දැනුම තවත් අය සමඟ බෙදාගෙන කොවිඩ් වසංගතය මෙරටින් තුරන් කිරීමේ කර්තව්‍යයේ කොටස්කරුවෙකු වන්න..

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    කොරෝන වෛරසයම නොවුනත්, ඊට සමාන මර්ධනය කල වෛරසයක් තමයි Astraseneca වලින් vaccinate කරන්නේ. අපිට දෙන අනික් vaccine උනත් කරන්නේ එකම තමයි. (එක නිසාම වෙන්නැති ඕවගේ මතයක් ඇතිවෙන්න හේතුවත්),

    නමුත් Moderna සහ Pfizer වලින් වෙන්නේ ඊට වෙනස් දෙයක්. ඒක අලුත්ම තාක්ෂණයක්. සරලවම කිව්වොත්, අර වෛරස් එක සිරුරට ආපු බව දැනුම්දෙන පණිවිඩකරු තමයි RNA . Vaccine එක විදිහට දෙන්නේ එම RNA ම තමයි . එවිට මර්ධනය කල වෛරසයක් නැතිවම, පණිවිඩකරු (RNA ) ගිහින් කියනවා සිරුරට Covid ඇවිත් කියල , ඒකට රැවටිලා, අපේ සිරුරින් අදාල ප්‍රතිදේහ නිපදවෙනවා.

    මෙම අලුත් තාක්ෂනය, අනාගතයේ ලොකු වෙනසක් කරවී කියලයි කියන්නේ.
     
    • Like
    Reactions: koj500

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    කොරෝන වෛරසයම නොවුනත්, ඊට සමාන මර්ධනය කල වෛරසයක් තමයි Astraseneca වලින් vaccinate කරන්නේ. අපිට දෙන අනික් vaccine උනත් කරන්නේ එකම තමයි. (එක නිසාම වෙන්නැති ඕවගේ මතයක් ඇතිවෙන්න හේතුවත්),

    නමුත් Moderna සහ Pfizer වලින් වෙන්නේ ඊට වෙනස් දෙයක්. ඒක අලුත්ම තාක්ෂණයක්. සරලවම කිව්වොත්, අර වෛරස් එක සිරුරට ආපු බව දැනුම්දෙන පණිවිඩකරු තමයි RNA . Vaccine එක විදිහට දෙන්නේ එම RNA ම තමයි . එවිට මර්ධනය කල වෛරසයක් නැතිවම, පණිවිඩකරු (RNA ) ගිහින් කියනවා සිරුරට Covid ඇවිත් කියල , ඒකට රැවටිලා, අපේ සිරුරින් අදාල ප්‍රතිදේහ නිපදවෙනවා.

    මෙම අලුත් තාක්ෂනය, අනාගතයේ ලොකු වෙනසක් කරවී කියලයි කියන්නේ.
    මේ technology එක අවුරුදු 50 ක් විතර තිස්සේ implement කරපු එකක්. 2019 අග වගේ වෙනකොට තමයි මේක advanced උනේ. හැබැයි මේවා trials ගිහින් තියෙන්නේ අඩුවෙන්. ගොඩක් අඩුපාඩු තියෙනවා මේ Technology එකේ තාම.
    Vector based technology එක තාම හොදටම ක්‍රියා කරනවා. Johnson and Johnson එකේ jenssen AstraZenica, වගේ ඒවා implementation එකට කල් ගියාට jenssen vaccine එකේ 100% survival percentage එකක් තිබුනා.
     
    • Like
    Reactions: nalinpr