Asx Education

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    Sex Education.........!!

    අද බලමුද එහෙනම් පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඇතිවෙන රෝගාබාධ ටිකක් ගැන.

    වෘෂණවල පිළිකා

    වෘෂණ ගත්තම වෘෂණවල ඇතිවෙන්ඩ පුළුවන් භයානකම දෙයක්නේ පිළිකා කියන්නේ.ඒ උනත් වෘෂණවල පිළිකා එච්චර බහුලව දකින්ඩ නෑ වගේම ගොඩක් වෙලාවට ප්‍රථිකාරවලින් හොඳ කරගන්ඩ පුළුවං කියලයි කියන්නේ.වේදනාවකින් තොර වෘෂණයේ ඉදිමුමක් හෝ එක වෘෂණයක ඇතිවෙන ගැටිත්තක් විදිහට තමයි මුළින්ම පිළිකාව අදාල රෝගියාට දකින්ඩ ලැබෙන්නේ.මේ ගැටිත්තනං ඉතිං බිරින්දෑ උනත් හොයා දෙන්ඩ බැරි නෑ.ඒ වගේම පිළිකා කියන්නේ ඇඟේ වෙනත් තැංවලටත් පැතිරෙන්න ඉඩ තියෙන දෙයක්නේ.ඉතිං මේ වෘෂණවල පිළිකා එහෙම වෙන තැංවලට පැතිරිලා තිබ්බොත් බෙල්ලේ මුල හරියේ වසා ගැටිති ඉදිමීම (වසා පද්ධතිය හරහා පැතිරී යෑම ), ඔක්කාර ගතිය සහ කන්ඩ බැරි ගතිය (අහාර මාර්ගයට ඇතිරීම නිසා ), කැස්ස, හුස්මගැනීමේ අපහසුතාවය, කැස්ස සමඟ රුධිරය පිට වීම සහ පපුවේ වේදනව ඇතිවෙන්ඩ පුළුවන් පෙනහළු සහ පපුව ආශ්‍රිත ප්‍රදේශවලට පැතිරීම නිසා.

    වෘෂණවල වේදනාවක් ඇතිවෙන්ඩ වගේම නැතිවෙන්ඩත් පුළුවන්.ඒක හින්දා මෙච්චර වැදගත් ඉන්ද්‍රිය ඉඳලා හිටලා පොඩ්ඩක් අල්ලලා බලන්ඩ.වෙනසක් ප්‍රමාණයේ වෙනසක්, වෙනත් අසාමාන්‍ය වර්ධනයක් තියෙනවානං වෛද්‍යවරයෙකුට පෙන්නන එක තමයි හොඳ.


    3972120473_6bf8c360d2.jpg


    හයිඩ්‍රොසීල් හෙවත් වෘෂණ වටා තරලයක් එකතු වීම

    මේකෙදි වෙන්නේ වෘෂණ වටේට තියෙන පටලයක් අස්සට වතුර වගේ තරලයක් එකතු වීම.මේක භයානක තත්ත්වයක් නොවුනත් හෙන ලොකු මල්ලක් කකුල් දෙක මැද්දෑවේ එල්ලං ඉන්න එක හරි අපහසුයිනේ.ඒක හින්දා මේක ශල්‍යකර්මයකින් නිවැරදි කරනවා.බොහොම සරළ ශල්‍යකර්මයක්.බය වෙන්ඩ දෙයක් නෑ.


    Left_Hydrocele_2_040316.jpg
    hydrocele.jpg



    ඔය උඩ තියෙන රූප දෙකෙන් පළවෙනි එක වගේ ඒවා තමයි සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නෙ.මොකද ඒ අය වෛද්‍ය ප්‍රථිකාරවලට යොමු වෙන හින්දා ඔය ඊළඟට තියෙන එක වගේ එකක් ඇතිවෙන්ඩ තියෙන අවස්ථාව අඩුයි. දෙවෙනි එකේ පේනවද වෘෂණය වටේ තරලය එකතු වීම නිසා වෘෂණකෝෂයේ ප්‍රමාණය විශාල වෙනකොට ශිෂ්ණයත් ඒ මල්ල ඇතුලටම ඇදිලා ගිහිං හැංගිලා තියෙන හැටි.ඔච්චර ලොකු නැතත් එහෙම ආසන්න වශයෙන් ශිෂ්ණය නොපෙනීම වගේ ගිය එක්කෙනෙක් දැකලා තියෙනවා.ශල්‍යකර්මයේදී වෘෂණයේ ආවරණය සිදුරු කරලා තරලය ඉවත් කරද්දි වෘෂණ කෝෂය ඇතුලෙ ඉඳං ශිෂ්ණය එළියට ආවේ නාගයා වගේ තමයි.


    වෘෂණයේ ඇඹරීම හෙවත් ටෝර්ෂන් කියන තත්ත්වය

    මේක සිද්ධ වෙන්නේ ඔය වෘෂණ කෝෂේ ඇතුලේ තියෙන වෘෂණයක් කැරකැවුනාම.එතකොට වෘෂණයට සම්බන්ධ වෙලා තියෙන රුධිර නාල ටිකත් ඇඹරිලා යනවනේ හරියට නැට්ට කරකවලා ගහකින් ගෙඩියක් කඩන්න යනවා වගේ.මෙහෙම රුධිර නාල ඇඹරුනාම වෘෂණයට රුධිර සැපයුම අඩාල වෙලා වෘෂණයේ පටක මැරෙන්ඩ ඉඩ තියෙනවා.මේ තත්ත්වයේදී වෘෂණ කෝෂයේ එක පැත්තක දරාගන්ඩ අමාරු වේදනාවක් එක පාරටම ඇතිවෙන්ඩ පුලුවන්.ඒ වගේම වෘෂන කෝෂය ඉදිමෙන එකත් සිද්ද වෙනවා.මෙහෙම උනාම වෘෂණය ආපහු කරකවන්ඩ උත්සාහ කරන්ඩ හොඳ නෑ.මොකද කොයි පැත්තට කැරකිලාද කවුද දන්නේ.අනික ඉවසන්ඩ බැරි වේදනාව එක්ක මොකුත් කරන්ඩ බෑ.හැකි ඉක්මනින් රෝහලකට යන එක තමයි කරන්ඩ ඕනෙ.එහෙදි ශල්‍යකර්මයක් කරලා වෘෂණය නියම විදිහට පත් කරනවා විතරක් නෙමෙයි ආපහු කැරකෙන්නැති විදිහට වෘෂණ කෝෂ‍යට සවි කරන එකත් කරනවා.


    2402_2419_2.jpg



    වෘෂණ සහ අපිවෘෂණවල ඇතිවෙන ආසාදන

    මේ තත්ත්වයන් ඇති කිරීමට ප්‍රධාන වශයෙන් හේතුවෙනවා ආහාර මාර්ගයේ සාමාන්‍යයෙන් වාසය කරන Escherichiya coli කියන බැක්ටීරියාව, ගොනෝරියාව කියන ලිංගාශ්‍රිත රෝගය හදන Gonococcus කියන බැක්ටීරියාව, සහ chlamydiae කියන පරපෝෂිතයින්.එයිට අමතරව ක්ෂය රෝගය හදන්ඩ හේතුවෙන tuberculosis කියන බැක්ටීරියාවත් වෘෂණ සහ අපිවෘෂණවල ආසාදන හදන්ඩ පුළුවන්.ඊට අමතරව සිපිලිස් කියන ලිංගාශ්‍රිත රෝගය හදන බැක්ටීරියාව වගේම කම්මුල් ගාය හදන්ඩ හේතුවෙන Mumps වෛරසයත් ආසාදනය වෙන්ඩ පුළුවන්.පිරිමි ඈයො ලිංගිකව පරිණත උනාට පස්සේ මේ කම්මුල්ගාය හදන Mumps වෛරසය ආසාදනය උනොත් ඒ පුද්ගලයාගේ ශුක්‍රාණු ජනනය සම්පූර්ණයෙන්ම වගේ නැතිවෙලා යන්ඩ පුළුවන්.මේ තත්ත්වය නැති කරන්ඩ තමයි MMR කියන එන්නත පොඩි කාලෙදි ලබා දෙන්නේ.මේ එන්නතෙන් උනත් ලැබෙන්නේ 80%ක විතර ආරක්ෂාවක් විතරයි.ඒ නිසා පරිස්සම් වෙන එක කෝකටත් හොඳයි.එහෙම නැත්තං පොඩි කාලෙදිම ලෙඩේ හදවා ගත්තොත් ඒකත් හොඳයි නේ.

    මේ ආසාදනවලින් ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ ශුක්‍රාණු ජනනය අඩාල වීම හෝ ශුක්‍රාණු ප්‍රවාහනය අඩාල වීම නිසා පුද්ගලයාගේ ප්‍රජනක ශක්තිය අඩු වීම හෝ නැති වීම තමයි.ඒ වගේම කලාතුරකින් පටකවලට ලැබෙන රුධිර ප්‍රමාණය අඩු වීම නිසා පටක මිය යාමත් වෙන්ඩ පුළුවන්.

    වෙනම මාතෘකාවක් යටතේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ගැන කියන්ඩ බලාපොරොත්තු වෙන නිසා ඒ ගැන මෙතන කියන්ඩ බලාපොරොත්තු වෙන්නේ නෑ.


    බරවා

    1-s2.0-S2210261212000375-gr1.jpg


    බරවා රෝගය ගැන ඕනෙ තරම් අහලා ඇතිනේ.ඒක මදුරුවෙක්ගෙන් බෝ වෙනවා, ඒක හැදුනම කකුල් ලොකු වෙනවා කියලනේ අහලා තියෙන්නේ වැඩි පුරම.නමුත් මේ බරවා රෝගය නිසා වෘෂණ කෝෂත් විශාල වෙන්ඩත් පුළුවන්.මේ රූපයේ තියෙන තර විශාල ඒවා හැම තිස්සෙම දකින්ඩ නැති උනාට වෘෂණ කෝෂ වගේම කාන්තාවන්ගේ පියයුරු එහෙමත් සැලකියයුතු විදිහට විශාල වෙන්ඩ මේ බරවා රෝගය හේතු වෙන්ඩ පුළුවන්.මීට පස්සේ බරවා පෙති බොන්ඩ ඈ.අනික මදුරුවෝ බෝ වෙන එක වල්ක්වන්ඩත් පියවර ගන්ඩ.බරවා වැඩිපුර තියෙන්නෙත් මේ කොළඹ අවට හරියෙමනේ.ඔය දෙහිවල පැත්තෙ එහෙම අය පරිස්සමෙන් ඈ.හැබැයි ඔන්න පියයුරු ලොකු වෙනවා කිව්වම අනේ එහෙනං මගෙ ගෑනිට බරවාවත් හදෝලා බලන්ඩ ඕනෙ කියලා හිතන්ඩ එපා ඈ.ලොකු උනාම පේනවනේ විල් බැරැක්කයක් ඕනේ වෙනවා අරං යන්ඩ.

    M1600040-Woman_with_a_breast_enlarged_by_elephantiasis-SPL.jpg
     
    Last edited:

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    වැරිකොසීල්

    මේ කියන්නේ වෘෂණයේ රුධිරය ආපහු අරන් යන ශිරා කියන රුධිර වාහිනීවල රුධිරය එකතුවෙලා විශාල වෙන අවස්ථාවට.මේකත් ඔය කකුල්වල නහර ගැටගැහෙනවා වගේම තමයි.නිදාගෙන ඒ කියන්නේ ඇලවෙලා ඉන්න කොට ප්‍රාමාණයෙන් කුඩා වෙන වගේම හිටගත්තාම ලොකුවෙන වෘෂණ කෝෂයක් තමයි මේකෙදි දකින්ඩ ලැබෙන්නේ.ඒ වගේම හිටගෙන ඉද්දි අල්ලලා බැලුවාම හරියට පණුවෝ පුරවලා ඉන්න මල්ලක් වගේ අහුවෙනවා.මේකත් ශල්‍යකර්මයකින් සුව කරගන්ඩ පුළුවන්.


    VaricoceleAnatomy.jpg


    නොමග ගිය වෘෂණ

    වෘෂණ හැදෙන්නේ පොඩි එකාගේ බඩ ඇතුලේනේ.ඊට පස්සේ ඒවා ඇඟෙන් එළියේ තියෙන වෘෂණ කෝෂ ඇතුලට වැටෙනවා සාමාන්‍යයෙන් ඉපදෙන්ඩ කළිං.සමහරුන්ගේ මේ විදිහට වෘෂණ එකක් හෝ දෙකම වෘෂණ කෝෂවලට ඇවිත් නොතියෙන්ඩ පුළුවන් ඉපදෙද්දි.සමහරුන්ගේ ටිකක් කල් ගිහින් මේ වෘෂන වෘෂණ කෝෂවලට එන්ඩ පුලුවන් උනත් සමහරුන්ගේ එහෙම එන්නේ නෑ.ශරීරය ඇතුලේ උෂ්ණත්වය වෘෂණවල ශුක්‍රාණු ජනනයට උචිත නෑ.ඒක හින්දා මෙහෙම ඇඟ ඇතුලේ තියෙන වෘෂණවල ශුක්‍රාණු හැදෙන්නෑ වගේම සමහර වෙලාවට මේ වෘෂණවල පිළිකාමය තත්ත්වයක් ඇතිවෙන්ඩත් පුළුවන්.

    ඒ වගේම මේ විදිහට වෘෂණකෝෂවලට එන වෘෂණ පාර වැරදිලා වෙන තැන්වලටත් යන්ඩ පුළුවන්. මේ හැම එකක්ම වගේ ශල්‍යකර්මයකින් නිවැරදි කරගන්ඩ පුළුවන්.එහෙම බැරි නම් ඇඟ ඇතුලේ තියෙන වෘෂණ ඉවත් කරන්ඩත් වෙන අවස්ථාත් තියෙනවා.මොකද පිළිකාමය අවධානමක් තියෙන හින්දා.



    පුරස්ථිති ග්‍රන්ථියේ අසාමාන්‍ය වර්ධනයන්

    මේවා පිළිකාමය හෝ පිළිකාමය නොවන ඒවා වෙන්න පුළුවන්.මේ තත්ත්වයන් සාමාන්‍යයෙන් ඇතිවෙන්නේ තරමක් වයස්ගත උනාම.ඒ කියන්නේ 40-50 සහ ඊටත් වැඩි වයස්වල අයට.

    පිළිකාමය නොවන වර්ධනයන් නිසා මුත්‍රා කිරීමේ අපහසුතා එන්ඩ පුළුවන්.ඒ කියන්නේ මුත්‍ර පිට කරන්ඩ හැදුවට එකපාරට මුත්‍ර පිට වෙන්නෙ නැතුව හිර වුනා වගේ දැනෙන්ඩ පුළුවන්.මුත්‍ර දුරට විදලා යන එක අඩුවෙන්ඩ පුළුවන්.මුත්‍ර කරලා ඉවර උනාට පස්සේ බින්දු බින්දු වැක්කෙරෙන්ඩ පුළුවන්.මේ විදිහේ ලක්ෂණ ඇතිවෙන්නේ පුරස්ථිති ග්‍රන්ථිය මුත්‍ර මාර්ගය වටේට පිහිටලා තියෙන හින්දා.ඉතිං ග්‍රන්ථිය ලොකු වෙද්දී මුත්‍ර මාර්ගය පොඩි වෙලා යනවා.

    පුරස්ථිති ග්‍රන්ථි පිළිකාව බහුලව දකින්ඩැ හම්බවෙන පිළිකාවක්.ඒක ටෙස්ටොස්ටෙරොන් මත යැපෙන වර්ගයේ එකක් නිසා සමහර අවස්ථාවලදී පිළිකාවත් එක්කම වෘෂණ දෙකත් ඉවත් කරන්ඩ සිද්ද වෙනවා.එතකොට ඇඟේ ටෙස්ටොස්ටෙරොන් නිපදවීම අඩුවෙන නිසා පිළිකාවේ වර්ධනය අඩාල වෙලා යනවා.මේක ගොඩක් හැදෙන්නේ වයසට ගියාම නිසා ගැටළුවක් ඇතිවෙන්නේ නෑ.



    ශිෂ්ණයේ ඇතිවෙන පිළිකා

    මේවා බොහොම කළාතුරකින් ඇතිවෙන පිළිකාමය තත්ත්වයක්.සුන්නත් කරපු අය අතර මේ පිළිකා ඇතිවීමේ අවධානම ගොඩක් අඩුයි කියලයි කියන්නේ.යුදෙව්වන්ගේ දකින්නම නැති තරම්ලු.ඔවුන් උපන් ගමන් සුන්නත් කරන නිසා.මුස්ලිම්වරුන්ගේ ගොඩක් අඩුයිලු.ඔවුන් පොඩි කාලෙම සුන්නත් කරන නිසා.පිළිකාවේ වර්ධනය ගොඩක් වැඩි අවස්ථවලදී ශිෂ්ණය කපා ඉවත් කරන්ඩ සිද්ද වෙනවා.බොහෝ විට මේත් සමඟ වෘෂණත් ඉවත් කරන්නේ ඒ අයට ලිංගික ආශාවන් ඇති වීම නැති කරන්ඩලු.මෙව්වා එක අයින් කළාට පස්සේ ආශාවන් ආවාම මොනවා කියලා කරන්ඩද?ඒ වගේ මනුස්සයෙක් කොච්චර අසරණ වෙනවද කියලා මටනම් හිතාගන්ඩවත් බෑ.


    penile_amputation-150x150.jpg






    Issuwe "Sithuvilli" Walin.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ශිෂ්ණයේ ප්‍රමාණය ගැන කළබල විය යුතු නැත.ශිෂ්ණයේ ප්‍රමාණය මත ඔබේ හෝ සහකාරියගේ තෘප්තිය රඳා පවතින්නේ යැයි කිසි විටක සිතන්න එපා.ශරීරයේ ප්‍රමාණයට සාපේක්ෂකව විශාලම ශිෂ්ණය හිමි වන්නේ මිනිසාටයි.කොහොමත් කාන්තාවක් තෘප්තිමත් කිරීමට අඟල් 4ක් දිග ශිෂ්ණයක් තිබීම ප්‍රමාණවත් කියලයි කියන්නේ.අනික ඔබේ සහකාරිය ඔබේ ශිෂ්ණය ප්‍රමාණවත් නැතැයි ඔබට චෝදනා කරන්නේ නම් (ඔබ සැළකිල්ලට ගත යුත්තේ ඔබේ සහකාරියගේ චෝදනා පමණි.ලෝකයා මොන කතා කිව්වත් ඒ කිසිවෙකුත් ඔබගෙන් ලිංගික තෘප්තිය බලාපොරොත්තු නොවන නිසා ඒ වෙනුවෙන් වෙහෙසී පළක් නැත.) ඔබ කළ යුත්තේ ඇය යෝනි මාර්ගය විශාල කර ගැනීම පිළිබඳව දොස් පැවරීමය.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අදහස් පළකරලා, මොනා හරි.... කියලම යන්න:

    :D:D:D:D:D:D:D:D
    :D:D:D:D:D:D:D:D
    :D:D:D:D:D:D:D:D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203F5.gif



    ෆොටෝ ටික දැක්කහම යටිකය හිරිවැටී ගියා මචෝ ,,,,,
    නියම ත්‍රෙඩ් එක යාළුවා.කරුණු රැසක් දැනගත්තා.
    බොහෝම ස්තුතියි යාළුවා ............

    (රෙප් ඉවරයි මචෝ ,,,අනිවා හෙට දෙනවා)
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    000203F5.gif



    ෆොටෝ ටික දැක්කහම යටිකය හිරිවැටී ගියා මචෝ ,,,,,
    නියම ත්‍රෙඩ් එක යාළුවා.කරුණු රැසක් දැනගත්තා.
    බොහෝම ස්තුතියි යාළුවා ............

    (රෙප් ඉවරයි මචෝ ,,,අනිවා හෙට දෙනවා)

    Tnz.......Buwaaaaaa
     
    • Like
    Reactions: NUWAN BUWA