ATM යන්ත්‍රය ගලවාගෙන ගිය කල්ලියේ එකම පවුලේ සහෝදරයින් 4 දෙනෙක්

corp

Well-known member
  • Jan 12, 2016
    2,275
    963
    113
    MEHEMA GEMAK DEDDI WATH PLAN KARALA NEANE HARIYATA

    ගම්පොළ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් මුදල් සමග ATM යන්ත්‍රයක් ගලවාගෙන ගිය සැකකරුවන් 7 දෙනා අතර සිව් දෙනෙකු එකම පවුලේ සහෝදරයින් බව පොලීසිය පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ඔවුන් අතරින් දෙදෙනෙක් නිවුන් සහෝදරයින් බවය.

    ඒ අනුව අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 07 දෙනෙකු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

    ගම්පොළ ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙක්, ගලහ ප්‍රදේශයේදී සැකකරුවන් තිදෙනෙක් සහ පුත්තලම ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙක් එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

    සැකකරුවන් 6 දෙනෙක් ඝෘජුව මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන අතර සැක පිට අනෙක් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් සියලුදෙනා වයස අවුරුදු 24ත් 40ත් අතර වයසේ පසුවන පුද්ගලයින් ය.

    සැකකරුවන් කුලී වෑන් රථයක් රැගෙන ගම්පොළ ප්‍රදේශයට පැමිණ පෞද්ගලික බැංකුවකින් මෙම ATM යන්ත්‍රය ගලවාගෙන ගොස් තිබුණි.

    රුපියල් 76 ලක්ෂයකට ආසන්න මුදලක් සැකකරුවන් අදාළ ATM යන්ත්‍රය තුළ තිබී ලබාගෙන ඇති අතර පසුව එය ප්‍රපාතයකට විසිකර තිබේ.

    පොලීසිය විසින් අදාළ ATM යන්ත්‍රය ද සොයාගෙන ඇති අතර සැකකරුවන් සතුව තිබූ පිස්තෝල ගිනිඅවියක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඉකුත් වසරේ මැයි 09 වනදා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි මහතාගේ නිවසට ගිනිතබන ලද අවස්ථාවේදී නිවස තුළ තිබී පැහැරගත් ගිනිඅවිය සහ ඊට අදාළ උණ්ඩ 10ක් එලෙස සැකකරුවන් සන්තකයේ තිබූ බවය.

    කොල්ලකන ලද මුදල්වලින් රුපියල් 18 ලක්ෂ 70,000ක මුදලක් සැකකරුවන් සතුව තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත.

    එම මුදල්වලින් රුපියල් 13 ලක්ෂ 50,000ක් වියදම් කර සැකකරුවන් වෑන් රථයක් ලබාගෙන ඇති අතර එයද මේ වනවිට පොලීසිය විසින් සොයාගෙන තිබේ. තවද රුපියල් ලක්ෂ 02ක් වියදම් කර යතුරුපැදියක් ද මිලදී ගෙන ඇති අතර එයද පොලීසිය භාරයේ පවතී.

    මෙම මුදල්වලින් මිලදී ගත් රුපියල් 190,000ක් පමණ වටිනා රන් මාලයක්, රුපියල් 150,000ක් පමණ වටිනා තවත් රන් මාලයක්, රුපියල් 114,000ක් පමණ වටින රෙදි සෝදන යන්ත්‍රයක්, රුපියල් 60,000ක් පමණ වටින තවත් රෙදි සෝදන යන්ත්‍රයක්, රුපියල් 260,000ක වටිනාකමකින් යුත් ජංගම දුරකතක 3ක්, රුපියල් 33,000ක් වටිනා රන් මුදුවක් සහ ගෑස් ළිපක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

    ඊට අමතරව තවත් භාණ්ඩ රාශියක් සොයාගැනීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    සැකකරුවන් විසින් මුදල් පියවීම් සහ බැංකුගත කිරීම් රාශියක් සිදුකර ඇති බවද පොලීසිය පවසයි.

    මෙම සැකකරුවන් මීට පෙරත් ගම්පොළ ප්‍රදේශයේ බැංකුවකට ඇතුළුවී එහි සේප්පුවක් කඩා මුදල් කොල්ලකෑමේ සිද්ධියක් වාර්තාවී ඇති බවත්, තවත් රන් භාණ්ඩ වෙළෙඳසැල් දෙකක රන් භාණ්ඩ සොරාගැනීමේ සිද්ධියක් ද අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිතය.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඉකුත් වසරේ මැයි 09 වනදා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි මහතාගේ නිවසට ගිනිතබන ලද අවස්ථාවේදී නිවස තුළ තිබී පැහැරගත් ගිනිඅවිය සහ ඊට අදාළ උණ්ඩ 10ක් එලෙස සැකකරුවන් සන්තකයේ තිබූ බවය.
    අරගල වේසිගෙ පුතාලා #SystemChange කරලා 🤭
     
    • Like
    Reactions: corp

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,318
    113
    Mother Earth
    යකෝ ප්ලෑන් කරල කරපල්ලා කරන දෙයක්. මිනී නොමරා ඔය වගේ දෙයක් කරාට අවුලක් නෑ. 🙂
     
    • Like
    Reactions: corp

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,283
    9,182
    113
    එකම පවුලේ සහෝදරයෝ 4 දෙනෙක් :rolleyes: :rolleyes:

    image_4c3fc3fe22.jpg