ATM විකෘති_මුදල් නෝට්ටු කැමරාවට පෙන්වන්න

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,372
    47,315
    113
    ATM විකෘති_මුදල් නෝට්ටු කැමරාවට පෙන්වන්න

    ATM යන්ත්‍රයෙන් ලැබුණු මුදල් නෝට්ටු විකෘති හෝ හානිවූ ඒවා නම් වහාම කැමරාවට පෙන්වන්න


    altered-currency-notes-562x293.jpg


    මහජනයා සතුව ඇති, අකුරු, ඉලක්කම් ලිවීමෙන්, ඉරි ඇදීමෙන් සහ වෙනත් අනවශ්‍ය දේ ලිවීමෙන් විකෘති කරන ලද මුදල් නෝට්ටු වාණිජ බැංකු වෙත බාරදී ඒ වෙනුවට පිරිසිදු මුදල් නෝට්ටු ලබා ගැනීම සඳහා දී තිබූ කාලය මාර්තු 31 දිනෙන් පසු අවසන් වන අතර කුමන හේතුවක් නිසාවත් එම දිනය දීර්ඝ නොකරන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

    1949 අංක 58 දරණ මුදල් පනතේ 85 ( ඊ) රෙගුලාසිය අනුව මහ බැංකුව විසින් නිකුත් කරන ලද මුදල් නෝට්ටුවක් කිසිවකු විසින් විකෘති කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි.

    එසේ සිතා මතා විකෘති කරන ලද මුදල් නෝට්ටුවක් මාර්තු 31 වැනිදායින් පසු ගනුදෙනු කරුවකු සතුව තිබුණහොත් එහි පාඩුව විද දරා ගැනීමට සිදුවන්නේ එම ගනුදෙනුකරුටම බැවින් මාර්තු 31 දාට පෙර තමන් සතුව එවැනි නෝට්ටු තිබේනම්, වාණිජ බැංකුවලට ලබාදී පිරිසිදු නෝට්ටු ලබා ගන්නා ලෙස ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිකරී, දීපා සෙනෙවිරත්න මහත්මිය පැවසූ බව රජයේ නිල පුවත් වෙබ් අඩවිය සඳහන් කර සිටී.

    නෝට්ටුවේ අනුක්‍රමික අංකය, අත්සන, නිකුත් කළ දිනය, දිය සළකුණ යන මුදල් නෝට්ටුවක තිබිය යුතු ලක්ෂණවලට හානි පැමිණ තිබේනම් එය භාවිතයෙන් ඉවත් කළ යුතු බවද සෙනෙවිරත්න මහත්මිය සඳහන් කළාය.

    විකෘති කළ මුදල් නෝට්ටු මාරු කර ගැනීමේ දිනය මාර්තු 31 ලෙස දක්වා තිබුණද ගංවතුර , ගිනි ගැනීම් වැනි ස්වාභාවික ආපදා හෝ දෛනික භාවිතයේ දී හානි සිදුවන මුදල් නෝට්ටු එලෙස මාරු කර ගැනීමට නිශ්චිත දිනයක් නොමැත. ඒවා ඕනෑම දිනයක ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කිරිමෙන් මාරු කර ගත හැකිය.

    එහෙත් ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමේදී විකෘති කළ නෝට්ටුවක් ගනුදෙනුකරුවෙකුට ලැබුණහොත් එහි වගකීම පැවරෙන්නේ අදාළ බැංකුවටය. මුදල් ලබා ගැනීමේදී එවැනි නෝට්ටුවක් හසු වුවහොත් කළ යුත්තේ විකෘති කර ඇති හෝ හානියට පත් වී ඇති එම මුදල් නෝට්ටුව ATM යන්ත්‍රයේ සවි කර ඇති කැමරාව වෙත දර්ශනය කර අදාළ බැංකුව වෙත ගෙන ගොස් දී ඒ වෙනුවට පිරිසිදු නෝට්ටුවක් ලබා ගැනීම බවද සෙනෙවිරත්න මහත්මිය පැවසුවාය.


    Source:Ada derana
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    dan kattiya baninne nedda oya wadeta :P

    ඒ වැඩේනම් හොඳයි නේද.. නැත්තං අපේ රටේ කොල සල්ලි දැක්කාමත් එපා වෙනවා.. අනික ඒ.ටී.එම් මැෂින් එකේ වැඩෙත් හොඳයි.. ප්‍රශ්නේ තියෙන්නේ ඒ.ටී.එම් එකේන් ගත්තේ කිය කිය පාරේ යන අයත් ගිහින් සල්ලි මාරු කරන්න හදයිද කියන එක..:baffled: ඒටීඑම් එකේ කැමරා පෲෆ් ඒ වෙලාවෙම චෙක් කරලා බලනවනම් හොඳයි.:yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113


    ඒ වැඩේනම් හොඳයි නේද.. නැත්තං අපේ රටේ කොල සල්ලි දැක්කාමත් එපා වෙනවා.. අනික ඒ.ටී.එම් මැෂින් එකේ වැඩෙත් හොඳයි.. ප්‍රශ්නේ තියෙන්නේ ඒ.ටී.එම් එකේන් ගත්තේ කිය කිය පාරේ යන අයත් ගිහින් සල්ලි මාරු කරන්න හදයිද කියන එක..:baffled: ඒටීඑම් එකේ කැමරා පෲෆ් ඒ වෙලාවෙම චෙක් කරලා බලනවනම් හොඳයි.:yes:

    load karana cash serial un laga thiyanwa ban
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Minissunta wena weda neththan hodai banku gane duwa duwa salli maru karanna.

    Bank counter ekenuth denawa wikurthi karapu kola. Laksha 10 withara bank 1 n aran oka ethana check kara kara inna puluwanda? Oya decision ganna ewunge mole thienne pu*ke da koheda. Kalakanni.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Minissunta wena weda neththan hodai banku gane duwa duwa salli maru karanna.

    Bank counter ekenuth denawa wikurthi karapu kola. Laksha 10 withara bank 1 n aran oka ethana check kara kara inna puluwanda? Oya decision ganna ewunge mole thienne pu*ke da koheda. Kalakanni.
    :yes::yes::yes::angry::angry::angry:
    ඇත්ත බන්. ලක්ෂ දහයක් නෙමෙයි රුපියල් දහදාහක් එකින් එක බලන්නත් වෙලා යනවා .පෝලිමේ ඉන්න පස් හය දෙනෙක් ඔහොම බලබල හිටියොත්
    අනිත් උන්ට දවසම බඩු බනිස්.නෝට්ටු නවල කරල පොඩිකරලා,ගූ කරල පාවිච්චිකරන එකේ වනචරකම මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න ඕන.ඉස්කෝලේ පලවෙනි පන්තියේ ඉඳන්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    කැමරාව කොහෙද බන් තියෙන්නේ .. බත් මුලකුත් බැදගෙන ATM එකට ගියානම් හරි ලක්ෂයක් විතර ගැන ගැන හිටිය හැකි දවස පුරා :rofl:
     
    Last edited: