අධිතාක්ෂණික කැමරා මෙවලම් යොදාගෙන ටෙලර් යන්ත්‍රවලට හොරෙන් රිංගූ බල්ගේරියානුවන් හතරක් දැලේ
පුද්ගලික බැංකුවල ටෙලර් යන්ත්‍ර තුළට ඉහළින් ඇති විදුලි ලාම්පු තුළට අධි තාක්ෂණික කැමරා හා පරිපථ සවිකරමින් දෙස්, විදෙස් ගනුදෙනුකරුවන්ගේ දත්ත සොරකම් කර රුපියල් කෝටි ගණනින් වංචා කළ ජාත්‍යන්තර වශයෙන් සංවිධානය වූ සංවිධානාත්මක කල්ලියකට අයත් බල්ගේරියානු ජාතිකයන් සිව් දෙනකු රහස් පොලිසිය මගින් ඊයේ (28) ගාල්ල, මිරිස්සේ දී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සංවිධානාත්මක කල්ලියේ නායකයකුද අත්අඩංගුවට ගත් පිරිසේ සිටින අතර, මතෛක් මෙරටදී හමු නොවූ මෙවැනි ජාවාරම් සඳහා යොදා ගන්නා අධි තාක්ෂණික කැමරා, දුරස්ථව පාලනය කරමින් බැංකු ටෙලර් යන්ත්‍රවල මුදල් ගන්නා අයුරු වීඩියෝ දර්ශනවලින් නැරඹිය හැකි රිසිවර්, විද්‍යුත් පරිපථ, ව්‍යාජ කේරඩිට් කාඩ්පත් හා ටෙලර් යන්ත්‍රවලින් ලබාගත් මුදල්ද ඇතුළු උපකරණ රැසක් සොයාගෙන ඇත.
මෙම සංවිධානාත්මක කල්ලිය ඉකුත් දෙසැම්බර් 06 දා සිට සම්පත් බැංකුවේ හුදකලාව තිබෙන ටෙලර් යන්ත්‍ර ඇති තැන් සොයාගොස් රාත්‍රි කාලයට ඒවායේ සිවිලිමේ විදුලි පහන් ගලවා ඒ තුළට රහසිගත කැමරා සවිකර ඇති විදුලි පහන් සවිකර ඇති බව හෙළි වී ඇත. මුලින්ම බැංකුවේ ටෙලර් යන්ත්‍රයේ ඇති විදුලිපහන් වර්ගය හඳුනාගෙන එවැනි එල්.ඊ.ඩී. විදුලි බල්බ වෙළෙඳසලෙන් මිලදීගෙන ඒවා තුළට සූක්ෂ්ම ලෙස සියුම් කැමරාවක් ඇතුළු කර විශාල දත්ත ප්‍රමාණයක් පටිගතවන චිපයක් සමග පරිපථයක්ද එයට සවිකර විදුලි බල්බය ආකාරයෙන්ම සවිකර යන අයුරු රහස් පොලිසිය ඇරඹි විමර්ශනයේ දී අනාවරණය වී ඇත.
මෙම විදේශිකයන් රාත්‍රි කාලයට බැංකුවල ටෙලර් යන්ත්‍ර තුළට මුහුණු ආවරණය කරගනිමින් රිංගා ඒවා තුළ දී තත්පර ගණනක් ඇතුළත රහසිගත කැමරා පද්ධතිය සවිකර යන බවද අනාවරණය වී ඇත.
මේ අනුව අධීක්ෂණ රාජකාරිවල නිරත වූ රහස් පොලිස් කණ්ඩායම් විදේශික කල්ලිය පිළිබඳව අනාවරණය කරගෙන ගාල්ල මිරිස්සේ සිට ත්‍රිරෝද රථයකින් රහසිගත උපකරණ රැගෙන යමින් සිටියදී කුඹල්ගමදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙකී කල්ලියේ තිදෙනාගෙන් හෙළිකරගත් තොරතුරු මත එම කල්ලියේ මහ මොළකරු වූ බල්ගේරියානු ජාතිකයා මිරිස්සේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ විදේශිකයන්ගේ සංචාරක සමය හේතුවෙන් මේ වන විට දකුණු වෙරළ තීරයේ සංචාරක හෝටල්වලට එන විදේශිකයන්ගේ බැංකු දත්ත සොරකම් කිරීමට මෙම කැමරා දෙසැම්බර් 06 දා සිට සවිකරගෙන ගිය බවය.
ගාල්ල මිරිස්සේ සම්පත් බැංකු ටෙලර් යන්ත්‍රයේ සිවිලිමේ සවිකළ කැමරාවක් සොයාගෙන ඇති අතර එම ටෙලර් යන්ත්‍රයට පැමිණි දෙස්, විදෙස් ගනුදෙනුකරුවන්ගේ බැංකු දත්ත හා රහස්‍ය අංක, කැමරා පද්ධතියට ලබාගෙන මුදල් ඇදීමේ ජාවාරම කර ඇතැයි හෙළි වී තිබේ.
මෙම කැමරාවලට පටිගතවන දර්ශන මෙම කල්ලිය සතුව තිබූ නවීන පන්නයේ රිසිවරයක් යොදාගෙන බ්ලූටුත් තාක්ෂණය ඔස්සේ ලැප්ටොප් පරිගණකය වෙතින් මෝටර් රථය තුළම සිට නිරීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක්ද මෙම කල්ලිය භාවිත කර ඇතැයි අනාවරණය වී ඇත.
මෙම සංවිධානාත්මක කල්ලිය ලංකාවේ බැංකු හිමියන්ගේ හා විදේශිකයන්ගේ ටෙලර් කාඩ්වල ලබාගත් දත්ත වියට්නාමය හා තායිලන්තයේ සිටින මෙම කල්ලියේ සෙසු සාමාජිකයන්ට යවා එම රටවල්වල සිට මුදල් ඇදීමේ සූදානමින් සිට ඇති බවද හෙළි වී තිබේ. මේ අනුව පසුගිය කාල සීමාව තුළ සොරකම් කළ දත්ත යොදාගෙන ඉදිරි දින ගණන ඇතුළත විදෙස් රටවල සිට මුදල් ඇදීමේ අවදානමක් ද මේ සමග ඇති වී තිබේ. මේ අයුරින් රටපුරා ටෙලර් යන්ත්‍ර කොපමණ ප්‍රමාණයකට රහසිගත තොරතුරු ගන්නා කැමරා සවිකර ඇත්ද යන්න තවම අනාවරණය වී නොමැත.
මීට පෙර අවස්ථාවක මෙම සිව්දෙනාගේ කල්ලියේ සාමාජිකයන්, මාතර, කුණ්ඩසාලේ, ගාල්ල, වැලිගම, කතරගම, මහනුවර, මොරටුව, අම්බලන්තොට, මහරගම, පිළියන්දල වැලිපැන්න ප්‍රදේශවල ද බැංකු ටෙලර් යන්ත්‍රවලින් රුපියල් මිලියන 05 කට අධික මුදල් ව්‍යාජ දත්ත සහිත කාඩ්පත් යොදාගෙන ඇතැයි හෙළි වී ඇත.
සියුම් කැමරාවලට ලබාගන්නා රහසිගත බැංකු දත්ත එන්කෝඩර් යන්ත්‍රයක් මගින් විදෙස් රටවලින් ගෙන් වූ හිස් කේරඩිට් කාඩ්පත්වලට ඇතුළුකර මුදල් ගෙන ඇතැයි හෙළි වී ඇත.
මෙම ජාවාරමට සම්බන්ධව රහස් පොලිසිය මගින් ඉකුත් 26 දා පිළියන්දලදී හා ගාල්ලේ දී අල්ලාගත් විදේශිකයන්ට උදව් කළ දකුණේ පාතාලයා ඇතුළු ලාංකික ජාවාරම්කරුවන් දෙදෙනාගෙන් හෙළි වූ තොරතුරු මත සැකකටයුතු විදේශික කල්ලිය සොයා කළ ආවේක්ෂණ රාජකාරිවල දී මොවුන් කොටුකරගෙන ඇත.
මෙම විදේශිකයන් අතරින් මහ මොළකරු හැර අනෙක් තිදෙනා මෙම වසරේ මුලදී ගාල්ලේ දී මෙවැනිම ටෙලර් කාඩ් මගින් මුදල් ඇදීමේ ජාවාරමක් සම්බන්ධව රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කොට දැනට ඇප මත සිටින අය බව හෙළි වී ඇත. මෙම කල්ලියට සම්බන්ධ දකුණේ පාතාල සාමාජිකයා මිනීමැරුම් චෝදනාවකට සිරගත වී සිටියදී මෙම විදේශිකයන් හඳුනාගෙන ඇති බවත්, පාතාල කල්ලි සාමාජිකයා ඇපමත නිදහස්ව ගොස් තම හිතවතුන් යොදවා විදේශිකයන් තිදෙනාට ඇප මුදල් බැඳ නිදහස් කරගෙන ඇති බවත් හෙළි වී ඇත.
ඇප මුදල් බැඳීමට දුන් මුදල් ගෙවීම සඳහා පාතාල සාමාජිකයාට උදව්වක් ලෙසින් ඔවුන්ද මෙම කාඩ් වංචාව සඳහා සම්බන්ධ කරගෙන ඇති බවත්, මෙම විදේශිකයන්ට මිරිස්සේ නවාතැන් පොළවල් සොයා දී ඇත්තේත් පාතාල සාමාජිකයා බවටත් හෙළි වී ඇත.
මෙම විදේශික කල්ලිය මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණේ විදෙස් රටවල සිටින බැංකු ගනුදෙනුකරුවන්ගේ දත්ත මෙරටට ගෙනවිත් ටෙලර් යන්ත්‍රවලින් මුදල් ඇදීමේ චෝදනාවටය. නමුත් මෙම කල්ලිය මෙවර මතෛක් භාවිත නොකළ අධි තාක්ෂණික උපකරණ ඔවුන් සිටි නිවෙස් තුළදීම සාදාගෙන මෙරට ටෙලර් යන්ත්‍රවලට එන දෙස් විදෙස් ගනුදෙනුකරුවන්ගේ දත්ත සොරාගෙන මුදල් ඇදීමේ ජාවාරම කරගෙන ගොස් ඇත.
රහස් පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, රහස් පොලිස් අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බි. ආර්. එන්. නාගහමුල්ල, සහකාර පොලිස් අධිකාරී පී. අම්පාවිල යන නිලධාරින්ගේ මෙහෙයවීමෙන් රහස් පොලිසියේ ව්‍යාජ මුදල් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බි. ඒ. එන්. ප්‍රියදර්ශන ඇතුළු කණ්ඩායමක් විමර්ශන මෙහෙයවයි.