ඒ.ටී.එම් යන්ත්‍ර වලින් මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු මීගමුව, කුරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මිගමුව සහ ජාඇල ප්‍රදේශවලදී මෙම වංචාවන් සිදුකර ඇති අතර ඔවුන් වංචා කර ඇති මුදල රුපියල් 8,078,000ක්.
මීගමුව පොලිස් ස්ථානයේ නිළධාරීන් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
වංචා කළ මුදල් වලින් ලබාගත් යතුරුපැදියක්ද පොලීසිය බාරයට ගෙන තිබෙන අතර ප්‍රශ්න කිරීම් වලදී වංචා කල රුපියල් 2,800,000 ක් ද සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු වන අතර ඔවුන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.