අඩෝ මම ඉතින් ගොඩේ බයියෙක් වෙච්චි අපිට කොයින්ද අවුඩි කිව්වලු. අඩෝ අද නිවාඩු නිසා ගියා තව එකෙක් එක්ක පොඩ්ඩක් රවුමක් දාන්න. මෙන්න යකෝ වැව් තලාවක කාර් එකක් වැඩ කිඩ දානව. ගියා ලඟට
යකෝ white color audi Q7 එකක්. වාහනෙන් එකයි මඩ, එහාට කරකවනව, මෙහාට කරකවනව එක විකාරයයි. හරියට හාල වගේ. කොහොම හරි ටිකක් වැඩ දානකොට එරුන ලෝක අමාරුවෙන් ගොඩ ගත්තේ.
ඔක්කොටම වඩා දුක හිතුනේ බන් ඇතුලෙ ඉන්න උන් එලියට එනව ඇතුලට යනව අර කකල් වල මඩ පිටින්.
ඔක්කොම අලි වගේ උන්.
ඒක දැකල මට ඇඩුන බන්. අපි ගන්නේ මොන ආතල්ද කියල මට හිතුනේ. බලපන් අර වාහනේ අනිවා කෝටියක්වත් වෙනව ඇතිනේ. අරක මඩේ දාගෙන ට්‍රැක්ටරයක් වගේ පිස්සු නටනව මඩ ගාගෙන ඇතුලෙත් අනිවා මඩ ගෑවෙන්න ඇති. උන්ට ගානක් නෑ.

සෑහෙන්න කාලෙකට පස්සේ බන් සිරාවටම රිච් උන් ටිකක් දැක්කේ. අපි ඔහොම එකක් හිඟාකාල හරි ගත්තයි කියමු. ඔහොම මඩේ දාගෙන ආතල් ගනීද? හා?
කොහේ හරි පාක් කරත් මුර කරන් ඉදින් මොකක් හරි ඇවිත් අතුල්ලල යයි කියල. 
ඒකට අරුන්.
තව BMW කාර් එකකුයි BMW කාර් එකකුත් නොවන SUV එකක් වගේ එකකුත් තිබ්බ බන් පට්ට ඒවත් හෙන හයියෙන් සවුන්ඩ් දාගෙන උන් ආතල් ගන්නව.
ඇත්තෝ කති බොති සුකති නැත්තෝ හූල්ලති කියන්නේ ඕකයි. කරුමේ කියන්නේ යකෝ ෆෝන් එක අරන් ගියේ නෑනේ.
තාමත් නම්බර් එක මතකයි බන්. ඒතරමට හිතට වැදුන සුප්ප බාන්ඩේ බන්.
CAX-2225
ඇමතියෙක්ගෙ වෙන්ටැ. 
Last edited:
බීලද දන්නෑ 


