Audio එකක තියෙන Noise එක remove කරමු!

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    Audio එකක තියෙන Noise එක remove කරමු!

    මේක මට පොඩි encoding එකක් කරද්දි audio එකේ noise එක තිබිච්ච නිසා ඒක අයින් කරන්න ගිහින් ඉගෙනගත්තු දෙයක්,
    හිතුනා අපේ EK එකේ කට්ටියටත් මේ ගැන කියලා දුන්නොත් හොඳයි කියලා...:)

    මේකට අපිට ඕනා කරන software එකේ නම Audacity...
    මෙතනින ඒක බාගන්න පුළුවන්, freeware එකක්:cool:

    Code:
    http://audacity.sourceforge.net/download/


    Download කරලා install කරගත්තට පස්සෙ noise එක තියෙන audio එක open කරගන්න(Drag & Drop කරන්නත් පුළුවන්;))
    ලොකු clip එකක්නම් මෙන්න මෙහෙම load වේවි, පොඩි clip එකනම් load වෙන එක පේන්නෙත් නෑ...

    q7Db5.jpg



    දැන් තමා වැදගත්ම වැඩේ තියෙන්නෙ... අපි audio එක හොඳට analyze කරලා noise එක විතරක් තියෙන තැනක් හොයාගන්න ඕනා..තත්පර 4-5ක් හොඳටම ඇති...:)
    Audio clip එකේ ඒ අපි select කරගත්තු noise එක තියෙන time range එක මේ විදිහට දීලා, ඊට අදාල noise profile එකක් හදාගන්න එක තමයි මේකෙන් කෙරෙන්නෙ...

    W2CrM.jpg



    මෙන්න මම ඕගොල්ලට පැහැදිලිව පේන විදිහට පොඩි time range clip එකක Screenshot එකකුත් දැම්මා...:)

    XHmBZ.jpg



    ඔය විදිහට noise range එකක් select කරගත්තාට පස්සෙ, මේ විදිහට Analyze > Noise removal යන්න ඕනා...

    JCGCZ.jpg



    ඊට පස්සෙ මෙහෙම windows එකක් ඒවි, එතන Get Noise Profile කියන තැනින් click කරන්න...

    8ek9m.jpg



    Get Noise Profile එක click කරාට පස්සෙ noise removal window එක නැති වේවි ඊට පස්සෙ Ctrl+A press කරලා full clip එකම select කරගන්න...
    ඊට පස්සෙ ආයෙත් Analyze > Noise removal යන්න...

    1PBHj.jpg



    එතෙන්දි Remove select කරලා OK කරන්න...

    goJZW.jpg



    ඊට පස්සෙ මෙන්න මෙහෙම 'Removing Noise' කියලා ඒවි...

    zBzHO.jpg



    ඒක ඉවර උනාම මෙහෙම clean වෙලා තියෙනවා පෙනේවි, play කරලා බැලුවම තේරේවි noise එක remove වෙලා තියෙන විත්තිය...:)

    m0KBb.png



    දැන් තියෙන්නෙ output එක ගන්න එක, ඒකට කරන්න තියෙන්නෙ File > Export යන එක...

    3nvGt.jpg



    එතෙන්දි output audio type එක select කරගත්තාට පස්සෙ option එකෙන් output එකේ quality එක සෙට් කරගන්න පුළුවන්...

    0vYCB.jpg



    හැබැයි save කරන්න කලින් මේ Lame codec එක install කරගන්න ඕනා... නැත්තන් මෙහෙම Error එකක් ඇවිත් .dll file එකක් ඉල්ලනවා. ඒ හින්දා කලින්ම මේක install කරගන්න...:)

    Gm8Tk.jpg



    Code:
    Lame_v3.98.3_for_Audacity_on_Windows : http://www.mediafire.com/?rgrvt8ya62r630a


    ඊට පස්සෙ save දුන්නම, මෙන්න මේ විදිහට output එක export වේවි...:)

    UREYe.jpg


    මෙන්න එහෙම Noise remove කරපු එකක්... මෙතන Noice එක තියෙන එකයි, ඒකෙම Noise remove කරපු එකයි දෙකම තියෙනවා අරං බැලුවොත් තේරේවි කොච්චර වැඩක් මේකෙන් කරන්න පුළුවන්ද කියලා...:)

    Audio(with noise).mp3 (350KB)
    Audio(cleaned).mp3 (350KB)


    මොනවහරි අවුල් එහෙම තියෙනවානම් අහන්න...:)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Ela Ela gud 1. ;) umbath ithin hoyana dewal :P
    Soundforge ekenuth oya widiyatama wage karanna puluwan godak dewa. and adobe audition wage softwares walath elatama noise removal tools thiyenawa

    mekath test karala balapan :D (samaharak wita umba dannawa athi ;) :P )

    http://tinyurl.com/64qlfyo
    Antares nathiwath effect eka ganna puluwan krama thienawa search karoth ahu wei :D
    Keep it up ;) +R
     
    Last edited: