australia සංචාරය.

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීම වෙනත් සංචාරයකට වඩා ප්‍රේක්ෂකයින් තුල අමුතු උද්දාමයක් ඇති කිරීමට සමත්ය. අපිට ඕස්ට්‍රේලියා සංචාරයක් සාමාන්‍යයෙන් ලැබෙන්නේ වසර දෙක තුනකට වරකි.ශ්‍රීලංකා කණ්ඩායම අවසන් වරට ඕස්ට්‍රේලියාවේ සංචාරය කලේ 2007/2008 තරඟ සංචාරය තුලදීය.
    එහෙත් වෙනදා මෙන් මෙන් නොව මෙවර ලැබී ඇත්තේ කෙටි තරඟ සංචාරයකි.එක්දින තරඟ තුනක් සහ එක් විස්සයි විස්ස තරඟයකින් පමණක් මෙම සංචාරය යුක්තවේ.ලෝක කුසලානයට පෙර ලැබෙන අවසන් වෙදෙස් සංචාරය මෙය වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායටම මෙම සංචාරය ඉතා වැදගත් එකක් වේ.

    ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවේදී කල එක්දින තරඟ සංචාර ඉතිහාසය තුලදී වැඩිම සාර්ථකත්වයක් දැක්වූ සංචාරය ලෙසට 2005/2006 vb කුසලාන තරඟාවලිය දැක්විය හැක.ශීලංකාව,ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව සහභාගී වූ එම තරඟාවලියේ අවසන් තරඟ තුනට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා කරගත් ශීලංකා කණ්ඩායම එහි පලමු තරඟය ජය ගනිමින් වසර ගණනාවකට පසු ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එම තරඟාවලියේ අවසන් තරඟ තුනම ක්‍රීඩා කිරීමට සිදු වීමේ තත්වය ඇති කිරීමට සමත් විය.
    ඊට පෙර බොහෝ අවස්ථාවල එම තුන්කොන් තරඟාවලියේ අවසන් වටයේ මුල් තරඟ දෙක ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජය ගැනීම සාමාන්‍ය තත්වයක් වී තිබුණි.

    ඉන්පසු සංචාරයේදී එතරම් සාර්ථකත්වය අත්කර ගැනීමට සමත් නොවූ අප කණ්ඩායමට ඉන්දියාවද සහභාගී වූ එම තරඟාවලියේදී ජය ගැනීමට හැකිවූයේ තරඟ දෙකක් පමණි.

    තවමත් ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම පූර්ණ තරඟාවලි ජයක් ලබා නොමැති අතර එවැනි ජයක ලැබීමේ පිපාසයෙන් කණ්ඩායම මෙන්ම ක්‍රිකට් ලෝලී අපද පෙලෙමින් සිටිමු.

    කණ්ඩායම් අන්තර්ගතය දෙස බැලීමේදී 2005/2006 තරඟාවලියේදී සාර්ථක වූ සනත් ජයසූරිය,මාවන් අතපත්තු මෙන්ම මාලිංග බණ්ඩාරද කණ්ඩායමේ නැත.දඟ පන්දු යවන්නෙක් ලෙස මාලිංග බණ්ඩාර එම තරඟාවලියේ විශිශ්ට දස්කම් දැක්වූ අතර කණ්ඩායමට ක්‍රීඩා කිරීම සදහා එකල පැවති සුපර් සබ් ක්‍රමය ඔහුට උපකාරී විය.
    ඕස්ට්‍රේලියාවට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී සාර්ථක ක්‍රීඩකයෙකු වූ ජයසූරිය පසුගිය අවසන් සංචාරයේදී සම්පූර්ණයෙන්ම අසාර්ථක විය.

    මෙවර කණ්ඩායම දෙස බැලීමේදී සංගක්කාර,මහේල ඕස්ට්‍රේලියා තණතීරු තුල හොඳින් ලකුණු රැස් කර ඇති ක්‍රීඩකයින් ලෙස මෙවර එම අත්දැකීම් උපයෝගී කරගත හැක.
    මුරලිට ඕස්ට්‍රේලියාව තුල ඇත්තේ අමතක නොවන අත්දැකීම් සපිරි ඉතිහාසයකි.පසුගිය සංචාරය අවසානයේදී මුරලි පැවසූයේ එය තමන්ගේ අවසන් ඕස්ට්‍රේලියා සංචාරය වනු ඇති බවයි.නමුත් මෙවරත් මුරලිට එහි ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබී ඇති අතර එය කණ්ඩායමට අමතර ශක්තියකි.

    එසේම චාමර කපුගෙදර සහ නුවන් කුලසේකර අවසන් ඕස්ට්‍රේලියා සංචාර දෙක තුලදීම ක්‍රීඩා කල ක්‍රීඩකයින්ය.
    කපුගෙදර තම කුළුදුල් ජාත්‍යන්තර තරඟාවලිය වූ 2005/2006 ඕස්ට්‍රේලියා සංචාරයේදී බ්‍රෙට්ලීට එරෙහිව එල්ල කල හයේ පහරවල් අදටත් අප මතකයේ රැඳි ඇත. එහෙත් අද කණ්ඩායම කපුගෙදරගෙන් ඊට එහා දෙයක් බලාපොරොත්තු වේ.

    ශ්‍රේණිගත කිරීම වල අංක එකට පැමිණි ක්‍රීඩකයෙක් ලෙස පසුගිය සංචාර දෙකට වඩා වැඩි විශ්වාසයකින් කුලසේකර මෙම තරඟාවලියට මුහුණ දෙනු ඇත.

    ඕස්ට්‍රේලියාවේදී ජාත්‍යන්තර තලයට එක්වූ මාලිංගගෙන්ද වේගවත් තණතීරු තුල විශ්මයජනක දස්කම් බලාපොරොත්තු විය හැක.

    සුපිරි ආරම්භක පිතිකරුවෙකු ලෙස දිල්ශාන් මෙවර තරඟාවලියට එක්වී සිටී.දිල්ශාන් මුලින්ම ආරම්භ පිතිකරුවෙකු ලෙස් අත්හදා බැලුවේද පසුගිය අවසන් ඕස්ට්‍රේලියානු සංචාරය තුලදීය.
    එම තරඟාවලියට ජයසූරිය සමඟ ආරම්භක පිතිකරු ලෙස එක්වූ දිල් රුවන් පෙරේරා අසාර්ථ්ක වීම නිසා දිල්ශාන්ට එම අවස්ථාව හිමිවිය. එහෙත් මෙවර ඔහු තරඟාවලිය එක්වී සිටින්නේ ශ්‍රේණිගත කිරීම වල මුල් ස්ථාන 10 අතර සිටින ක්‍රීඩකයෙකු ලෙසිනි.

    ඔහු සමඟ බොහෝ විට උපුල් තරංහ අනෙක් පසින් ක්‍රීඩා කරනු ඇති අතර සමහර විටෙක මහේලට එම අවස්ථාව ලැබෙනු ඇත.ඕස්ට්‍රේලියා A සංචාරය තුලදී සාර්ථක වූ නවක ක්‍රීඩ්ක චන්දිමාල් පුහුණු තරඟයේදී ආරම්භක පිතිකරුවෙකු ලෙසින් යොදා ගැනුණි.

    ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා කිරීමට වැදගත්ම ක්‍රීඩකයෙකු ලෙස මැතිව්ස් හැඳින්විය හැකිවුවත් ඔහු මෙම තරඟාවලිය තුල පන්දු යැවීමෙන් ඉවත් වී සිටීම කණ්ඩායමට සිදුවූ පාඩුවකි.
    දඟ පන්දු යවන්නෙක් ලෙස දස්කම් දැක්විය හැකි වීම නිසාවෙන් ජීවන් මෙන්ඩිස්ට බොහෝවිට කණ්ඩායමේ ස්තානයක් ලැබෙනු ඇත.
    පෞද්ගලිකව මා විශ්වාස කරන්නේ අජන්ත මෙන්ඩිස් මෙම සංචාරයට එක්වූවා නම් එය කණ්ඩායමට අමතර වාසියක් වනු ඇති බවයි.

    පුහුණු තරඟයේදී සාර්ථක වූ චාරම සිල්වා මෙන්ම තිසර පෙරේරා.දිල්හාර ප්‍රසාද් හා රන්දිව් තමන්ට අවස්ථාව ලැබෙන අයුරින් දස්කම් දක්වනු ඇත.

    කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවට ඕස්ට්‍රේලියාවේදී රිදෙන්න පහර දී මෙම තරඟාවලිය වත් ජයග්‍රාහී එකක් වනු ඇතැයි බලාපොරොත්තුවෙන් අප සැම නෙත් දල්වා බලා සිටිමු.
     
    Last edited:
    • Like
    Reactions: nir25 and the_myth

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    ඇත්තටම ශ්‍රී ලංකාවට මේක හොඳ අවස්ථාවක්.නවක ක්‍රීඩකයො කීප දෙනෙකුත් ඉන්නවනෙ.
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට මගෙන් සුභ පැතුම්

    තොරතුරු වලට ස්තූතියි.
    Rep++
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇත්තටම ශ්‍රී ලංකාවට මේක හොඳ අවස්ථාවක්.නවක ක්‍රීඩකයො කීප දෙනෙකුත් ඉන්නවනෙ.
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට මගෙන් සුභ පැතුම්

    තොරතුරු වලට ස්තූතියි.
    Rep++

    :yes::yes::yes:

    මෙන්න මගෙනුත් ස්තුති..:D