autorun.inf කියන්නේ Virus එකක් ද..?

TheMass

Member
Apr 9, 2012
1,446
182
0
I forget it!
autorun.inf කියන්නේ Virus එකක් ද..?

කට්ටිය හැකිං පැත්තට බරයි වගේ...කොහොම උනත් කමක් නෑ..අද මම ඔය ගොල්ලනට කියන්නේ හුගක් වැදගත් දෙයක් ගැන..හුගක් අද කියන්නේ autorun කියන්නේ Virus කියලයි..දැ පොඩ්ඩක් බලමු මේ autorun.inf ගැන...

ඇත්තමට autorun.inf කියන්නේ Virus එකක් නෙමේ මේක ඇවිල්ල CD හා Pen වැනි දැ වල අඩංගු ප්‍රේරකයක් ඒ කියන්නේ ඒ Device වල තියෙන Software,Document වගේ දෙවල් ඉබේ විවෘත කරන දෙයක්..ඔය ගොල්ලන් හොදින්ම දන්නවා Game CD එකක් දැම්මම කෙලින්ම ඒ ගේම් එකේ Setup එක තමයි අපේ Desktop එක මත දිස්වෙන්නේ...

හොදයි කොහොමද මේ autorun ලියන්නේ...?
මුලින්ම Notepad එක Open කරලා මෙන්න මෙහෙම Type කරන්න


[Autorun]


හරි දැන් තියෙන්නේ මේ autorun ෆයිල් එක තමන් කැමති විදියට සකස් කර ගන්නයි...හරි දැන් ඔය ගොල්ලන්ගේ Application එක auto Open කරන්න මෙන්න මෙහෙම Code එක දෙන්න..
open= කියල ඔයාලගේ Application එකේ නම


උදාහරණය
open=virus.exe



දැන් ඔයගොල්ලෝ දන්න වනේ සමාන්‍ය විදියට autorun එකක් ලියගන්න....

දැන් බලමු මේ autourn එකම භාවිතා කරල ඔයාලගේ CD / Pen එකේ Icon එක වෙනස් කරගන්නේ කියලා..මේකත් හරිම සරලයි..ඒ සදහා මෙන්න මේ Code එක යොදන්න
icon=

උදාහරණය
icon=virus.ico


අවසාන වශයෙන් මේ file එක save කරන කොට මෙන්න මෙහෙම '' autorun.inf ' save කරන්න සගල වරහන් රහිතව හරිද

මෙන්න මේ විදයට යොදන්න...දැන් බලමු සම්පූර්න autorun එකකට උදාහරනයක්

[Autorun]
open=virus.exe
icon=virus.ico



මේක හරිම සරලයි නමුත් මේ autorun කියන එකෙන් හුගක් දෙවල් කරන්න පුලුවන්..මම කියන දේ දැන් ඔය ගොල්ලනට තේරෙනවා ඇති..මුලින්ම කිව්වනේ මේ autorun පාවිච්චි කරන්නේ Application Open කරන්න කියලා...Virus එකක් උනත් මේකෙන් Run කරන්න පුලුවන්....ඒක නිසා මේකට Virus කියල නොකියත් බෑ

මම ඉදිරියේදී කියල දෙන්නම් මේ autorun වැඩකරන් නැති වෙන්න ඔයාලගේ Com එක හදන හැටි.....මගේ මේ Blog එකේ බලාපොරොත්තුව තමයි Hacking ගැන කියලා දීම වගේම ඒවයින් ආරක්ෂා වෙන්න ඕන ආකාරයත් කියලා දීම...


කොහොම උනත් කමක් නෑ.මේ ලිපියෙන් ඔයාලට කිසියම් දැනුමක් ලැබුනනම් පොඩි Like පාරක් දාන්න...
මම මේගැන කියන්න මගේ කාලය ඔයාල වෙනුවෙන් වෙන්කරා ඒක නිසා මේ ගැන ඔයාලගේ අදසත් Comment එකකින් දාල යන්න අමතක කරන්න..එපා
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Thanks fore sharing bro...........
    chaplin.gif
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මොකද්ද බ්ලොග්එක එතන තව වටින දේවල් ඇතිනේ:yes::D