Avatar (2) දෙවැන්නට දින නියම කරයි..

Z e u s

Active member
  • Dec 22, 2015
    586
    180
    43
    Avatar (2) දෙවැන්නට දින නියම කරයි..

    3D එහෙමත් නැත්තම් ත්‍රිමාණ සජිවිකරණය යන නාමයට පමණක්ම
    නොව ඊටත් වඩා වැඩි යමකට ලගා වූ මෙතෙක් නිෂ්පාදනය වූ එකම
    චිත්‍රපටය AVATAR 2009 කියලා නම් කරන්න පුළුවන්. ආයේ ඒකෙ
    කිසිම සැකයක් නැහැ එවැනි සුපිරි ඝනයේ චිත්‍රපට අධ්‍යක්ෂණය පිටුපස
    ඉන්නෙත් සිනාමව තුළ විශේෂ වෙනසක් සිදු කල සුපිරි
    නිර්මාණකරුවන්ම තමයි.


    avatar-2-return-to-pandora-poster.jpg



    1954 අගෝස්තු 16 වැනිදා කැනඩාවේ ඔන්ටෙරියෝ උපත ලැබූ
    ජේම්ස් කැමරන් නැවතත් 1971 වර්ෂයේදී ඇමරිකාව වෙත ඔවුන්ගේ
    පදිංචිය වෙනස් කරනු ලැබුවා. භෞතික විද්‍යාව හා ඉංග්‍රීසි විෂයන්
    කැලිෆෝනියා ජනපදයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපන කටයුතු හදාරනු
    ලැබුවා. අවුරුදු 20ට පසු ඔහු විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු නිම
    කෙරුවත් ඔහුගේ ආශාව වූයේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වීමටය. නමුත්
    ඔහුගේ මුල්ම රැකියාව වූයේ බස් රියදුරෙකුය. එක්තරා රාත්‍රියක ඔහු
    චිත්‍රපට පිටපතක් නිර්මාණය කලා. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු
    වශයෙන් දායක වූ පලමු චිත්‍රපටය වූයේ Piranha 2. මින් පසුව
    වෙනත් දිනයක ඔහුට රොබෝවරුන්ගේ අනාගතය ගැන ඉතා නරක
    දැක්මක් ඇතිවුනා. එතනින් පසුව ඔහු තවත් චිත්‍රපට පිටපතක් නිර්මාණය
    කළා. එය නමින් Terminator. මෙම චිත්‍රපටයේ අතිසාර්ථකත්වයෙන්
    පසුව ඔහුව මුළු ලෝකය පුරාම ඉතා විශාල වශයෙන් ප්‍රසිද්ධ වීමට පටන්
    ගත්තා. 1986 දී ඔහු නැවත චිත්‍රපටයක් නිර්මාණය කලා එය නමින්
    Aliens. පසුව 1991දී Terminator 2 හා 1997 දී මුළු ලොවම
    වසග කර ගැනීමට සමත් වූ Titanic චිත්‍රපටය එළිදැක්වූවා.ජේම්ස්
    කිමිදෙන්න කැමති පුද්ගලයෙක් මේ නිසා ඔහු Titanic චිත්‍රපටය
    නිර්මාණය කරන කාලය තුළදී, ඔහු දෙවතාවක්ම මේ ටයිටැනික් නැවට
    ගොඩවැදිලා තියෙනවා. මේ ටයිටැනික් චිත්‍රපටය සදහා ඇමරිකානු
    ඩොලර් බිලියන දෙකක් උපයගැනිම්ට සමත් වෙලා තියෙනවා. ඒවගේම
    ඔස්කාර් සම්මාන එකොළහකට හිම්කම් කියා තියෙනවා. 2009දී සුපිරි
    ත්‍රිමාණ සජිවිකරණයේ නැවුම් ආශ්වාදය Avatar එළිදැක්වූවා. සම්මාන
    උළෙලවල් වලදී මේ දැවැන්ත චිත්‍රපටය සම්මාන 72 ක් දිනාගත් අතර
    තවත් 148 නාමයෝජනා පමණක් ලබාගෙන තියෙනවා. මේ චිත්‍රපට
    අධ්‍යක්ෂණයෙන් පසුව Linda Hamilton එහෙමත් නැත්තම්
    ටර්මිනේටර් චිත්‍රපට සමුහයේ රංගනයෙනට පණ පෙවූ Sarah
    Connor 1997 දී ජේම්ස්ගේ හතරවෙනි භාර්යාව බවට පත්වූවා.
    එයාලට දියණියක්ද සිටියා. නමුත් ඔවුන් නැවත 1999 දී දික්කසාද
    වුවා. අවුරුද්දකට පසුව ජේම්ස් නැවත ටයිටැනික් චිත්‍රපටයේ රගපෑ
    Suzy Amis ව විවාහ කරගනු ලැබුවා. පසුව ඔවුන් දෙපලට දියණියන්
    දෙදෙනෙක් හා පිරිමි දරුවෙකු ලැබිය..





    මේ වනවිට Star Wars: The Force Awakens නමැති අති දැවැන්ත
    සිනමාපටයක් තිරගතවීම ආරම්භ වී තියෙනවා. එය මේ වන විටත් බොක්ස්
    ඔෆිස් වාර්තා අතර ඇමරිකානු ඩොලර් මිලියන 610.8ඉක්මවා තියෙනවා.
    නමුත් ඔයාලා දන්නවද මේ Star Wars සිනමාපෙලේ අටවැන්න සදහා මේ
    වෙන විටත් පැතිර යන ආරංචි වළට අනුව පවසන්නේ අටවැන්න 2017
    ගිමහාන කාලය වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බවය.
    නමුත් බොහෝ රසිකයන් පිරිසක් පුන පුනා බලාසිටි Avatar 2 චිත්‍රපටයද
    මේ Star Wars වළට තියුණු තරගයක් ලබා දීමටද මන්දා මේ එක්කම
    තිරගත කිරීමට බලාපොරොත්තු වන බවට ජේම්ස් කැමරන් සදහන් කලා.



    ජේම්ස් කැමරන් සදහන් කල ආකාරයට ඔහුගේ ඉලක්කය වී ඇත්තේ
    2017 දෙසැම්බර් 25 (නත්තල් දින) වන විට මේ සිනමාපටයේ වැඩ කටයුතු
    අවසන් කර තිරගතකිරීමටය.


    “අඩුම තරමේ අපි නිකුත් කරන දිනය සදහන් කලා. නමුත් ඒ කරුණ අපි
    කරපු සිනමාපට තුන තරම් වටිනා කියන දෙයක් කියලා නම් හිතන්නේ
    නැහැ. අපි අවුරුද්දකට එකක් බැගින් වෙන් කිරීමක් කලා. මං ඒකට
    meta-narrative”(මෙටා- ආඛ්යානය)කියලා කියන්න කැමතියි. මේ තුන
    වෙන වෙනම ගත්කල වෙනස්ම ස්වරුපයක් ගන්නවා. නමුත් මේක යම්
    ප්‍රමාණයකින් විශාල කතාවක්. අපිට න්කරන්න තියෙන නිර්මාණ කටයුතු
    හරිම අඩුවෙන් තියෙන්නේ. ඒත් මේක අතිවිශාල කාර්යයක්. අපි නිමකරපු
    කාර්ය කොටස ගත්තොත් මේක අවුරුදු දෙකක වැඩ කොටසක්. සියලුම
    සත්වයන්, භුමි දර්ශන වගේම නවතම ලෝකවලPandora (පැන්ඩෝරා)
    දර්ශන බලාගැනීමට හැකියාව තියෙනවා. පිටපත ලිවීම තවමත් කරගෙන
    යනවා. නමුත් දැනටමත් හුදෙක් දුරට අවසන් කරලා තියෙනවා.තාක්ෂණික
    සංවර්ධක කටයුතු අවසන්. වේදිකා සියල්ල නිම කර අවසන්. අපි
    රූගතකිරීම් කටයුතු ලබන වසර මුලදී ආරම්භ කිරීමට හිතාගෙන ඉන්නවා.


    – James Cameron –



    මේ එක්කම Avatar චිත්‍රපටයේ තෙවැන්න 2018 දෙසැම්බර් වලදී තිරගත
    වීමට නියමිතව ඇති බව අන්තර්ජාලයේ සදහන් වෙනවා.


     
    Last edited:
    • Like
    Reactions: TakurZ

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    ඇයි මචන් True Lies.ජේමිස් ගේ මම ආසම ෆිල්ම් එකක්.මේකේ දෙක එනවා කිව්වට ආවේ නැහැනේ.
    :(

    file_595226_true-lies-best-movies.jpg
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Christopher Nolan,James Cameron දෙන්නගෙම ෆිල්ම්ස් පට්ට
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇමෙරිකාවේ උන් දවසින් දවස අලුත් අලුත් පට්ටම ඒවා හදනවා...තාක්ෂනය දවස ගානේ අලුත් ඒවා දානවා...එත් ලංකාවේ තාමත් හදන්නේ අර ගොන් ආතල් ම විතරනේ බන්...ඉන්දියාවෙන් නළුවෝ නිලියෝ ටිකකුත් ගෙනාවනම් ඇමෙරිකාවට තරගයක් දෙන්න තිබ්බ ලොවෙත් නැති වෙලා යන්න...නේද මන් අහන්නේ? :rolleyes::baffled: