awurudu 75k sanwardanan news.....ජනගහනයෙන් සියයට 20.3කට පානීය ජලය නෑ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 20.3%කට මූලික පානීය ජල පහසුකම් නොමැති බවට අනාවරණය වී තිබේ.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයකට අනුව මේ බව අනාවරණය වී ඇති බව වාර්තා වේ.

    එමෙන්ම මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 16.1%කගේ ප්‍රධාන පානීය ජල මූලාශ්‍රය වී ඇත්තේ අනාරක්ෂිත ළිඳ බව ද අනාවරණය වී තිබේ.

    මෙරට ජනතාව භාවිත කරන පානීය ජලය සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයකට අනුව ආසන්න වශයෙන් ගෘහස්ත ජනගහනයෙන් තුනෙන් එකකට සිය පරිශ්‍ර තුළ ආරක්ෂිතව පානීය ජල සේවාවක් ලබාගත හැකි බව අනාවරණය වී ඇත.

    නාගරික ප්‍රදේශවල ජනගහනයෙන් තුනෙන් දෙකක් සහ ග්‍රාමීය ජනගහනයෙන් හතරෙන් එකක් ආරක්ෂිත පානීය ජලය භාවිත කරන අතර වතු ජනගහණයෙන් 3.1%ක් පමණක් ආරක්ෂිත පානීය ජලය භාවිත කරන බව එම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.

    එමෙන්ම මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 70%කට වැඩි පිරිසකගේ පරිශ්‍රවල වැඩිදියුණු කළ මූලාශ්‍ර යොදා ගනිමින් පානීය ජලය භාවිත කරන බව වාර්තා වේ.

    මේ අතර මෙරට ජනගහනයෙන් 6.3%ක් මූලික සනීපාරක්ෂක සේවා භාවිත නොකරන අතර ගෘහස්ථ ජනගහනයෙන් 0.1%ක් පමණ එළිමහනේ මළපහ කරන බවට ද අදාළ සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.

    මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 84.9%ක් ජල මුද්‍රා පහසුකම සහිත වැසිකිළි භාවිත කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණය වී ඇත.
     
    • Sad
    Reactions: dilshanniranga