දෙක ම හොඳ වාහන 2ක්.ලොකු ප්‍රශ්න නැති,fuel consumption හොඳ,2nd hand market හොඳ,parts තියෙන වාහන 2ක්.Allion 240 දැන් හැබැයි ටිකක් පරණ නිසා (axio අන්තිමට ආපු 2012,2013 එක්ක බැලුව ම). Axio ගන්නව නම් 2010 හෝ ඊට උඩ, brandnew මෙහෙට import කරපු එකක් ගන්න බලන්න. 2012/13 එහෙම ගෙන්නපු g grade ඒවා තියෙනව අලුත් වගේ condition තියෙන.හැබැයි හොයාගන්න අමාරුයි.මගේ ළඟ axio එකක් තියෙන්නෙ.
Allion personally පාවිච්චි කරල නැති නිසා ඒකෙ ලෙඩ දන්නෙ නෑ මන්.axio එකේ ලෙඩ ටික දාන්නම්.
1.)AC compressor එක යනව 90 000km වගේ පැන්නම
2.) Rack end සවුත්තු වෙනවා 90 000 km පැන්නම (හොඳ japanese parts දාල හැදුවොත් තව 70/80 000 km වගේ දුවාගන්න පුළුවන් cost~Rs 55000/=)
3.)2009ට කලින් manufacture year ඒවගෙ dashboard එකට අව්ව වැදුන ම කාලයක් තිස්සෙ පොතු යනව
4.)CVT gearbox එකේ ප්‍රශ්න එන්න පුළුවන්.හැබැයි දැන් ලංකාවෙ හදනව.ගොඩක්විට front hub එක replace කරල හදන්න පුළුවන් ~Rs120 000-140 000. හැබැයි හරියට 40 000 km වලින් transmission oil ttoyota original එක දාල,filter එක මාරු කරල,calibrate කරනව නම් ගේමක් නැතුව above 500 000km පුළුවන්.
ඔය ටික ඇරුන ම වෙන ලෙඩ නම් නෑ දන්න තරමින්.ඔය ලෙඩ ටික ම(dashboard ප්‍රශ්නෙ ඇරෙන්න) තියෙනව Allion 260/premio වලත්. ඔය allion,axio මොක ගත්තත් කොහොමත් හම්බෙන්නෙ 150 000km වත් අඩු ම දුවපුව(2011න් වත් උඩ එකක් ගත්තොත් ඇරෙන්න) එතකොට ඔය ප්‍රශ්න එකක් හෝ කීපයක් තියෙන්න පුළුවන්.ඊට අමතරව shocks,engine mounts,spark plugs,break discs,bush ගෙවිල තියෙන්නෙ පුළුවන්.එතකොට වාහනේ මුකුත් ලෙඩ නැතුව පදින්න නම් ඕව ටික හදාගෙන,ඕනෙ නම්/sludge වෙලා එහෙම තියෙනව නම් engine overhaul එකකුත් කරගෙන තමයි හොදට දුවන්න පුළුවන් වෙන්නෙ.ඒ නිසා ඒවත් හිතේ තියාගෙන,ඒවටත් ගානක් අතේ තියාගෙන,ඒ ප්‍රශ්න check කරල ඒව කතා කරල ඒවට ගනන් අඩු කරල ම ගන්න ගන්නකොට.chinese parts,tyres,plugs නම් දාන්න එපා.බොරු වැඩක් වාහනේ තව සවුත්තු වෙන එක විතරයි වෙන්නෙ.
Shocks=KYB japanese front~Rs 65 000
Rear~Rs 50 000
Spark plugs(Irridium)= ~Rs 7800(1 unit)
Reliability,2nd hand market consider කරපුව ම ලංකාවේ නම් honda,mazda recommend කරන්නෑ මන්(සල්ලි විසි කරන්න තියෙනව නම් ගන්න,කමක් නෑ).
ගත්ත ගමන් මීයන්ට එන්න බැරි වෙන්න දැල් ගහගන්න.Allion 240 use කරපු කෙනෙක් ඉන්නව නම් ඒකෙ ලෙඩ ටික දාන්න.Good luck!