[B]අවුරුදු 60කට ඇති වෙන්න තෙල් සහ ගෑස් අපේ රටේ![/B]

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    [B]අවුරුදු 60කට ඇති වෙන්න තෙල් සහ ගෑස් අපේ රටේ![/B]

    මන්නාරම් ද්‍රෝණියේ තෙල් බැරල් ඝන අඩි බිලියන 5ක් සහ ස්‌වාභාවික ගෑස්‌ ඝන අඩි ට්‍රිලියන 9 පමණ ඇතැයි දැනට සොයාගෙන ඇතැයි පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ සභාගත කළ රජයේ ගිණුම් කාරක සභා වාර්තාවේ සඳහන් වනවා.

    මෙරට තෙල් ගවේෂණ කටයුතුවල වර්තමාන තත්ත්වය පැහැදිලි කරන එම වාර්තාව ප්‍රකාශ කර තිබෙන්නේ වසර හැටක් සඳහා ශ්‍රී ලංකාවේ ඉන්ධන සහ ගෑස්‌ අවශ්‍යතාව මෙමගින් සපුරාගත හැකිවන බවයි. මෙම තෙල් ළිඳක කැණීමේ සිට නිෂ්පාදනය දක්‌වා වන ක්‍රියාවලිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50 සිට ඇමරිකානු ඩොලර් බිලියන 1ක් දක්‌වා වියදමක්‌ දැරීමට සිදුවන බව ද අදාළ වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

    මන්නාරම ද්‍රෝණියේ එම් 2 කොටස මේ වන විට ගවේෂණ අදියරේ සිට සංවර්ධන අදියර දක්‌වා ළඟාවිය හැකි මට්‌ටමක පවතින බව ද එනිසා සුදුසු ආයෝජකයකු සොයාගැනීම මූලික අපේක්‍ෂාවවී ඇතැයි ද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය රජයේ ගිණුම් කාරක සභාව හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තේරුමක් නෑ හම්බ උනත් අවුරුදු 20ක් යනකං චීන්නුන්ට තමයි ඉතිං..
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මහින්ද රාජපක්ෂගෙ කාලෙත් ඔහොම එකක් හම්බ උනා වගෙ මතකයි .
     

    Similar threads