හිං සැරෙ;17234120 said:මට තියෙන ප්රශ්නය මෙකයි දැන් සුලු ජාතික චන්ද මහින්දට වැටෙන්නෙ නැහැලු...? රනිල්ටලු එවා වැටෙන්නෙ ......එතකොට සුලු ජාතික චන්ද මහින්දට නොවැටෙන්නෙ හෙතුව මහින්ද සුලු ජාතින් වෙනුවෙන් පෙනි නොසිටන නිසා හා යුද්දය ඉවර කර නිසා නෙද? එතකොට සුලු ජාතින්ගෙ අබිලාශ ඉස්ට කර ගන්න පත් කරන රනිල් වෙනුවෙන් සිංහල අපි චන්දෙ දෙන්නෙ මොකටද? ....
රනිල් කියන්නෙ මොඩි වගෙ තමන්ගෙ ජතියට ආදරය කරන මනුස්සයෙක් නෙමෙ කියලා එයාගෙ පහුගිය කෙරුවාවල් වලින් පෙනවානෙ රනිල්ව මොඩිට සමාන කරලා................ බලයට ගෙන්න නම් දගලන්න එපා රනිල් වෙනුවට වෙන කෙනෙක්ව තම්යි බලයට ගෙන්න ඔන....... අනුර කුමාරලා
සුලු ජාතින්ගෙ පැත්තට කතා කරත් උන් රටට ආදරෙයි අපෙ කමට ආදරෙයි මහින්ද වෙනුවට බලයට ගෙනවනම් අනුරව ගෙන්න ඔන නැත්නම් ඉන්න මහින්ද හොදයි සුලු ජාතින්ගේ සිත සනසවන රනිල්ට වඩා................
දැන් බලපන් හලාල් සීන් එක. බොදු බල සේනාවම කියනවා දැන් ආණ්ඩුව අපිව රැවට්ටුවා කියලා. ඊට පස්සේ අර නුවර රේස් තියන්න එපා කියලා හාමුදුරුවෝ කියද්දී රේස් තිබ්බා. හකිමයා අධිකරණ ඇමති කරේ කවුද එතකොට? තොන්ඩමන්ගේ බෑනාට හමර් ගන්න තරම් සල්ලි ආවේ උන් හම්බ කරලද? කරුණාලා, පිල්ලෙයාන්ට ඇමතිකම් දුන්නේ කවුද?
මචන් සුළු ජාතින් කියන්නෙත් මිනිස්සු. උනුත් අපේ රටේ ජිවත් වෙන්න ඕනේ. හැබැයි සංවර්ධනය, නිතිය කාටත් පොදු වෙන්න ඕනේ. රනිල් කියන්නේ හැමෝටම සාධාරණව සලකන කෙනෙක් මං හිතන හැටියට. අනුර නරක නෑ. එත් 2015 චන්දෙන් දිනන්න තරම් තාම රටේ මිනිස්සුන්ගේ හිත JVP එක පැත්තට හැරවිලා නෑ. මහින්දට යුද්දේ විතරයි ඉවර කරන්න පුළුවන් වුනේ. අනිත් අංශවලින් අසාර්ථකයි. රනිල් විතරයි මොනවහරි කරලා රට ගොඩගන්න ඉන්නේ. සමහරවිට වෙන විකල්පයක් තිබ්බනම් හොඳයි. එත් එහෙම කවුරුත් පෙන්න නෑ.







