Badu packet wela.Den kala beela mereeyan!!!

opanayake

Active member
  • Jun 24, 2011
    751
    202
    43
    at MilkyWay galaxy
    ගොවි සහනාධාර පිණිස දෙන පොහොර වල න්‍යෂ්ඨික විකිරණ!



    Radiation-Symbol1-150x150.jpg

    ගොවි සහනාධාර පිණිස දෙන පොහොර වල න්‍යෂ්ඨික විකිරණ අඩංගුව බවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය රෝහණ චන්ද්‍රජිත් මහතා ඇතුළු පිරිසක් විසින් සොයාගෙන ඇත… මෙම අහිතකර විකිරණ ආහාර මාර්ගය ඔස්සේ ඉතා පහසුවෙන් මිනිස් ශරීරයට ඇතුළු වෙන බව පෙන්වා දෙන පර්යේෂකයන් කණ්ඩායම ඉදිරියේදී මෙම තත්වය වඩාත් බරපතල වනු ඇතැයිද පෙන්වා දෙයි. දිවයින පුරා ආවරණය යවන පරිදි මෙම පර්යේෂණය සිදුකර ඇති අතර එහිදී සෑම පළාතකින්ම ලබාගත් පස් තට්ටුවලින් න්‍යෂ්ඨික විකිරණ සොයාගෙන තිබේ. -LCN

    ආණ්ඩුවක් සහ ජනතාවක් සිටින රටක මෙවැනි ආරංචියක් අධ්‍යයන කේන්ද්‍රස්ථානයකින් ලැබුණා නම් මුළු රටම කලබල වන අතර, රජය සහ ආයතන පද්ධතිය දිවා රෑ වෙහෙසී එම සිද්ධියේ සත්‍ය අසත්‍යතාවය පිරික්සා, වහා ඊට පියවර ගනු ඇත…නමුත් අපේ රටේ ජන විඥාණය වත්, පාලක අධිකාරිය වත් යම් තම් හෝ සෙළවීමකටවත් ලක් වී නැත්තේ අපට බත් කන ජනතාවක් නො-ඉන්නා නිසා සහ රජයක් නොමැති නිසා හෝ තිබෙන රජය වෙන කාගේ හෝ රජයක් නිසා බවට උපකල්පනයන් කිහිපයක් කළ හැක….
    Sugar_Cane_Plant_Destilary_for_Sale_1.jpg

    කියුබාවේ ආර්ථිකය විනාශ කිරීම පිණිස, ඇමරිකානු සී.අයි.ඒ කාරයන් කිහිප විටක්ම එරට උක් වගාවට (ප්‍රධාන අපනයන නිෂ්පාදනයට දායක වන භෝගය) යොදන පොහොර වලට විකිරණ ශීලී අපද්‍රව්‍ය මුසු කළ බව 20 වැනි සියවසෙහි ඉතිහාසය හදාරා ඇති බොහෝ අය දන්නා කරුණකි…මෙවැනි දෑ බොහෝ දිළිඳු රටවල සිදුවන අතර, එක්කෝ පොහොර ඊනියා “සහනාධාර” වෙසින්, සමාගම් මාෆියාවන්ගේ යටි උගුල් ක්‍රියාත්මක කිරීම සඳහා සපයන ඇමරිකාව හෝ කිසිදු ප්‍රමිතිකරණයකින් තොරව, ලාභදායී ආනයනය සඳහා පොහොර නිපදවන චීනය වැනි රටවල් වෙතින් ලබා ගන්නා පොහොර නිසා සමස්ථ ජාතීන් රෝගාතුර වෙමින් පවතින බව ලොව නන් දෙසින් ඇසෙන දෙයකි…මේ රෝගී වන්නේද, මේ අනතුරට ලක්ව සිටින්නේද අපේ දේශය සහ එහි ජනතාවයි…අපි කෘෂිකර්මයට අමුත්තෝ නොවෙමු…
    පෙරදිග ධාන්‍යාගාර කථාව කෙසේ වෙතත්, අවම වශයෙන් සාගත වලින් නොමියෙන්නට ඇති තරම් බත සපයා ගත් උරුමයක් අපට ඇත…මේ ඊනියා වාණිජ වාදී ගොවිතැන් හඳුන්වා දුන් දා සිට, හොස්ස පෙවූ ජපන් පොහොර කාරයන්, බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු පොහොර කාරයන් (සහ ඔවුන් පිටුපස සැඟව සිටින නොයෙකුත් බලවේග) මෙන්ම එහි නූතන එකතුව වන චීනය ආදී රටවල්ද අපේ ගොවිතැන රකින එකම සරණ කර ගත් දා සිට අප කායිකවත්, ආර්ථිකවත් දුර්වලයෝ වෙමින් පවතින්නේ, මෙවැනි කෘෂි බීජ, පොහොර, රසායන, සහ පළිබෝධ රසායන හේතුවෙනි…නිෂ්පාදනය කරනු ලබන රටවල ප්‍රමිතිකරණයක් ඇතත්, ඒවා අපට එන්නේ කිසිදු ප්‍රමිතිකරණයකින් තොරව බව බ්‍රිතාන්‍ය වැනි රටක පොහොර පැකට්ටුවක සහ ශ්‍රී ලංකාවට ලැබෙන පොහොර පැකට්ටුවල මතුපිට කවර කියවා බැලුවත් ඕනෑම කෙනෙකුට අවබෝධ කරගත හැක…
    paddy-field1.jpg

    දේශයක් නිවහල් වන්නට නම් පළමුවෙන්ම කළ යුත්තේ, එහි ජනයා බුදින ප්‍රධාන ආහාර වේල “නිවහල්” කර ගැනීමයි…එතැන සතුරු බලවේග අල්ලා ගත් පසුව නිවහල් බව උදෙසා පොළවේ හැපුණාට, නිරෝගී දේශයක් උදෙසා උඩ පැන්නාට, කිරි බිව්වාට ඵලක් නැත…කැළණිය විශ්ව විද්‍යාලය අනුබද්ධිතව මහාචාර්ය නලින් ද සිල්වාණන් ප්‍රමුඛ පිරිසක් මේ පොහොර සහ කෘෂි රසායනික මාෆියාවන්ගෙන් රට මුදවා ගැනීමට සටනක් අරඹා ඇතත් එහි වත්මන් තත්වය ගැන අප නොදන්නේ, ඒවාට රුකුල් දීමට ඊනියා රාජ්‍ය පරිපාලනයට සහ ආයතන පද්ධතියට කිසිදු උවමනාවක් නැති නිසා විය යුතුය…පැරණි ක්‍රමවේදයන් යළි අවුස්සාගෙන රජරට මියැදෙමින් සිටින ජනයා මරණින් මුදවා නොගෙන, කෘෂි රසායනයන්ටම යටත් වන්නේ නම්, කොළඹ නෙළුම් කුළුණු ගැසුවාට දේශය ශක්තිමත් නොවනු ඇත…කෘෂි රසායන සමාගම් හරහාම අපේ කෘෂි කර්මාන්තයට “පළිබෝධ රෝගද” ආනයනය වී ඇති බැවින්, හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීමට පොහොර සහ කෘෂි රසායන අවශ්‍ය නම් ඒවා අපේම ප්‍රමිතිකරණයක් තුළ, ස්වදේශිකව නිපදවා ගබඩා කර තැබීම කෙරෙහිද අවධානය යොමුවිය යුතුය…


    Read more: http://sinhalabuddhist.com/2012/02/nuclear-radiant/#ixzz1mnQgcRez