ජපාන ඛේදවාචකයෙන් වාහන ගණන් ඉහළ යන ලකුණු
ජපානයේ සිදුවු භූ කම්පනය එරට තුළ සිදු කෙරෙන වාහන නිෂ්පාදන කටයුතු සඳහාද බලපෑමක් එල්ල කර තිබෙනවා. ශී‍්‍ර ලංකාව වැඩි වශයෙන් වාහන ආනයනය කරනු ලබන්නේ ජපානයෙන්.
මේ නිසා මෙම තත්ත්වය මෙරට වාහන වෙළඳපොල සඳහා බලපාන ආකාරය සම්බන්ධයෙන් ජපානයෙන් වාහන ආනයනය කරන ප‍්‍රධාන පෙලේ සමාගම්වලින් විමසීමකින් හෙළි වූයේ මෝටර් රථ සමාගම් කිහිපයක් වැඩ කටයුතු නවතා දමා ඇති හෙයින් වාහන මිළ ගණන් ඉහළ යා හැකි බවයි.
නිසාන් වර්ගයට අයත් මෝටර් රථ මෙරටට ගෙන්වනු ලබන්නේ ඇසෝසියේටඞ් මෝටර්වේස් සමාගමයි. කෙසේ වෙතත්, නිසාන් වර්ගයේ වාහන නිෂ්පාදනය කිරීම මේ වනවිට තාවකාලිකව නතර කර ඇති බව එම සමාගමේ අලෙවි සාමාන්‍යාධිකාරී ප‍්‍රදීප් විජේරත්න මහතා කියා සිටිනවා
++REP