Banana Facts - කෙසෙල් ගැන දැනගන්න
ලෝකයේ බහුලවම ආහාරයට ගැනෙන පළතුරු අතර කෙසෙල් වලට හිමිවන්නේ ප්රමුඛස්ථානයක්. ලෝකයේ රටවල් 107ක පමණ සාර්ථකව වගාකෙරෙන කෙසෙල් Musaceae පවුලට අයත් නිවර්තන කලාපීය ශාකයක්. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 1980ට වැඩි මධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 පමණ වන නිවර්තන කලාපයේ කෙසෙල් ශාඛය ඉතා හොඳින් වැඩෙයි. පළතුරකට අමතරව එළවළුවක් වශයෙන් ද කෙසෙල් පරිබෝජනයට ගැනෙයි. කෙසෙල්මුව (Inflorescence) යනු කෙඳි බහුල රසවත් ගුණදායි එළවළුවක් වශයෙන් ප්‍රචලිතයි.
කෙසෙල් ශාකයේ විශේෂ 70ක් පමණ දැනට හඳුනාගෙන ඇත. පඳුරු වශයෙන් ගහණව වැඩෙන මෙම ශාඛයේ විසල් පත්‍ර නටු රාශිගතවීමෙන් කඳ කොටස සකස්වී තිබෙන අතර එය ජල සංඝටිත වෙයි.
වගාව: කෙසෙල් යනු ජලසංවේදී ශාඛයක් බැවින් ජල පාලනය වගාවේදී ඉතා වැදගත් වෙයි. බීජ මඟින් හෝ ශාඛ පාදස්ථයෙන් ඉපිළෙන මොටෙයියන් මඟින් නව ප්‍රජාව බෝකරගත හැකියි. වාණිජ වගාවේදී පැල අතර පරතරය, පඳුරක පැල ගණන, වාතාශ්‍රය හා හිරුඑළිය, රෝග හා පලිබෝධ, පොහොර යෙදීම, පසේ ස්වභාවය හා පවිත්‍රතාව පිළිබඳ සැලකිලිමත්වීම ඉතා වැදගත්වෙයි.
වාණිජ්‍ය අගය: කෙසෙල් යනු වාණිජමය වටිනාකමකින් යුතු ආර්ථික බෝගයකි.
පෝෂණය: ඉතාමත් ගුණදායි පළතුරක් වන කෙසෙල් වැදගත් පොටෑසියම් ප්‍රභවයකි. ග්‍රෑම් 126ක් බර කෙසෙල් ගෙඩියක අඩංගුවන පෝෂක අගයයන් දළවශයෙන් පහත දැක්වෙයි.
විටමින් B6 - 0.5 mg
මැන්ගනීස් - 0.3 mg
විටමින් C - 9 mg
පොටෑසියම් - 450 mg
කෙඳි - 3 g
ප්‍රෝටීන් - 1 g
මැග්නීසියම් - 34 mg
ෆෝලේට් - 25 mcg
රිබෝෆ්ලවින් - 0.1 mg
නියසින් - 0.8 mg
විටමින් A - 81 IU
යකඩ - 0.3 mg
සැ.යු. අධික පොටෑසියම් සංයුතිය හේතුවෙන් අධික රුධිර පීඩනය පාලනය සඳහා වන ඖෂධ (Beta Blockers) බාවිතා කරන අයවලුන්, වකුගඩු රෝගීන් සහ අක්මා රෝගීන් කෙසෙල් පරිභෝජනයේදී සැළකිලිමත් වියයුතුය.
රෙප් සහ බම්ප්ස් අගය කරනු ලැබේ.