Bandu Samarasingha eeeeyaa

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    ජීවත්වෙන්න සල්ලි නැති නිසයි මම කඩේ ආවේ - බන්දු සමරසිංහ

    තමා දේශපාලනයට කඩේ ආවේ ජීවත්වෙන්නට මුදල් නොමැති කම නිසා බව ප්‍රවීණ සිනමා රංගන ශිල්පී බන්දු සමරසිංහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වේදිකාව තුළ පැවැත්වූ කතාවකදී හෙළිදරව් කර සිටියේය. ඔහු නුවරඑළියේ පැවති රැස්වීම අතරතුර කියා සිටියේ
    තමා ගෝඨාභය

    රාජපක්ෂ අවංක නායකයෙකු යයි කල්පණා කරන බවත් මේ ආකාරයට වේදිකාවට පැමිණීම කඩේ ඒමක් බව දන්නා බවත්ය. තමන්ගේ මුදල් ප්‍රශ්න නිසා මේ ආකාරයට වේදිකාවට පැමිණි බව ඔහු දන්වා සිටියේය.
    පසුගිය දිනවල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපතිවරණ ප්‍රචාරක රැස්වීම් රැසකට එක්වූ බන්දු සමරසිංහ බොහෝ විට වැඩිම ඉල්ලුම තිබූ අවසන් කතා දෙකින් එකක් සදහා ආරාධනා ලැබුවේය.

    ජනපති අපේක්ෂක ගෝඨාභයද බන්දු සමරසිංහ පැමිණි දිනවල ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිහ මහතාගෙන් අවසරයි යයි දන්වමින් සිය කතාව හැමවිටම ආරම්භ කිරීමට පුරුදුව සිටියේය. කෙසේ වෙතත් බන්දු සමරසිංහ මුදලට දේශපාලන කතා පවත්වා ඇති බව මෙම කතාව අනුව ඔහු විසින්ම හෙළිදරව් කර තිබේ.