ඇත්තටම පටලැවිලි සහගත හින්ද අහන්නෙ. මොකක්ද හරියටම වාමාංශික කියන්නෙ? සහ මොකක්ද වාමාංශික එකේ විරුද්ධ එක?
වාමාංෂික (Left) දේශපාලනයත් එක්කම යන්නේ සමාජවාදය (sociallism)
අනුරයියගේ කලින් පක්ෂේ JVP යන්නේ අන්ත වාමාංෂික (far left) (Marxism–Leninism)
දැන් NPP යන්නේ social democracy වගේ, මේක ටිකක් මධ්‍යස්ථව තියෙන වමට බර එකක්
මේකේ අනිත්පැත්ත දක්ෂිණාංෂික (Right) දේශපාලනය; capitalism වගේ concept මේකේ තියෙන්නේ
ලෝකේ බහුතරයක් රටවල් දැන් ඉන්නේ මෙන්න මෙතන
ඇයි ඉන්දියාවෙ එවුන්ට ඒක අවුල් වෙන්නෙ?
අපි ඉන්නේ ධනවාදි (capitalism) සමාජයක, මුලු ලෝකෙම වගේ
මේකේදි ඕන මනුස්සයෙක්ට දියුණු වෙලා සල්ලිකාරයෙක් වෙන්න අවස්ථාව තියෙනවා; නිදහසත් වැඩියි
වම කියන්නේ ඉතින් තනිකරම අනිත් පැත්ත; රජයෙන් හැම දේම control කරන්න යනවා
මිනිසුන්ට සහන වැඩියි; හැබැයි මේ ක්‍රමයේ රජයවල් ඉක්මණින් වැටෙනවා
ධනවාදයට බර රටවල් මේ වගේ වාමාංෂික රජයවල් බිමට දාන්න පුලුවන් උපරිම try කරනවා; සම්බාදක දානවා
උන් කැමති නැහැ එයාලගේ බලය නැති වෙනවට
this is a simplified version on such complex topic; im not a geo-political expert
මං කාලයක් තිස්සේ bookmark එකක් කරන් හිටපු කිරියේ කෙනෙක්ගෙම ලස්සන comment එකක් පහලින් quote කරන්නම්
Liberal උන්ගෙ තියරි වලින් හැදුන රටවල් නෑ. රටක් ගොඩනැගෙනව Conservative උන් නිසා, සැප වැඩි උනාම Liberal උන්ට Playground එකක් එනව උන්ගෙ හිතළු Theory popular කරවන්න, රට ආයි වැටෙනව, Consecutive උන් ආයි වැඩි වෙනව, ආයි වැටුන රට ගොඩනැගෙනව, ආයි Liberal උන් සෙල්ලම් කරන්න Playground එකක් හැදෙනව. චක්‍රයක් වගේ ඕකත්