එක මචන් Branch Manager අනුව තීරණය වෙනවා...ගොඩක් වෙලාවට වෙන්නේ Savings Account එකට Rs. 25,000/- සහ Current Account එකට Rs. 15,000/-. සේවින්ග්ස් එකවුන්ට් එකේ සල්ලි බැංකුවෙන් හෝල්ඩ් කරනවා...ඒ නිසා එක පාවිච්චි කරන්න බැහැ...කොහොමත් සේවින්ග්ස් එකවුන්ට් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ කරන්ට් එකවුන්ට් එකත් එක්ක..සේවින්ග්ස් නැත්තන් එවෙලේම තව එකක් හදනවා...
එකවුන්ට් එක පටන්ගන්නේ බිස්නස් එකේ නමින් නම් Business Registration Documents ඕනේ...උඹේ නමින් පටන්ගන්නවා නම්, උඹේ NIC එක ඕනේ...උඹ දැනට පදිංචි ඇඩ්‍රස් එක NIC එකේ තියෙන එකට වඩා වෙනස් නම්, Any Fixed Line Telephone Bill/Electricity Bill or Water Bill එකක් අවශ්‍ය වෙනවා..මේ හැමදේම නෙමෙයි මේකෙන් එකක්..එකෙන් තමයි ඇඩ්‍රස් එක වෙරිෆයි කරගන්නේ...
කොහොමත් ඉස්සෙල්ලම මැනේජර් එක්ක කතා කරන්න ඕනේ..ඊට පස්සේ තමයි මැනේජර් බලල කියන්නේ අවශ්‍ය ඩිපොසිට් එකයි අනික් විස්තරයි...
අවශ්‍යතා සහ මැනේජර් ගේ recommendation එක තියෙනව නම් උඹට ෆෝම් සෙට් එකක් දෙයි..එයාලා විස්තර කියයි..උඹට සේවින්ග්ස් එකක් නැත්තන් එවෙලේම සේවින්ග්ස් එකක් ඕපන් කරලා යන්න පුළුවන්...කරන්ට් එකවුන්ට් ෆෝම් එකේ තියෙනවා තවත් කොමර්ෂල් බැංකුවේ කරන්ට් එකවුන්ට් හෝල්ඩර් කෙනෙක්ට කියල අත්සන් කරගන්න ඕනේ තැනක්..ඒ නිසා ඒ අත්සන් සහ එයාගේ විස්තරත් දාන්න තියෙන නිසා උඹට කරන්ට් එකවුන් ෆෝම් එක අතට ගත්ත ගමන් එක පුරවල දෙන්න බැහැ..ඔක්කොම කම්ප්ලීට් කරගෙන ආපහු එන්න වෙනවා...
චෙක් පොතක චෙක් කොලයක් රුපියක් 10 ක් වෙනවා..මුලින් දෙන්නේ කොළ දහයක පොතක්..එකවුන්ට් එක හොඳට මේන්ටේන් වෙනවා නම් ටික කාලයකට පස්සේ කොළ 25 ක එකක් ඉල්ලන්න පුළුවන්..ඊටත් පස්සේ කොළ 100 ක් ඉල්ලන්න පුළුවන්...එකවුන්ට් එක ඕපන් කරලා Working Days 4 කින් විතර පොත එනවා බ්‍රාන්ච් එකට...
අර ඇඩ්‍රස් සීන් එක නම් අවශ්යි බන්..එක ගොඩක් බ්රාන්චස් වල හරියට බලනවා..තව විස්තර ඕනේ නම් PM me..