lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,384
    602
    113
    උබල එන්නද ?
    එංගලන්තයේ බර්ක්ෂයර්හි තේම්ස් නදිය හා කෘතිම ඇල මාර්ගයක් අතර ඇති දූපතක් වැනි ස්ථානයක වාසය කළ යාරොන් ලව්රි (58) සිය නිවස ගංවතුරින් බේරා ගැනීමට අපූරු ක්‍රමයක් උපයෝගි කැර ගත්තේය.
    නිතර නිතර ගංවතුරෙන් යටවන තම නිවස අඩි හතරහමාරක් ඉහලට එසවීමට ඔහු සමත්විය. පසුගිය ජනවාරියේ සිදුවූ ගංවතුරෙන් මේ ප්‍රදේශය ජලයෙන් යටවීමත් සමග ඔහුගේ අසල්වැසියෝ නිවෙස් හැර දමා වෙනත් ස්ථානවල පදිංචි වූහ. දුරකථන උපදේශකවරයකු වූ ලව්රි එසේ පලා ගියේ නැත. පරිගණක ගතකරන ලද ඔසවන (ජැක්) ආධාරයෙන් ඔහු නිවස එසවීමට කටයුතු කළේය.
    ලව්රි පැවසුවේ තම නිවස ටොන් 80ක් බර බවයි. ඔසවන 28ක් උපයෝගී කරගනිමින් පැයකට අඟල් තුන බැගින් නිවස එසවීමට පවුම් 70,000ක් (රුපියල් කෝටි එකහමාරක්) වැය වූ බව ඔහු කියයි.
    නිවස එසවීමෙන් පසු යට ඉතිරි වූ හිස් අවකාශය සිමෙන්ති ගල් යොදා වසා දමා ඇත. දැන් එය නව නිවසක් සේ පෙනෙයි. ගංවතුරෙන් හානිවන බැවින් පවුම් මිලියනයක් (රුපියල් කෝටි 21ක්) පමණ වටිනාකමක් සහිතව තිබූ මේ නිවසේ දැන් වටිනාකම පවුම් මිලියන 1.5 ක් (රුපියල් කෝටි 31.5) දක්වා ඉහළ ගොස් ඇත....:P:P:P

    1409541531801_Image_galleryImage_Yaron_Ivry_at_his_home_in.jpg


    1409541540726_Image_galleryImage_Yaron_Ivry_at_his_home_in.jpg


    1409541547523_Image_galleryImage_27_8_14_Picture_David_Cru.jpg


    1409541554613_Image_galleryImage_Yaron_Ivry_at_his_home_in.jpg


    1409541562493_Image_galleryImage_Yaron_Ivry_at_his_home_in.jpg



    http://www.lankadeepa.lk/index.php/articles/260090