Banshee +18 TV Series

007-Bond

Member
Jun 5, 2008
2,439
10
0
524647_347946065314701_82964417_n.jpg


207301_346671705442137_724484825_n.jpg


73426_343970562378918_1463951360_n.jpg


539508_343434005765907_1974467861_n.jpg


46276_329849467124361_1935169843_n.jpg


227598_326603417448966_1176273166_n.jpg


539508_343434005765907_1974467861_n.jpg



2013 වසරේ ජනවාරි මාස 11 වෙනිදා ඇමරිකාවේ HBO - Cinemax එකතුවෙන් ලොව පුරා විකාශය කිරීම් ඇරඹුවා. කතාව ආරම්භයේ සිටම IMDb හි 8.1 ක ඉහල ප්‍රේක්ෂක වටිනාකමක් මේ රූපවාහිනී කතා මාලාවට හිමිකරගන්න හැකි වුනා. ඒ නිසාම මේ වසරේ අලුතින් විකාශන කිරීම් ආරම්භ කරනලද කතා මාලා අතුරින් "බැන්ශේ" පෙරමුණ ගන්න හැකිවුනා. ඒ වගේම වෙනස් සාමාන්‍ය රුපවාහිනී කතා මාල වගේ නෙමෙයි , මෙහි ධාවන කාලය පැයක් වෙනවා. ඒ නිසා ඇක්ෂන් පිරුණු චිත්‍රපටියක් බලනවා වගේ කුතුහලයෙන් මෙය නැරඹීමේ හැකියාව තියෙනවා.


"බැන්ශේ" කියන්නේ ඇමරිකාවේ එක්තරා ගමක්. මේ ගම පිහිටා තියෙන්නේ නගරයෙන් හුඟක් ඈත්වයි. ඔය ගමට දැනට ඇමරිකාවේ සුප්‍රසිද්දම සොරා අවුරුදු පහලවක් හිරේ ඉඳලා නිදහස් වෙලා පැමිණෙනවා. ඒ ඔහුගේ පරණ පෙම්වතිය සොයාගෙන. ඒ ඔවුන් දෙදෙනා අවසන් වරට කරන ලස සොරකමෙන් සොරකන් කරන ලද දියමන්ති වල ඔහුගේ පංගුව ලබාගැනීමටයි. නමුත් ඇය තමාගේ ඇත්ත අනන්‍යතාවය වෙනස් කරමින් ව්‍යාජ නමකින් තමයි මේ ගමේ ජිවත් වෙන්නේ. ඒ මොවුන් දෙදෙනාව ඝාතනය කර දියමන්ති ලබාගැනීමත තවත් කොටසක් මොවුන්ව සොයනවා. නමුත් ඔහුට ඇයව මුණගැසෙන්න පෙර , යම් සිද්දියකට මුහුණපාන්න සිදුවෙනවා. මේ හේතුව නිසා මේ රටේ කුප්‍රකට සොරාට වෙනත් කෙනෙකුගේ අනන්‍යතාවක් ලැබෙනවා. ඒ වෙන කිසිවකු නෙමෙයි එම නගරයට පැමිණෙන අලුත් ෂෙරිෆ් පොලිස් නිලධාරියා වීමටයි. මේ සිදුවීම වෙන්නේ ටිකක් අමුතුම ආකාරයට. ඔය අතර මෙම නගරයේ සෑම අපරාධ ක්‍රියාවක්ම මෙහෙයවන බලවත් පුද්ගලයෙක් සිටිනවා. ඔහු මේ අලුත් ෂෙරිෆ් සමඟ ටිකක් වෙනස් ආකාරයේ ගැටුමක් ආරම්භ කරනවා. ඔන්න ඕක තමයි කතා සාරාංශය වෙන්නේ. මේ කතාව තුල ඇක්ෂන්, සටන්, අඩුවක් නැතුව බලන්න පුළුවන්, ඇක්ෂන් චිත්‍රපටි වලට එහෙම ප්‍රියකරන ප්‍රේක්ෂකයින්ට මේ රුපවාහිනී කතා මාලාවට අනිවාර්යෙන් අසා කරයි. හැබැයි මෙය අතිශයින් වැඩිහිටියන්ට පමණක් වූ කතා මාලාවක්. විශේෂයෙන්ම යම් දර්ශන සහ භාෂාව නිසා තමයි එහෙම කියන්නේ. ඒ නිසා බලන්න පෙර සිතා බලන්න.​


banshee sinhala subtitle කියලා ටයිප් කෙරුවොත් මේකට ඉංග්‍රීසි වගේම සිංහල උපසිරැසිත් ගූගල් කෙරුවොත් හොයා ගන්න පුළුවන්
 

007-Bond

Member
Jun 5, 2008
2,439
10
0
this series has good climax ....... I'm following

banshee sinhala subtitle කියලා ගූගල් කෙරුවොත් ටයිප් කෙරුවොත් මේකට සිංහල උපසිරැසිත් හොයා ගන්න පුළුවන්. ස්පෑම් වෙන නිසා මෙතන ලින්ක් එක දාන්න බැහැ