You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
වයඹ ආණ්ඩුකාර මුසම්මිල් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි
(පුෂ්පකුමාර ජයරත්න)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත්කරන ලද ඒ.ජේ.ඒ.මුසම්මිල් මහතා මෙතෙක් වයඹට පත්වූ ආණ්ඩුකාරවරුන් භාවිතා කළ ආණ්ඩුකාර කාර්යාලය සහ නිල නිවස භාවිතයට ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බරපතල ගැටඵ රැසක් මතුව ඇතැයි වාර්තාවේ.
තම කටයුතු සඳහා වයඹ ආණ්ඩුකාර කාර්යාලය සහ නිල නිවෙස වෙනුවට කුරුණෑගල වැව රවුමේ පිහිටි වයඹ ප්‍රධාන අමාත්‍යවරුන්ගේ නිල නිවස ලබාදෙන ලෙස මුසම්මිල් මහතා වයඹ පළාත් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.
මාලිගාව නමින් ප්‍රකට වයඹ පළාත් සභා ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටි ඉපැරැණි දෙමහල් ගොඩනැගිල්ල මෙතෙක් වයඹට පත්වූ ආණ්ඩුකාරවරුන් සියඵම දෙනා තම කාර්යාලය ලෙස භාවිතා කළද ආණ්ඩුකාර කාර්යාල භූමියේ කොටසක බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍රවූ ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් පිහිටා තිබීම සහ ඒ ආසන්නයේම දළදා වහන්සේ වැඩසිටි ඉපැරැණි දළදා මාලිගාවේ නටබුන් පිහිටා තිබීමත් හේතුවෙන් මුසම්මිල් මහතා පැරැණි ආණ්ඩුකාර කාර්යාලය භාවිතා කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව වයඹ පළාත් සභාවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය .
එසේම මෙතෙක් වයඹට පත්වූ සෑම ආණ්ඩුකාරවරයෙකුම භාවිතා කළ කුරුණෑගල වැව රවුමේ පිහිටි මෑතකදී නවීකරණය කරන ලද ආණ්ඩුකාර නිල නිවසද පැරැණි එකක් බව පවසා එය භාවිතයට ගැනීම නව ආණ්ඩුකාරවරයා ප්‍රතික්ෂේප කළ බවද එම නිලධාරියා ප්‍රකාශ කළේය.
වයඹ ආණ්ඩුකාර කාර්යාලය භාවිතා කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එහි ඇති සියඵම කාර්යාලයීය උපකරණ කුරුණෑගල වැව රවුමේ පිහිටි ප්‍රධාන අමාත්‍ය නිල නිවෙසට රැගෙන යාමට සිදු වීමෙන් ආණ්ඩුකාර කාර්යාලයේ කාර්ය මණ්ඩලයද බරපතල අසීරුතාවයකට මුහුණ පා සිටින බවද වාර්තා වේ. මුසම්මිල් මහතා වයඹ ආණ්ඩුකාර ධූරයේ දිවුරුම් දීම අනිද්දා (2) පෙරවරු 9.00 ට සිදු කිරීමට නියමිත අතර එම කෙටි කාලය තූළ වයඹ ප්‍රධාන අමාත්‍ය නිල නිවස ආණ්ඩුකාර කාර්යාලයක් බවට සූදානම් කිරීමට සිදුවීමෙන් ආණ්ඩුකාර කාර්යාලයේ කාර්ය මණ්ඩලයද බලවත් අසීරුතාවයකට මුහුණ පා සිටිති.
මෙම ආණ්ඩුකාර තනතුරු ප්‍රදානය කර තිබෙන්නේ මීලඟ මහ මැතිවරණය තෙක් බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබියදී මාස තුනක් වැනි කෙටි කාලයකට මේ ආකාරයට වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලය ස්ථාන මාරුවකට ලක් කිරීම නිකරුනේ සිදු කරන විශාල මුදල් නාස්තියක් සහ ආණ්ඩුකාර කාර්ය මණ්ඩලය වෙහෙසට පත් කිරීමක් වන බවද වයඹ පළාත් සභාවේ උසස් නිලධාරියා පෙන්වා දුන්නේය
.
මුස්ලිම් ජාතිකයෙකු වන මුසම්මිල් මහතාගේ පත් කිරීම සම්බන්ධයෙන් වයඹ පළාතේ භික්ෂූන් වහන්සේලාද දැඩි විරෝධයක් පළ කර සිටින අවස්ථාවක මෙසේ කාර්යාලය මාරුකිරීමද තවත් ගැටඵවකට මුහුණ පාන සිදුවීමක් විය හැකි බවද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.