Bathiudeen vilpattu project links

Helaya_119

Member
May 2, 2015
41
4
0
Bathiudeen vilpattu project - links below

විල්පත්තු වනෝද්‍යාන රක්ෂිතය විනාශකරමින් කටාර් රාජ්‍යයේ "ෂෙයික් හමාඩ් බින් පදනම" නම් වූ රාජ්‍ය නොවන ආයතනයේ මූල්‍ය ආධාර මත රිෂාඩ් බදියුද්දීන් විසින් ගොඩගන "වයඹදිග සුන්නි මුස්ලිම් කලාපය".

යුද්ධයෙන් අවතැන් වූවන් යළි පදිංචි කිරීමට ආධාරදෙන මුවාවෙන් පුණ්‍ය ආයතනයක් ලෙස පෙනී සිටින කටාරයේ ෂෙයික් හමාඩ් බින් රාජ්‍ය නොවන සංවිධානයේ අරමුණ කුමක්ද? ඔවුන්ගේ වෙබ් අඩවි වල සහ ගිවිසුම් ප්‍රතවල සදහන් කරන පරිදි පළමු අදියරේදී "සුන්නි මුස්ලිමුන්" සදහා නිවාස ඒකක 514 සහ දෙවන අදියරේ නිවාස ඒකක 1000 ක් සෑදීමට නියමිතය. මුස්ලිමුන් විසිදහසක් අත්පත් කරගත් නව ඉඩම්වල පදිංචි කිරීම ව්‍යාපෘතියේ අරමුණ බවද සදහන් කරයි. නිවාසලාබීන් පොදුවේ මුස්ලිම් ලෙස හදුන්වනවා වෙනුවට "සුන්නි මුස්ලිම්" ලෙස විශේෂණය කර සදහන් කිරීමට කටාර් රාජ්‍ය නොවන සංවිධානය වගබලා ගනී. ඒ ඇයි.

වහාබ්වාදය නම් වූ අතිශය ප්‍රචන්ඩ ඉස්ලාමීය මුලධර්මවාදය ගොඩනැගෙන්නේද වර්ථමානයෙත් ක්‍රියාත්මක වන්නේද සුන්නි මුස්ලිම් ගෝත්‍රය පදනම් කරගෙනය. කටාරය යනු ඉස්ලාමීය සුන්නි වහාබ්වාදය පෝෂණය කරන ප්‍රධානතම ඉස්ලාම් රාජ්‍යයයි. අයිසීස් ත්‍රස්ත සංවිධානයට ආධ්‍යාත්මික සහ මූල්‍යමය අනුබලය සපයන ප්‍රධානම රට ලෙසද කටාරය සැලකෙයි. කටාරයේ ඉස්ලාමීය ආධ්‍යාත්මික නායකයෙකු ලෙස සැලකෙන යුසෆ් අල් කර්දාවී නම් වූ බිහිසුණු ත්‍රස්තවාදියාගේ උපදෙස් මත ලංකාවේ වහාබ්වාදය ප්‍රචලිත කිරීම සදහා රාවූෆ් හකීම්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණය සහ හිටපු අමාත්‍ය බදිඋද්දීන් මහමුද්ගේ පුත්‍රයාගේ ප්‍රධානීත්වයෙන් කටාරයේ ආගමික උපදෙස් මත අටවාගෙන ඇති "ජාතික ශූරාහ් සභාව" නම් වූ වහාබ්වාදී කල්ලිය ගැනද පසුගිය සමයේ කතා බහට ලක්විය.

එසේනම් වහාබ් අන්තවාදයේ ප්‍රධාන වාහකයා වූ කටාරයේ ස්ථාපිත වූ වහාබ්වාදී රාජ්‍ය නොවන සංවිධානයක් පුන්‍යආයතන නමින් බැටළු හම් පොරවාගෙන සුන්නි මුස්ලිම් ජනපද කලාප බිහි කරමින් විල්පත්තුවට අතපෙවීමේ අරමුණ පැහැදිළිය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය යටකරමින් සුන්නි වහාබ්වාදී රැල්ලක් ගොඩනැගෙමින් පවතින බව රහසක් නොවේ. ඒ පිටුපස ක්‍රියාත්මක වන්නේ කටාර්,සෞදිය ඇතුළු මැදපෙරදිග රටවලින් රාජ්‍ය නොවන පුණ්‍ය ආයතන මුවාවෙන් රටට ඇතුළු වී සිටින ඉස්ලාමීය මූලධර්මවාදී කල්ලි කණ්ඩායම්ය. ඒ සදහා පහසුකම් සපයන්නේ හකීම්, බදිඋද්දීන්, සාලි, අතාවුල්ලා ඇතුළු මුස්ලිම් දේශපාලකයන්ය.

කාත්තන්කුඩිය, කල්මුණේ කෙන්ද්‍රකරගෙන ලංකාවේ නැගෙනහිර වෙරළබඩ කළාපය මේ වන විටත් සුන්නි වහාබ්වාදය විසින් ගිලගෙන අවසානය. විල්පත්තුව සමතලා කරමින් සුන්නි වහාබ්වාදී අංකුර පැළ කරමින් මේ ක්‍රියාත්මක වන්නේ වයඹදිග වෙරළබඩ කළාපයද සුන්නි වහාබ්වාදයට යට කිරීමේ ජාත්‍යන්තර ඉස්ලාම් අන්තවාදී සැලසුමය. මෙම ප්‍රශ්නයට අවස්ථාවාදීව දේශපාලන අර්ථකතන දෙමින් සහ පාරිසරික වැදගත්කම පමණක් සලකමින් අප වාද විවාද කරගනිද්දී වයඹදිග සෆිස්ථානය බිහි කිරීමේ පදනම දැනටමත් ඔවුන් දමාගෙන අවසානය.
-කඩුව


http://80.76.165.108/Projects/2/2#.VUzCUvnogkg

http://80.76.165.108/projects/2/3#.VUzCV_nogkg

http://80.76.165.108/projects/2/4#.VUzCW_nogkg

http://80.76.165.108/projects/2/5#.VUzCX_nogkg

http://www.hawamer.com/vb/showthread.php?t=1133697

http://80.76.165.108/Projects/2/2#.VUzCZ_nogkg

http://www.al-sharq.com/news/details/286753#.VUzCePnogkh

http://80.76.165.108/projects/2/1#.VUzCN_nogkg