BATHIYA&SANTHUSH

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    amarasiri pirisma kiyalaa thiyenawaa B&S eka kale naha kiyalaa...


    මම කාටවත් චෝදනා කලේ නැහැ - අමරසිරි පීරිස්
    දුරකථන නාද සදහා ගීත අලෙවි කිරීමේ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් භාතිය සන්තුෂ් අදහස් දක්වයි .

    අමරසිරි පීරිස්ගේ ගීත හොරකම් කර ජංගම දුරකථන නාද රටා සඳහා අලෙවි කළා යැයි ඔබ දෙදෙනාට නැගෙන
    චෝදනාවේ සත්‍ය අසත්‍යතාව මොකක්ද ?
    ඒක සම්පුර්ණ බොරුවක් .අපි සංගීතය වෙනුවෙන් කරලා තියෙන දේවල් බලන් ඉන්න බැරුව ගොතපු කතාවක් ඒ .
    ගීත අලෙවි කිරීම වෙනත් ආයතනයක් විසින් කරන දෙයක්.


    අමරසිරි පීරිස් මහතා සමග මීට පෙර ගනුදෙනු කර තිබෙනවද ?
    ඔහු සමග කිසිම සංගීත නිර්මාණ කටයුත්තකට දායක වෙලා නැහැ.
    සංගීත සංදර්ශන වලදී හමු උනාම සුහදව කතා බහ කර තියෙනවා.


    අමරසිරි පීරිස් මහතාගෙන් මේ ගැන විමසීමක් කලාද?
    ඔහු චෝදනා කරන්නැහැ ,අපි අනවසරයෙන් ඔහුගේ ගීත ගත් බවට


    නමුත් එක්තරා මාධ්‍යක ඔහු එහෙම ප්‍රකාශයක් කර තිබෙනවා ?
    ඒ දැකපු බොහෝ දෙනෙක් අපෙන් ඒ ගැන විමසීමක් කළා.පසුව
    අපිත් සොයා බැලුවා.එහි අපේ නම් සදහන් වෙලා නැහැ .ප්‍රසිද්ධ
    තරුණයන් දෙදෙනෙක් කියලයි එහි සදහන් වෙන්නේ .


    අමරසිරි පීරිස් ඒ සඳහා දුන් පිළිතුර කිව්වොත් ?
    අපි ඔහුගෙන් ඇහැව්වා ‘මොනවද මේ කියලා තියෙන්නේ ,ඒ ගීතය රිගින් ටොන්
    සදහා විකුණුවේ වෙනත් ආයතනයක් කියලා දැනගෙන ඇයි අපේ නම් සදහන් කලේ’ කියලා
    එතකොට ඔහු කිව්වා ‘නැහැ මල්ලි මම එහෙම දෙයක් කිව්වේ නැහැ ,මගෙන් ඇහුවේ අද කාලේ තරුණයෝ
    රිගින් ටොන් සදහා ගීත විකුණනවා නේද ‘කියලා විතරයි එතකොට මම කිව්වා ‘එහෙම කරන්නේ ගායකයාගෙන් අහන්නේ
    නැතිවනේ’කියලා විතරයි කියලා ඔහු කිව්වා ඒ වගේම ඔහු කිව්වා අපේ නම් සදහන් කරලා කොටින්ම කටට වචනේ දීලා
    උත්තරේ ගන්නයි ඒ මාධ්‍යට උවමනා උනේ කියලා


    මේ පිලිබඳ නිවැරදි කිරීමක් කරන්න කියලා අමරසිරි පීරිස් මහතාගෙන් ඉල්ලා සිටියේ නැද්ද?
    ඔව් කිසිම මාධ්‍යකින් හෝ පුද්ගලයෙක් හෝ මේ ගැන විමසුවොත් ඇත්ත කියන්න කියලා ඔහුට කිව්වා
    ඒවගේම ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක ඔහුට කතා කලොත් මේ ගැන නිවැරදි කිරීමක් කරන්නම් කියලත් ඔහු
    කිව්වා


    ජංගම දුරකථන වලට රිගින් ටොන් ඇතුලත් කිරීම ගැන බොහෝ ප්‍රවීනයින් චෝදනා නගනවා.තරුණයින් විදියට
    ඔබලා ඒ ගැන මොන වගේ අදහසක් ද දරන්නේ ?
    මුල් කාලේ මිනිස්සුන්ට ගීත අහන්න ලැබුනේ වේදිකාවෙන්.පස්සේ කැසට් පට ,සී ඩී තැටි නිකුත් උනා.ඒ වගේ ගීත රස විදීමේ
    අලුත්ම සොයාගැනීම විදියට රිඟින් ටොන් හඳුන්වන්න පුළුවන්.අපි විතරක් නෙමේ මුළු ලෝකයම භාවිතා කරන ඩිජිටල් ක්‍රමයක් මේක .
    තමන් කැමතිනම් තමන්ගේ ගීත ඒ මාධ්‍යට ලබා දෙන්න පුළුවන් නැතිනම් අකමැත්ත ප්‍රකාශ කළා නම් ඉවරයි .


    එත් සන්තුෂ් අද කාලේ ගායන ශිල්පියාට නොදන්වා විවිධ ආයතන මගින් ඒවා රිගින් ටොන් සදහා අලෙවි කර මුදල් හම්බ කර ගැනීමක් බවට පත්වෙලා නේද?
    ඔව් ඒ ගැටලුව නැති වෙන්න නම් හරියාකාර නීති පද්ධතියක් ක්‍රියාත්මක වෙන් ඕනේ .එතකොට ඔය කලාකරුවන් නගන චෝදනා වලට පිළිතුරු ලැබේවි .
    ඒවගේම අසාධාරණ ලෙස මුදල් හම්බ කරන පිරිසටත් නිසි දඩුවම් ලැබේවි .එහෙම නැතිව එක එක්කෙනාට චෝදනා එල්ල කිරීමෙන් ඵලක් නැහැ


    ඔබලාගේ ආයතනයක් මගින් රිගින් ටොන් සඳහා ගීත අලෙවි කරනවාය කියලත් චෝදනාවක් තියෙනවා ?
    අපේ ආයතනයෙන් සිදුකෙරෙන්නේ අපේ ගීත නිර්මාණ කිරීමයි .අපේ ගීත රිගින් ටෝන් සඳහා දුරකථන සමාගමකින් ඉල්ලුවොත් අපි ඒවා ලබාදෙනවා .
    අපිට ඒ සදහා සරිලන මුදලක් ලැබෙනවා.එතැනදී අපේ ආයතනයෙන් පිට නිර්මාණය වූ ගීත අලෙවියක් සිදු වෙන් නැහැ.මේ ආයතනය ආරම්භ කරන්න
    කලින් අපිත් ඔය විපතට මුහුණ දුන්නා.ඒ නිසයි අපේම කියලා ස්ටුඩියෝ එකක් හැදුවේ .නැතිව වැරදි විදියට ඒවා පාවිච්චි කරන්නැහැ .ඊර්ෂාසහගත
    පිරිසක් මත ගොඩනැගුනු අමුලික බොරුවක් තමයි මේ දවස්වල රාවයක් විදියට යන්නේ .


    භාතියගේ අදහසක් නැද්ද මේ ක්ෂේත්‍රයේ තනිව ගමනක් යන්න ?
    මගෙයි සන්තුශ්ගෙයි බැඳීමට ලොකු ඉතිහාසයක් තියෙනවා .මේ හැම නිර්මාණයක්ම කලේ අපි එකට දෙන්නගෙම අදහස් වලට .
    ඒ නිසා ආ ගමන දෙකක් නොවී එකක් විදියටම තිබුනොත් හොඳයි කියලා මට හිතෙනවා .


    භාතිය හා සන්තුෂ්ට නැගුණු චෝදනාව පිළිබඳව ප්‍රවීන ගායක අමරසිරි පීරිස් මහතා දුන් පිළිතුර

    ඔය කියන මාධ්‍ය ආයතනය මගෙන් රිගින් ටෝන් ගැන හා මගේ ගීතය සොරකම් කර මුදල් ඉපයීම ගැන ඇහුවා.මම කොතනකවත් භාතිය
    සන්තුෂ්ගේ නම් සදහන් කලේ නැහැ .මොකද ඒ අය මේකට සම්බන්ධ නැති නිසා .මම කිව්වේ ඇතැම් තරුණ ගායකයන් අනිත් ගායක ශිල්පීන්ගේ ගීත
    රිගින් ටෝන් සඳහා අලෙවි කරලා මුදල් හම්බ කරනවා කියලා විතරයි .මම කිව්ව දේ වීකෘති කරලා ලිපිය පල කරලා තියෙනවා.
    ගීතයක අයිතිය පද රචකයට වගේම ගායකයටත් සංගීත නිර්මාණ කරුවාටත් අයිතියි .ඒ ගැනයි මම කතා කලේ .ඒ නැතුව භාතිය සන්තුෂ්ට
    විරුද්ධව මම කතා කලේ නැහැ .තුවාලයක් ඇඟේ තියෙන මනුස්සයෙකුට සුළං පොදක් වදෙනකොටත් රිදෙනවා .මේ වගේ ප්‍රචාරයක් කරලා තියෙන්නේ
    ඒ වගේ අය වෙන්ඇති .



    තැන්ක්ස් මචා මේක දැම්මට.ගොසිප්9 පච දැමීමට පෙර දෙවරක් නොව දහස් වාරයක් හිතන්න.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    reputation_neg.gif
    BATHIYA&SANTHUSH 04-08-2012 01:27 PM pala kariyo yanna!



    haaaaa :D