පට්ට විස්තරේ දත් අංකල්මෙය දකින විට මට එකවර ම සිහිපත් වන්නේ 2000 වසරේ දී පමණ සිදුවූ සිදුවීමකි.
මිලි. 60 මෝටාර් උණ්ඩ ලක්ෂ දෙකක් තොගයක් දකුණු අප්‍රිකාවෙන් මිලට ගෙන ලංකාවට ගෙන්වීම සදහා කේප් වරායෙන් නැවි ගත කරන ලද අතර, අද වන විටත් ඒ බඩු තොගය මෙරටට පැමිණ නැත. පසුව සොයා බැලීමේ දී හෙළිවූයේ ඒ බඩු තොගය මෙරටට ගෙන ඒම සදහා පටවා ඇතතේ කොටි සංවිධානය සතු වූ නැවකට බවය.
මෙවන් අති විශාල පුපුරණ ද්‍රව්‍ය සහ යුධෝපකරණ මෙරටට නේවීමට කොටින්ට හැකිවූ ආකාරය මෙන් ම, ඒවා පටවා ගත් අවසන් නැව් 12 විනාශ කිරීම ද වෙනම ම කතා කල යුතු විෂය පථය වෙයි.
මෙතැන යුග දෙකක පුද්ගල නාශක බෝම්බ ඇත. හතරැස් ජොනී බට්ටා මුල් කාලයේ ඒවාය. මෙරටට 100%ක් ම එකලස් කල ඒවාය. රවුම් හැඩ ජොනී බට්ටා පසු කාලීනව දියුණු කල එකක්. එය මෙරට මුල් කාලයේ එකලස් කල ද, අවසන් කාලයේ දී දක්නට ලැබුනේ දකුණු අප්‍රිකාව, සෙනෙගාලය, මියන්මාර් සහ කාම්බෝජයේ භාවිතා වන පුද්ගල නාශක බෝම්බය. ෂෙල් උණ්ඩ බහුතරය දකුණු අප්‍රිකානු ඒවා වන අතර, මෝටාර් බෝම්බ රුසියානු සහ බෙල්ජියම් ඒවා ය.
බොහොම අගෙයි බොහොම අගෙයි


