ශ්‍රී ලංකාවේ බෞද්ධ ජාතිකවාදය උත්සන්න වෙලා - ඇම්නස්ටි ජාත්‍යන්තරය
සමස්තයක් ලෙස ගතව ගිය වසරේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වයේ යහපත් ප්රවණතා දක්නට ලැබුණ ද, සුළුතර මුස්ලිම් සහ ක්‍රිස්තියානි ප්‍රජාවට එරෙහි ප්‍රහාර යළිත් වරක් මතුවීම සහ අතීත වැරදිවලට දඬුවම් නොදීම බරපතල අවධානයට ලක්ව තිබෙන බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් පවසයි.
කෙසේ වුවත්, භාෂණයේ නිදහස වැනි ඇතැම් ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් දකුණු ආසියාවේ වෙනත් බොහෝ රටවල තත්වය යහපත් නොවූවද, ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව ඇම්නස්ටි ජාත්‍යන්තරය නිකුත් කළ වාර්ෂික වාර්තාවේ ප්‍රබල අවධානයක් පළ වී නොමැති වීමත් විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවේ බලහත්කාර අතුරුදහන් කරවීම් සම්බන්ධයෙන් තවමත් යුක්තිය ඉටු නොවීම, ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු වූ ප්‍රකාර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකිරීම, යුද සමයේ සිදු වූ බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව සත්‍යය සෙවීම සහ යුක්තිය ඉටුකිරීම පමාවීම සහ සුළු ජනකොටස්වලට එරෙහිව සිදු කෙරෙන නොසලකා හැරීම් සම්බන්ධයෙන් වාර්තාව විශේෂයෙන් සඳහන් කරයි.
2015 දී ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් සම්මත කරගන්නා ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 30/1 යෝජනාව ප්‍රකාර සත්‍යය සෙවීම සහ යුද සමයේ සිදුවීම් යළිත් සිදු නොවීම පිණිස වසර අවසානය වනවිට ක්‍රියාත්මක කළ යුතුව තිබුණු කරුණු මෙතෙක් ඉටු කර නොමැති බව පෙන්වා දෙන වාර්තාව, විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය සහ බුදු දහමට හිමි ස්ථානය සම්බන්ධ මතභේද හමුවේ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය ද අතරමග ඇණහිට තිබෙන බවත් පෙන්වා දෙයි.
ඒ අතරම මුස්ලිම් පුද්ගල නීතිය ඇතුළු ඇතැම් නීතිවල පවතින නොසලකා හැරීමේ වගන්ති සංශෝධනය කිරීමට කටයුතු කරන මෙන් එක්සත් ජාතීන්ගේ කමිටුවක් පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකා ආණ්ඩුවට දැනුම් දුන් බවත් වාර්තාව සිහිපත් කරයි.
මුස්ලිම් විවාහ නීතියට අනුව ළමා විවාහවලට මග පැදීම, විවාහක පුරුෂයා විසින් සිදුකරනු ලබන ස්ත්‍රී දූෂණ දූෂණයක් ලෙසින් පිළිනොගැනීම සහ මුස්ලිම් අධිකරණවල විනිසුරුවරුන් ලෙසින් ක්‍රියාකිරීමට කාන්තාවන්ට අවසර නොලැබීම පිළිබඳව එක්සත් ජාතීන් විශේෂ අවධානය යොමු කර තිබුණි.
එමෙන්ම ශ්‍රී ලංකාව තුළ තවමත් කාන්තාවන්ට සහ දැරියන්ට එරෙහි ප්රචණ්ඩ ක්‍රියා, ළමා විවාහ සහ ගෘහස්ත ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් දඬුවම් ලබා නොදීමේ වාතාවරණයක පවතින බව ද ඇම්නස්ටි ජාත්‍යන්තරය බ්‍රහස්පතින්දා (පෙබරවාරි 23) නිකුත් කළ වාර්ෂික වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
http://www.bbc.com/sinhala/world-43160086?ocid=socialflow_facebook
මේ රටේ වැඩ කරන්න ඕන උන්ට කියන විදිහට..කෝ බන් අපේ නිදහස?.
මේ රටේ වැඩ කරන්න ඕන උන්ට කියන විදිහට..කෝ බන් අපේ නිදහස?.


