BBQ මාකොළ #reviewedbypathumkerner

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    එළියේ ඉඳගෙන කෑම කන එක අලුත් දෙයක් නෙවෙයි. අපි බොහෝ දෙනා ප්‍රිය කරන දෙයක්.

    වන්දනාවක ගියත්, ඈත යන කොට තේ කඩේක නැවැත්තුවත් අපි එළියේ ඉඳගෙන හුළඟක් වැදී ගෙන කෑම කන්න කැමතියි.

    Out door dining කියන්නේ ලෝකයෙත් ජනප්‍රිය දෙයක්. මිනිස්සු කැමතියි ඒ නිදහසට.

    යුරෝපයේ රට වල මෙහෙම එළියට වෙලා කෑම කන්න පුළුවන් අවුරුද්දේ මාස 2,3ක් විතරයි. සීතල නිසා ඒක කරන්න බෑ. හැබැයි අපිට අවුරුද්ද පුරාම එහෙම කිරීමේ වාසනාව තියෙනවා. වැහි දවස් ඇරුණම.

    දහවල් කාලයේ ගස් සෙවණක් උනත්, රාත්‍රී කාලයට ඕනෑම තැනක මේක කරන්න පුළුවන්. ලංකාවෙ තියෙන ලොකුම ගැටළුව තමයි කපුටෝ සහ වීදි බල්ලෝ. මේ දෙවර්ගයම පාලනය කරන ක්‍රමයක් අපි ලඟ නෑ. සමහර තැන් වල කොක්කු සහ වඳුරොත් ප්‍රශ්නයක්.

    සිංගප්පූරුවේ තියෙන්නේ අපේ වගේම දේශගුණයක්, රට පුංචි වීම නිසා ඉඩ කඩ අඩුයි. ඒ නිසා ගොඩක් තැන් වල එළියේ මේස දාලා කැම කන්න ලෑස්ති කරලා තියෙන්නේ. හැබැයි කාක්කෝ සහ බල්ලෝ මෙහේ නෑ. බල්ලෝ පාර වල් වල නෑ. අසරණ බල්ලෝ ඉන්නවා නම් උන්ට ඉන්න වෙනම තැන් හදලා බෝ වෙන එක නවත්වලා, මැරෙන කං බලා ගන්න සූදානම් කරලා. කාක්කෝ වඳ කරලා බෝ වෙන්න නොදීම. කූඩුවක් දැක්කත් ඒක අයින් කරනවා කියලා සිංගප්පූරුවේ වැසියෙක් මාත් එක්ක කිව්වා. ඒ නිසා එහේ රෑට එළි මහනේ කෑම කන සංස්කෘතියක්ම හැදිල.

    ලංකාවෙත් දැන් දැන් මෙහෙම තැන් දකින්න තියෙනවා. මේ මාකොළ තියෙන තැනක්. බාබකියු හදන. මේක චේන් එකක්. ඒ කියන්නේ තැන් 4 ක මේ වගේ කඩ දාලා. වැඩේ හොඳයි. චිනක් සහ පෝක් රසට තිබුණා. ඒක එක්ක හොඳ දේශීය ලුණු මිරිස් රහට හදපු සෝස් එක නැගලා ගියා. මෑෂ් පොටේටෝ එකත් පදමට.

    තෘප්තිමත් ආහාර වේලක් ලස්සනට එළියේ ඉඳගෙන කන්න ලැබුනා.

    ඉතිං ඉස්සරහට හැමොටම මේ වගේ ආහාර වේලක් ඉඳලා හිටලා කන්න ලැබෙන රටක් හදන්න ඕනේ. එහෙම කරන්න නම් මේ වගේම ව්‍යාපාර වලින් ධනය ජනිත කරන්න ඕනේ. රැකියා බිහි කරන්න ඕනේ. හොඳ වෙළෙඳපොළ ආර්ථිකයක් නිර්මාණය කරන්න ඕනේ. අලුත් ව්‍යාපාර සාර්ථක කර ගන්න රාජ්‍ය පරිපාලනයක් හදන්න ඕනේ. මූල්‍ය වෙළෙඳපොළක් හැදෙන්න ඕනේ.

    ඊට පස්සේ මේ රසයන් තවත් ජනප්‍රිය වේවි. ජීවිතේ විඳින්න මිනිස්සු ලංකාවට ඒවි. ඒ රට හදපු දාට හොඳට නිදිය ගන්නවා.

    ඔබත් දවසක රස විඳින්න.
    ජයවේවා

    පැතුම් කර්නර්
    #reviewedbypathumkerner