බොදු බලේ ආණ්ඩුවට කඩේ යෑම සහ බැසිල්ගේ නිරුවත මෙන්න (AUDIO)
බොදු බල සේනා සංචිධානය ශ්‍රී ලංකාවේ සිංහල ජනතාව දේශපාලන අතකොළුවක් බවට පත්කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි.
කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා අද(15) වැඩිදුරටත් පැවැසුවේ එම සංවිධානය සිංහලයන්ගේ අභිමානයද නැති කළ බවයි.
මෙහිදී ඔහු විසින් විශේෂ හෙළිදරව්වක් කරන ලදී බොදුබල සේනා සංවිධානය ජනාධිපතිවරණයට පෙර දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ දේශපාලන පක්ෂයකට සහය නොදෙන බවත් ඉදිරියේදී ඇතැම් විට බොදු බලසේනාවද දේශපාලනයට අවතීරණ වීමට ඉඩ ඇති බවයි.
බොදු බල සේනා සංවිධානයේ සහය ඇතිව එක්‌සත් ලංකා පොදුජන පක්‍ෂය වෙතින් ජනාධිපතිවරණයට රුවන්තිලක පේදුරුආරච්චි ඉදිරිපත් කිරීමට සැලසුමක් තිබුනද ඊට පෙර බොදුබල සේනා සංවිධානය ආණ්ඩුව සමග සම්බන්ධතා ඇති කර ගනිමින් ජාතික ව්‍යාපාරයක්ව පැවති බොදු බල සේනාව ආණ්ඩුවේ දේශපාලන ප්‍රචාරයට යොදාගත් බවට හෙළිවී ඇත.
බොදු බල සේනාවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරිම වැලැක්විමට බැසිල් රාජපක්ෂ මහතා බොදු බල සේනා සංවිධානය හරහා ලක්ෂ 20ක මුදලක් රුවන්තිලක පේදුරුආරච්චි වෙත ලබා දී එම දේශපාලන ව්‍යාපාරය අඩපන කර දමා ඇති බවට සාක්ෂි සහිතව හෙළිවී ඇත.
රුවන්තිලක පේදුරුආරච්චිට ලක්ෂ 20 ක් දුන් බවට ඔහු වෙනත් අයෙකු සමග කරන ප්‍රකාශය
