BBS විමර්ශන ප්‍රධානි හිමි ගෙන් ලිපියක්

Sep 18, 2012
662
83
0
BBS විමර්ශන ප්‍රධානි හිමි ගෙන් ලිපියක්

මචං ඥානසාර.! පට්ටපල් බේගල් නොකියනු.!! මගෙන් පැහැර ගත් බඩු ආපසු දෙනු.!!! -මහමිතව පඤ්ඤාසාරගෙන් ඥානසාරට ලිපියක්--------

පසුගිය 17 දා විකාශය වු දෙරණ 360 වැඩසටහනේදී ගලගොඩඅත්තේ ඥාණසාර විසින් ඔවුන් සමග එකට වැඩ කළ මහමිතව පඤ්ඤාරතන හිමියන් විමර්ශන අංශයේ ප්‍රධානියා ලෙස සේවය නොකළ බවත් ඔහුට හිරිහැර කිසිවක් නොකළ බවත් ප්‍රකාශ කිරීම සම්පූර්ණ අසත්‍යයක් බවත් තමාට කරන හිරිහැර නවතා ජනවාරි 8 වෙනිදා තමන්ගෙන් බලහත්කාරයෙන් ලබාගත් භාණ්ඩ තොගය ආපසු දෙන ලෙසත් පවසමින් පඤ්ඤාරතන හිමියන් ඥානසාරට පිළිතුරු ලිපියක් යවා තිබේ. මාධ්‍ය වෙතද පිටපත් සහිතව යොමු කර ඇති එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය.

2013.06.17 දෙරණ 360 වැඩසටහන සම්බන්ධයෙනි,

එදින වැඩසටහන සදහා සහභාගී වූ ඔබවහන්සේ මා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් මාගේ කණගාටුව හා පිලිකුළ පලමුව ප්‍රකාශකරමි.

එහිදි ඔබ වහන්සේ ඔබ සංවිධානයේ මහමිතව හිමි නමින් නිලධාරියකු නොසිටි බවත් එවන් අයකු නොදන්නා බවත් සඳහන් කොට තිබුණි. 2012.11,19 වන දින ඔබ වහන්සේ හා මා සහභාගි වු හලාල් සම්බන්ධ මාධ්‍ය හමුවේදි ඔබවහන්සේගේ මුවින්ම මා ඔබවහන්සේලාගේ සංවිධානයේ කවුරුන්ද යන්න හඳුන්වා තිබේ.

(එම සාකච්ඡාව යූ ටියුබයෙන් නරඹන්න. එහිදී ගලගොඩ අත්තේ ඥානසාර විසින් මහමිතව පඤ්ඤාරතන හිමි යනු බොදු බල සේනා සංවිධානයේ විමර්ශන අංශයේ ප්‍රධානියා ලෙස ඔහු විසින්ම හඳුන්වා දෙනු ලබයි. 360 සාකච්ඡාවේදී මහමිතව හිමියන්ගේ පළමු ලිපිය ගැන විමසූ විට ඥාණසාර වෙනත් වැදගත් දෙයක් විමසන ලෙස කියමින් එම ප්‍රශ්ණයෙන් පැන යයි)

එසේම එහිදී මා ඔබ සංවිධානයට බැඳීමට අවශ්‍ය බව සඳහන් කරමින් එහි පැමිණි බවත් සඳහන් කෙරිණි. එයද අමූලික බොරුවකි. මා ඔබ සංවිධානයේ ඉල්ලීම පරිදි සහභාගි වුනා මිස මාගේ කැමැත්තෙන්ම සහභාගී නොවිණි.

එමෙන්ම ඔබ සංවිධානයේ නම භාවිත කරමින් මුදල් ලබාගත්තාය යන ප්‍රකාශයද පට්ටපල් බොරුවකි, මා කිසිදු පුද්ගලයෙකුගෙන් සංවිධානයේ නම භාවිතා කරගෙන මුදල් උපයා නැත. මේ ගැටලුව නිර්මාණය කරන ලද්දේ ඔබ වහන්සේලා විසින්ම ය. ඒකට හේතුව දන්නේ ඔබ වහන්සේලාම ය. එවකට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධ තොරතුරු ඒකකයේ රැකියාව ඉවත දමා ඔබ වහන්සේලාට සේවය කළෙමි. ඊට පෙර මා ජාතිය වෙනුවෙන් සිදුකළ සේවාව ඔබවහන්සේ ද හොඳින් දනී.

තවද මෙම ගැටළුවෙහි සත්‍ය අසත්‍යතාව දන්නේ ඔබවහන්සේ හා මා පමණි. අවසාන වශයෙන් යමක් සඳහන් කිරීම සුදුසුයැයි සිතමි. එනම් 2013.01 .08 දින මාගේ කාමරයට බලෙන් ඇතුළු වී පැහැරගත් භාණ්ඩ තොගය මා වෙත ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලමි.

අවසන් වශයෙන් මා ඉල්ලා සිටින්නේ ජාතික මෙහෙවරෙහි නිරත ස්වාමීන්වහන්සේ ට හිරිහැර නොකොට ඔබ සංවිධානයේ කටයුතු කරගෙන යන ලෙසය.

අප අතර මෙවන් ගැටළුවකට හේතු වූ හලාල් ගැටළුව සම්බන්ධයෙන් ලිස්සා යන සුළු ප්‍රතිචාරයක් ලබාදීම පසෙක ලා ඔබ සංවිධානය පොරොන්දු වූ පරිදි පිළිතුරක් බෞද්ධයා වෙත ලබා දෙනු ඇතැයි විශ්වාස කරමි.

අවසන් වශයෙන් සොක්‍රටීස් නම් දාර්ශනිකයා විසින් ඔහුගේ අවසන් මොහොතෙහි සදහන් කළ ප්‍රකාශයක් ඔබ වහන්සේ ඇතුළු සංවිධානයේ අවධානය පිණිස සටහන් තබමි.

"මට මැරෙන්නටත් නුඹලාට ජීවත්වන්නටත් කාලය එළඹ ඇත, එහෙත් අප දෙගොල්ලන්ගෙන් වඩා හොඳ ලැඛෙන්නේ කාටද යන්න දන්නේ දෙවියන් පමණි"

මෙයට

මහමිතව පඤ්ඤාරතන හිමි
හිටපු විමර්ශන ප්‍රධානි
බොදුබල සේනා ජාලය


1043905_540698552661981_1769093063_n.jpg
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
බල්ලොත් එක්ක බුදියගත්තනං මැකක්කොත් එක්ක නැතිටින්න වෙනවනේ ත්‍රිපිටකාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී, පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමියනි :(
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
පැටියා;15201088 said:
ඔය සංඝ මැරයන්ව ප්‍රසිද්දියේ එල්ලන්න ඕනෙ :yes:

මේ කමෙන්ට් එකට - රෙප් දීපු එකාගෙ අම්මා පණුවො ගහලා මැරෙන්න ඕනෙ :D:yes::lol: