එළකිරි එකේ ඉන්න BCS කරන අය එන්නෝ
එළකිරි එකේ එක එක ගෘප්ස් තියෙනවා මම දැකල තියෙනවා
මේකේ BCS කරන අයත් සෙට් වුනොත් හොද නැද්ද ????
එතකොට අපිට මොනාහරි BCS ප්‍රශ්න තියෙනවනම් මේකේ දාන්න පුළුවන්.සබ්ජෙක්ට්ස් වලට අදාළ ඒවා වුනත් කමක් නැහැ අපි මෙතන දාමු

මුලින්ම දන්න නැති අයට මම කියන්නම් මොකක්ද BCS කියලා
BCS නැත්නම් British Computer Society එහෙමත් නැත්තම් බ්‍රිතාන්‍ය පරිගණක සංගමය කියන්නේ තොරතුරු තාක්ෂනය කරන අයට උපාධියකට සමාන (Degree Equivalent) Qualification එකක් ලබා දෙන ආයතනයක්.
මෙම පරිගණක උපාධියකට සමාන පාඨමාලාව අදියර 3 කින් සමන්විතවන අතර අවසානයේදී project එකකින්ද සමන්විත වේ
ඇයි මම BCS තෝරාගත්තේ ?
මචන්ලා A/L s ඉවරවෙලා මම අනංමනං courses හුගක් බැලුවා.සමහර ඒවා ගොඩක් ගණන්. එතකොට තමයි මට BCS ගැන දැන ගන්න හම්බුනේ
ඇත්තටම BCS අනිත් හුගක් උපාදි වලට වැඩිය ගාණ අඩුයි. හැබැයි මේකට හොද පිළිගැනීමක් තියෙනවා . මේක UGC (University Grant Commission) එකෙන් අනුමත කරලයි තියෙන්නේ
ඕගොල්ලොන්ට BCS ගැන වැඩි දුර තොරතුරු මොනාහරි ඕනනම් www.bcs.org ලොග් වෙලා බලන්න .
ලංකාවේ BCS වලට දේශන පවත්වන ආයතන ගොඩක් තියෙනවා
Esoft,IDM,Matrix වගේ ඒවා ඒ අතර වෙනවා
කාටහරි BCS ගැන ගැටළුවක් තියෙනවනම් මෙතන දාන්න
එතකොට දන්න කව්රුහරි උත්තරයක් දෙයි
මටත් පුළුවන් දෙයක් නම් මාත්
උත්තර දෙන්නම්.


ජය වේවා !!!!
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    mSve.jpeg
     

    proxact

    Member
    Nov 13, 2011
    37
    2
    0
    yaluwane mamath patan ganna enne. mata certificate level ekata exemption thiyenawa. diploma level eken patan ganna thiyenne. diploma eketh eka subject ekakata exemption thiyenawa. danna karana kiyana aya wisthara danna
     
    Last edited: