වතුර ටිකෙන් ටික බැහැලා යන නිසා ආයෙත් නිවෙසට යන්න හදන අපේ මිනිසුන්ව හැකි අය දැනුවත් කරන්න.
1). නිවසට ගිය ගමන් විදුලි ස්වීච පාවිච්චි කිරීමට, ඇල්ලීමට පරීක්ෂා කිරීමට යන්න එපා. ඒවායේ පරිපථ පද්ධති වල ජලය රැඳී තිබිලා අනතුරු වෙන්න පුළුවන්.
2). භූගත ජලය ටැංකි ආදිය තියෙනවා නම් ඒවායේ පාවිච්චි කරන්න එපා. ඒවා හිස් කර ඉතා හොඳින් පිරිසිදු කර නැවත පුරවන්න.
3). ගං වතුරට හසු වූ ළිං වල ජලය පාවිච්චි කරන්න එපා. ඒවා හිස්කර නැවත පිරිසිදු ජලය ඉනූ පසු ක්ලෝරීන් යොදා පිරිසිදු කර පාවිච්චියට ගන්න.
4). කුඩා දරුවන්ට ඉතිරිවී ඇති ගංවතුර ඇති ස්ථාන වලට බැස සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන්න. ඔවුන්ගේ තුවාල තිබුණොත් ඒවායෙන් මී උණ විශබීජ වැනි භයානක රෝග වැළඳිය හැකියි.
5). කුඩා දරුවන්, දියණියන් ආරක්ෂාවකින් තොරව කඳවුරු තුල තබා යෑමෙන්, නිවෙස්වල තනි කිරීමෙන් වලකින්න. ළමා හෝ කාන්තා අපයෝජනයන් ගැන වහාම 1929ට දැනුම් දෙන්න. නොදැක්කා සේ සිටීම අපයෝජනයන්ට සහය දැක්වීමකි.
6). ඔබේ නිවස රක්ෂණය කර ඇත්නම් නිවස පිරිසිදු කිරීමට පෙර ඇතිවී ඇති තත්ත්වය ඡායාරූප ගත කරගන්න. රක්ෂණ නියෝජිතයා කැඳවා වන්දි (claim) ලබාගැනීමට වහාම ක්‍රියාත්මක වන ලෙස දන්වන්න.
7). ඔබේ ප්‍රදේශයට වැසි රහිත වුවත් උඩ පළාත ප්‍රදේශ වලට වැසි වැටිය හැකි බැවින් අවධානයෙන් සිටින්න.
8). නායයෑම් සිදුවන ප්‍රදේශවලට නැවත යාමට පෙර ග්‍රාම නිලධාරීන් හරහා ප්‍රාදේශීය ලේකම් හරහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විමසන්න. (සෘජුවම ඔවුන්ව සම්බන්ධ කර ගැනීම එම ආයතනයේ නිලධාරීන් ප්‍රතික්ෂේප කරයි.)
9). ගංවතුරට හසු වූ මෝටර් රථ ආදිය ඇත්නම් කිසිවිටකත් ඒවා එක්වර පණගැන්වීමට යාමෙන් වලකින්න. අදාල රථවාහන තාක්ෂණික සහය ආයතන වෙත යොමු කරන්න.
Copyright © HarshaSamarasekare