Beach Boys ජීවිතවල ඇතුල් පැත්ත..

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    Beach Boys ජීවිතවල ඇතුල් පැත්ත..

    අපේ රට පූර්ණ වශයෙන් මුහුදෙන් වටවූ රටක් ලෙස අපට ලැබී ඇති දායාද අතර මුහුද ඉදිරියෙන්ම ඇත. මුහුද නිසාවෙන් අපේ රට ලැබූ දේවල් මෙන්ම අහිමිකරගත් දෑ ද බොහෝ ය. ලංකාවේ ශේෂ පත්‍රයේ මුහුද වත්කමක් වීම නිසාවෙන් සංචාරක ක්ෂේත්‍රය නැමති ආදායම් මාර්ගය නිර්මාණය වීමට වැඩි දායකත්වයක් සපයා ඇතිබව පිළිගත යුතු සත්‍යයකි.

    සංචාරක ක්ෂේත්‍රය තුල මෑත කාලීනව සිදුවූ පිබිදීමත් සමග සංචාරකයින් වැඩි පිරිසක් ලංකාවට සංක්‍රමණයවීම සිදුවෙමින් පවතී. ඒ අතර බහුතරයක් රුසියානු,චීන,ජර්මන්,ප්‍රංශ සහ යුක්‍රේන් ජාතිකයන් වෙති. මේ සංචාරකයින් ලංකාවට පැමිණි මොහොතේ පටන් රට තොට සංචාරයට සහ ඔවුන්ගේ පහසුව වෙනුවෙන් වෘත්තීය සංචාරක මාර්ගෝපදේශන සේවා බිහිවන්නේ මීට බොහෝ කලකට පෙරාතුවය. එහෙත් මීට දශක දෙකකට තුනකට පමණ පෙර Beach Boys ලා, එහෙමත් නැතිනම් මුහුදු වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල සංචාරකයන්ට මගපෙන්වන ස්වදේශික තරුණ පිරිසක් නිර්මාණයවීම නිසාවෙන් අදවනවිට එය සංචාරක කර්මාන්තයේ යහපත වෙනුවෙන් මෙන්ම අයහපත වෙනුවෙන්ද හේතුවන සාධකයක් බවට පත්ව ඇත.

    අද බීච් බෝයිස් ලාගේ සංස්කෘතියක් බිහිව ඇත. වෙනමම වෘත්තීය චූල සංස්කෘතියක් බිහිව ඇත. මහා සංස්කෘතිය තුල බිහිවූ මේ චූල සංස්කෘතියේ ඇති විශේෂත්වය වන්නේ එයින් මහ සංස්කෘතියට නිරාවරණය වන්නේ දහයෙන් පංගුවකටත් වඩා අඩු කොටසක්වීමයි. එබැවින් ස්වදේශික සාමාන්‍ය වැසියෙක්ට හෝ විදේශිකයෙක්ට මෙම උප සංස්කෘතියේ සැබෑ ලක්ෂණ පැහැදිලිව හඳුනා ගැනීම ඉතාම අපහසු කරුණකි. බීච් බෝයිස්ලා ගැන අපි කතාකරන්නේද හුදෙක් ඔවුන්ගේ මෙන්ම මේ රටේ යහපත උදෙසා මෙන්ම පවුල් ලක්ෂ ගණනක් යැපෙන සංචාරක ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මතු ආරක්ෂාව වෙනුවෙන්මය.

    කව්ද මේ Beach Boys ලා

    අතීතයේ ඇමරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව වැනි ලතින් රටවලද උන්මාදයක් ලෙස පැතිර ගිය Cow Boys සංස්කෘතිය අපිට සිහිපත්කල හැක. ගොපළු කොලුවන් කව් බෝයිස්වූයේ එක්තරා ක්‍රමානුකූල පිළිවෙලකට වුවද ලංකාවේ බීච් බෝයිස්ලා බිහිවන්නේ එසේ නොවේය. අද වනවිට බීච් බෝයිස් ලා ලෙස හඳුන්වන්නේ මුහුද ආශ්‍රිත සංචාරකයන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශවල විදෙස් සංචාරකයන් ඉලක්ක කරගෙන විවිධ සේවාවන් සපයන්නාවූ ස්වදේශික තරුණයන් පිරිසකටය. මොවුන්ගේ වෘත්තීය බොහෝවිට නොවිධිමත්ය. ක්‍රමවත් වෘත්තීය පුහුණුවක්, භාෂා පුහුණුවක් ලබා නැති බහුතරයක් බීච් බෝයිස් ලා දහස් ගණනින් අද ලංකාව පුරා ක්‍රියාත්මක වෙමින් සිටිති.
    යාල මායිමේ සිට හලාවත,පුත්තලම දක්වා වූ වෙරළ සීමාවෙත්, නැගෙනහිර වෙරළේ නිලාවේලි සිට පාසිකුඩා, ආරුගම් බොක්ක දක්වාම බීච් බෝයිස්ලා ගේ රාජධානි බවට අද පත්ව ඇත.

    රට පුරා සංචාරක ස්ථාන වෙත චාරිකා සංවිධානය, ප්‍රවාහන පහසුකම් සැපයීම, බෝට්ටු සවාරි සේවා, සම්භාහන සේවා, පිහිනීම සහ දියමත ලිස්සා යාම ඉගැන්වීම, විවිධ භාණ්ඩ මිලදී ගැනීමට අතරමැදි සේවා සැපයීම මෙන්ම ලිංගික සේවාවන්ද ඇතුලත්ව මේ බීච් බෝයිස්ලා විදෙස් සංචාරකයන් වෙත පිරිමි,ගැහැණු වයස් භේදයකින් තොරව සේවා විශාල සංඛ්‍යාවක් සපයන පිරිසක් බව හඳුනාගත යුතුය. ගාල්ල,හික්කඩුව,කළුතර, බෙන්තර, මීගමුව, ගල්කිස්ස,යාල යනු බීච් බෝයිස්ලාගේ මර්මස්ථාන ලෙස හඳුනාගත හැකි ස්ථානයන්ය. මේ ප්‍රදේශවල බුරුතු පිටින් දක්නට ලැබෙන බීච් බෝයිස්ලා සම්බන්ධයෙන් ඔබ සිතනවාට වඩා, ඔබ අසා ඇති දේට වඩා සංවේදී මෙන්ම පුදුමාකාර දේ ද ඇතිබව මේ ලිපිය අවසානයේ ඔබ අවබෝධකරගනු ඇති බව නොඅනුමානය.

    මගේ ගෙස්ට් ලඟදි එනවා

    හික්කඩුවේදී හමුවූ වයස අවුරුදු 25ක බීච් බෝයි කෙනෙක් කී කතාවක් ඔබ හමුවේ තැබිය යුතුමය.
    ’මේ දවස්වල ටිකක් අමාරුයි සර්, ෆොරිනස්ලා අඩුයි. ඒත් මගේ ගෙස්ට් එනවා ලබන මාසේ. ඊට පස්සේ මම ගොඩ’

    ඒ කතාවෙන් පසු පැනනැගුන බරපතලම පැනය වූ ’මගේ ගෙස්ට්’ කතාව ඉන් පසුව කිහිප දෙනෙකුගෙන් අසා දැනගත්තෙමි. බොහෝවිට බීච් බෝයිස්ලාගේ සේවාවන් ඉතා තෘප්තිමත්ව ලබාගෙන ඔවුන් හා ඉතා තදින් බැඳුනු විදේශිකයන් සිටිති. ඔවුන් පිරිමි හෝ ගැහැණු විය හැකිය. ලංකාවේ බීච් බෝයිස්ලා සමග සම්බන්ධවෙන්නේ අති බහුතරයක් වයස 40-50 ඉක්මවූ විදේශීය කාන්තාවන්ය. එසේම ඒ කාන්තාවන් ඉතා ධනවත් කාන්තාවන්ය. ඇතැම්විට සමකාමී පිරිමි සංචාරකයන්ද මෙලෙස සම්බන්ධවිය හැකිය. එසේ ඉතා ලඟින්ම ඇසුරුකර ලංකාවෙන් පිටවූ පසුද ලංකාවේදී සම්බන්ධවූ බීච් බෝයි සමග ඉතා කිට්ටු ඇසුරක් පවත්වාගෙන යන සංචාරකයන් ප්‍රමාණයද ඉතා බහුලය. එසේ ඉතා ලඟින්ම ඇසුරු කරන විදේශිකයාට බීච් බෝයි කතා කරන්නේ ’මගේ ගෙස්ට්’ යනුවෙන්ය.

    ’හදිසියට සල්ලි වුවමනාවක් ආවොත් කෙලින්ම මගේ ගෙස්ට් වයිබර් මැසේජ් එකක් දානවා. පස්සේ දවස වෙද්දි එකවුන්ට් එකට සල්ලි වැටෙනවා. මගේ ගෙස්ට් සලකන්නේ එහෙමයි සර්. ඒවට රිටන් එක විදිහට ලංකාවට ආවම මගේ ගෙස්ට් ඕන කරන හැමදේම මම සප්ලයි කරනවා’

    ඕන කරන හැමදේම යන වාක්‍ය ඛණ්ඩය තුල ඕන කරන හැමදෙයම අන්තර්ගතව ඇතිබව ඔබ අවබෝධකරගත යුතුය. නමුත් සැබෑම තත්ත්වය වන්නේ එයයි. වෘත්තීයමය වශයෙන් සුදුසුකම්ලත් මාර්ගෝපදේශකයන්ට මෙවැනිවූ සංස්කෘතියක් උරුම නැත. බීච් බෝයිස්ලා මේ සංස්කෘතිය තනාගෙන ඇත්තේ ඔවුන්ගේම රැකවරණයට සහ පැවැත්මටය.

    ලක්ෂ ගණන් සල්ලි

    ඔබ ලංකාවේ යම් තැනකදී බීච් බෝයිස් ලා දුටුවහොත් පහසුවෙන්ම හඳුනාගත හැකි ලක්ෂණ ඔවුන් සතුව ඇත. බොහෝවිට අඳින්නේ කොට කලිසම්වන අතර, වර්ණ ගැන්වූ විලාසිතා හිසකෙස්, මාල වලලු ආභරණ සහිතව සිටින ඔවුන් දැකගත හැකිය. ඒ අතර පිළිවෙලට හැඳ පැලඳගත් ජේත්තුකාරයින්ද නැතිවාම නොවේය.

    බැලූ බැල්මට ඔබට පෙනෙනු ඇත්තේ අතේ සතේ නැතිව, වැලේ වැල් නැතිව සුද්දන් පසුපස පන්නාගෙන කීයක් හෝ කඩාගන්නා පිරිසක් ලෙසය. නමුත් ඔවුන් බහුතරයකගේ බැංකු ගිණුම් හෝ ආදායම් වියදම් විස්තරය පරික්ෂා කිරීමට අවස්ථාවක් ලැබුණහොත් විධායක ශ්‍රේණිවල නිලධාරීන්ට මෙන්ම ඉහළ පෙලේ ව්‍යාපාරිකයන්ට පවා වස බී නසින්නට හිතෙන මට්ටමේ ආදායමක් බීච් බෝයිස්ලා සතුව ඇත. එය ලක්ෂ ගණන් මෙන්ම කෝටි ගණන් දක්වා දිව යයි. එහෙත් කිසිඳු විටක ඔවුන්ගේ වත්කම් ප්‍රමාණය ඇඳුමෙන්,පැලඳුමෙන් හෝ නිවසේ ස්වභාවය අනුව තීරණය කිරීමට ඔබට නොහැකිවන බව සීයයට දාහක් විශ්වාසය.

    ’ගිය සතියේ ජර්මන් ගෙස්ට්ලා කට්ටියක් මැණික් ගන්න එක්කගෙන ගියා.’

    ’මොකද ඉතින්. කමිෂන් එක හොඳයි ද?’

    මද සිනහවක් පෑ ඔහු හෙළිදරව් කලේ

    ’ලක්ෂ 24 ක් විතර ලැබුණා සර්.. කෝ ඉතින් ඕවා ඉතුරුවක් නෑ ඒත්’

    මා හට ක්ෂණිකවම සිහිවූයේ මාගේ මාසික වැටුපය. කකුල්කෙටි රිදෙනතුරු රටපුරා රවුම් ගසා, උද්ඝෝෂණ අස්සේ ජල ප්‍රහාර කමින්, විවිධ පුද්ගලයන්ගේ රැවුම් ගෙරවුම් මැද්දේ රෑ නින්දක් නොමැතිව ලියා අපිට ලැබෙන වැටුප ගැන අවංකවම වේදනාවක් දැනුනි. එහෙත් දහඩිය මහන්සියෙන් උපයන දේ වක්‍රාකාර සහ අසංවර මාර්ගවලින් සොයන මුදලට වඩා දහස් ගුණයක් වටින බ වමට හැඟීගියේ මොහොතකට පසුවය.

    බීච් බෝයිස්ලා විවිධ මාර්ගවලින් සංචාරකයන්ගේ මුදල් උපයනවාටත් වඩා සිදුකරන්නේ සංචාරකයන්ගේ මුදලට තට්ටු කිරීමක් බව බොහොමයක් කතාවලින් තේරුම්ගත හැකිය. සෑම සේවාවකටම ගණන් හිලව් තීරණය කරන්නේ තමන්ට අවශ්‍ය පරිදිය. ඉතා ඉහළ ගණන් වලට සේවා ලබාගන්නා විදේශිකයන්ගේ සේසතම වුවද හූරාගෙන කන්නට දෙවරක් නොහිතාම කටයුතු කරන බීච් බෝයිස්ලාද ඇත. ඒ මුදල්වලින් යාන වාහන ගෙන ජීවත්වූවද ඒ ජීවිතවල කිසි දියුණුවක්,ගුණයක් හෝ එළියක් නැත්තේ අපි කතාවට කියන්නාක් මෙන් ’අධර්මයෙන් උපයනා දේ යා නොදෙන නිසාද’ යන්න ගැටළුවකි.

    සමිති සහ ටර්න් එකට වලි

    විවිධ ප්‍රදේශ අනුව බීච් බෝයිස්ලා ක්‍රියාත්මක වෙන්නේ බොහොමයක් අවස්ථාවල ප්‍රමුඛ පෙලේ සංචාරක හෝටල් කේන්ද්‍ර කරගෙනය. එවැනි මහා පරිමාණයේ සංචාරක හෝටලයක වටේ ජීවත් වන්නාවූ තරුණයන් පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කියා බසින් ගයිඞ් රැකියාවටය. අදාල හෝටලය කේන්ද්‍රකරගෙන සේවා සපයන බීච් බෝයිස්ලා එක්ව සාදාගන්නා සමිති ඇත. මේ සමිතිවල ලියාපදිංචිවීමට නම් මූලිකව විශාල මුදලක් ගෙවිය යුතු වන අතර ඊට අමතරව පොලිසියේද තොරතුරු සටහන්කර ලියාපදිංචි විය යුතුය.

    එසේ ලියාපදිංචිවූ අයට අදාලව ටර්න් එකක් නැතිනම් වාරයක් ඇත. මාස තුනකට වරක් හෝ මාස හයකට වරක් තුන්ඩු ඇදීමේ ක්‍රමයක් අනුව මේ එක් එක් බීච් බෝයි සාමාජිකයාට අදාල ’ටර්න් නම්බර්’ එකක් ලැබීම සිදුවේ. ඉන් අනතුරුව සංචාරකයන්ට සේවා සපයාදෙන්නට ’සෙට්’ කරගත යුතුවෙන්නේ මේ අංක පිළිවෙලටය. අංක එක සහිත බීච් බෝයි පාන්දර 7ටවත් අදාල හෝටලය අසලට හෝ ඒ අසල මුහුදු වෙරළට ගොස් මුල්ම සංචාරකයා සම්බන්ධ කරගත යුතුය. අනික් අයට වැඩ ලැබෙන්නේ අංක පිළිවෙලටය.

    මේ ටර්න් කෙරුවාව නිසා රණ්ඩුවල සිට මිනීමැරුම් දක්වාම සිදුව ඇත. විදේශීය සංචාරකයාට කුමක් හෝ සේවාවක් ලබාදී මුදලක් අයකරගැනීමට පොරකන බීච් බෝයි සංස්කෘතියට වලි යනු අලුත් දේවල් නොවේය.

    ’පිටින් ඇවිල්ලා මේ හොටෙල් ඒරියා එකේ සුද්දන්ට බහින්න කාටවත් අවසර නෑ බොස්. එහෙම බැස්සොත් ඉතින් ආයෙත් සොරි ම තමයි. ගයිඞ් කෙනෙක් බුක් නොකර එන ඕනම ෆොරිනර් කෙනෙක්ම ටකල් කරගන්න අපේ එවුන්ට පුළුවන්. අපේ සීමාව පන්නලා ගිහින් සුද්දා වෙන ඒරියා එකකදි ඒ ඒරියා එකේ එකෙක්ට සෙට්වුනා කියලා අවුලක් නෑ’

    බීච් බෝයිස් සංස්කෘතියේ බරපතල සීමා බන්ධන ඇත. ඒවා කඩකලහොත් බ්‍රහ්ම දණ්ඩනයේ සිට මරණ දණ්ඩනය දක්වා දැඩි දඬුවම් හිමිවීම සාමාන්‍ය තත්ත්වයකි. අපි කතා කරන බීච් බෝයිස්ලාගේ සංස්කෘතියේ ඇති නරක පැත්ත ඉස්මතුවන්නේ එවැනි දේ සමගින්ය.

    පදයට නටන හොටෙල්

    හෝටල් ආශ්‍රිතව ක්‍රියාත්මකවන බීච් බෝයිස්ලාගේ ආධිපත්‍යට බලපෑම් කිරීමට හෝටල් හිමියන්ට හෝ සේවකයන්ට ඇත්තේ ඉතා අඩු ඉඩකඩකි. හෝටල් සීමාවේ කටයුතු කරන බීච් බෝයිස්ලාගේ තර්ජන ගර්ජන මෙන්ම බලපෑම්වලටද ඇතැම්විට අදාල හෝටල් කාර්ය මණ්ඩලයට නතුවන්නට සිදුවේ. ඒවා අතර ගැටුම් සිදුවන අවස්ථාද නැතුවාම නොවේ.

    ’අර අලුත් හෝටලේ එච්.ආර් නිකන් හමුදා කාරයෙක් වගේ දඟලන්නේ. එන්නේ එහෙමනම් එයා ගෙදර යවන විදිහ අපිට එච්චර අමාරු නෑ’

    මේ බීච් බෝයිස්ලාගේ ම වචනය. එබැවින් ඔවුන්ගේ ආධිපත්‍යතුල ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ එක්තරා අඳුරු පැතිකඩක් නිර්මාණයව ඇති අයුරු දැකගත හැක. බීච් බෝයිස්ලා තරහා කරගෙන බංකොලොත්ව වැසීගිය හෝටල්ද මේ වෙරළ සීමාවන්හි ඇති බැවින් කිසිඳු හෝටල් හිමිකරුවෙක් මෙම බීච් බෝයිස්ලාගේ ආධිපත්‍යයට අභියෝග කිරීමට නොයන අතර ගැටීම වෙනුවට වෙලීමේ ප්‍රතිපත්තිය ඔවුන් විසින් අනුගමනය කරනු ලැබේ.

    වරදින තැන් සහ හරියන තැන්

    ලංකාවට බොහෝ සංචාරකයන් එන්නේ ආයුර්වේද ඖෂධ, මෙන්ම මුතු මැණික්, සංචාරක සහ සම්බාහන සේවා අරමුණු කරගෙනය. සංචාරකයෙක් දුටු පමණින් ඔහුගේ රට,ජාතිය, ධනවත්කම, කැමති අකමැති දෑ පිළිබඳව කදිම පුරෝකථනයක් ගෙන ඒමට මේ බීච් බෝයිස්ලා සමත්ය. එය අනාවැකිකරුවෙක්ගේ පුරෝකථනයටද වඩා නිවැරදිවන අවස්ථා එමටය. බීච් බෝයිස්ලා සංචාරකයන්ගේ සංවේදී නිළ අල්ලන්නේ අන්න ඒ පුරෝකථනද සමගින්ය.

    දේශීය කුළු බඩු නිෂ්පාදන සහ ශාකසාර ඖෂධ බර ගණන්වලට සුද්දන්ගේ සාක්කුවට බස්සන ඔවුන් සංචාරක සේවාවන්හි සිට ලිංගික සේවාවන් දක්වාම ඩොලර් සිය දහස් ගණන් අය කරන්නේ කිසිඳු බාධාවකින් තොරවය. බොහෝවිට අදාල ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ පවා බීච් බෝයිස්ලාගේ බෝතල්වලට,සල්ලි මිටිවලට සහ බලපුළුවන්කාරකම්වලට යටත්ව ඔවුන්ට රිසිසේ කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබාදී ඇත. දේශීය සංචාරකයන්ට ඇතුල්වීමට හෝ තහනම් හෝටල් සහ කබානා විවෘතව ඇත්තේද පෙරකී සාධකයේ බලපෑම මතබව පැහැදිලිය.

    ඉවක් බවක් සීමාවක් නොමැතිව සිදුකරන ඇතැම් අකටයුතුකම් නිසා බීච් බෝයිස්ලාගේ ජීවිත මුහුදටම සේදී යන අයුරු ඇතම් විට සියැසින්ම දැක ඇත්තෙමි. විවිධ ලිංගාශ්‍රිත රෝග නිසාවෙන් දුක්විඳින, ගැටුම් නිසා ජීවිත අහිමිවී ඇති මෙන්ම ලස්සන පවුල් ජීවිත නිරපරාදේ කඩා බිඳගත් කතන්දර ඕනෑතරම් මේ වෙරළ සීමාවෙන් ඔබට අසා දැනගත හැකිය.

    ’ගිය සතියේ එකෙක් ගියා ජර්මන් සල්ලිකාර ගෑනියෙක් එක්ක. ඌට මෙහේ දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. උගෙ ගෑනි දැන් දහදුක් විඳිනවා මහත්තයෝ. දැන් ඒ ගැනිට වෙන්නේ ඇඟ විකුණලා ජීවත්වෙන්න තමයි දරුවෝ ටික හදාගන්න’

    එවැනි ඛේදාන්තයන් මේ බීච් බෝයි සංස්කෘතිය තුල දැන් සාමාන්‍යකරණයවී තිබීම බෞද්ධ දර්ශනයෙන් සුපෝෂණය වූ රටකට කොතරම් කැළලක්ද යන්න ඔබ අවබෝධකරගත යුතුය. තමන්ගේ බිරිඳ,දරුවන් හැරදමා ඩොලර් නෝට්ටු වෙනුවෙන් ජීවිතයේ සැඳෑ සමය ගෙවන ධනවත් විදේශිකයන්ගේ ලිංගික අතකොළු බවට පත්වෙන තරුණ ජීවිතවලටත් වඩා පාසල් යන වයසේ දරුවන් සිටීම මෙරට අනාගතයට කණකොකා හඬලන පුවතක් බව අමුතුවෙන් කිවයුතු නැත.

    ’මට දැන් වයස 13, ඉස්කෝලේ ගියේ හය වසරට විතරයි. (ඉන් අනතුරුව ඒ දරුවා තම පාසල යනුවෙන් නම්කරන්නේ දිවයිනේ ප්‍රධාන නගරයක පිහිටා ඇති නමගිය පාසලකි) ඉස්කෝලේ ගිහින් එන දවසක සුද්දෙක් කතාකලා. මට ලස්සන කී ටැග් එකක් දුන්නා. බීච් එක පැත්තට ගියා. එදා හවස ඌ එක්ක සෙට් වුනා. මට රුපියල් දහදාහක් දුන්නා. පස්සේ මම ඉස්කෝලේ ගමන නතරකරලා වැඬේට බැස්සා’

    පාසල් යන වයසේ පිරිමි දරුවන් විශාල සංඛ්‍යාවක් මේ බීච් බෝයිස් සංස්කෘතිය තුල විදේශිකයන්ගේ ලිංගික ගොදුරුබවට පත්ව මල්වයසේ සොඳුරුබව අහිමිකරගෙන ඇත. ඇතැම් දරුවන්ට බරපතල ගනයේ ලිංගාශ්‍රිත රෝගද වැළදී ඇත. ඒ නිසාවෙන් බීච් බෝයි ජීවිතවල මුදලට,ජේත්තුකාර විනෝදයට යටින් ඇත්තේ කුණ ගඳ ගසන භයානක ඛේදවාචකයක් බව තේරුම්ගත යුතුය.

    හීන ඇති අනාගතයක් නැති ජීවිත

    බොහොමයක් බීච් බොයිස්ලාගේ එකම හීනය වන්නේ කව්රුන්හෝ සල්ලිකාර සුද්දියෙක් හෝ සුද්දෙක් සමග සබඳතාවක් ගොඩනගාගෙන ඒ මාර්ගයෙන් විදේශගතවීම හා ඒ රටක පුරවැසිභාවය ලබාගැනීමය. ඒ වෙනුවෙන් ඔවුන් තමන්ගේ ජීවිතය,ආත්ම ගෞරවය මෙන්ම ශ්‍රී ලංකාවේ කීර්තිනාමයද දැඩි අනතුරුදායක තැනක රඳවා ඇත.

    මේ බීච් බෝයිස්ලාගේ සංස්කෘතිය පිළිබඳ වර්ණාලිප්ත රසකතා නිර්මාණය කර පවසා සතුටුවීමට තරම් දෙයක් නැත. ඇත්තේ හද පාරවන සහ පිළිකුලදනවන සිදුවීම් සමුදායක් පමණි. නමුත් ඒ සංස්කෘතිය අභ්‍යන්තරයේ ඇති බරපතල සමාජ ප්‍රශ්නයෙන් අපේ රට සහ සමාජය ගලවා ගැනීමට බලධාරීන්ට මෙන්ම මුළු මහත් ජනතාවටම ඉතා ඉහළ වගකීමක් ඇත. නොඑසේනම් එසේ රැළ්ලට සේදී යන ජීවිත දහස් ගණනක් අප රටට අහිමිවීයාම වලක්වාගත නොහැකිවනු ඇත. එම හානිය දශක තුනක යුද්ධයෙන් සිදුවූ හානියටද වඩා බරපතල හානියක් වනු ඇත.

    උපුටා ගත්තේ - https://www.her.lk/latest-news/624-beach-boys
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Diane De Zoysa, 59, quit her home to be with husband 33 years her junior

    kindle_camera_1496331919000.jpg


    https://www.thesun.co.uk/news/39004...rned-he-had-secretly-married-behind-her-back/
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    පිටින් ඇවිල්ලා මේ හොටෙල් ඒරියා එකේ සුද්දන්ට බහින්න කාටවත් අවසර නෑ බොස්. එහෙම බැස්සොත් ඉතින් ආයෙත් සොරි ම තමයි
    බීච් එකට යන්නත් නිකන් මොකක්ද මොකක්ද වගේ හිතෙනවා සුද්දියෙක් එක්ක. මුන් ඇවිල්ල අපිව කපල යයිද


    ඒ හුකාරිස් කොහෙද :angry:
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    බීච් එකට යන්නත් නිකන් මොකක්ද මොකක්ද වගේ හිතෙනවා සුද්දියෙක් එක්ක. මුන් ඇවිල්ල අපිව කපල යයිද


    ඒ හුකාරිස් කොහෙද :angry:

    hikkaduwe nam e seen ganan ganna ona naha.
    eth mirissa wage thama parinamaya une nathi pathi ekai seen eka field ekata aluth eka eka hutto awith case danna puluwan
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලුණු ඇඹුල් එහෙම අඩු කරලා කියවන්න පත්තර(දැන් නම් වෙබ් site fb) කියවද්දී
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    බීච් එකට යන්නත් නිකන් මොකක්ද මොකක්ද වගේ හිතෙනවා සුද්දියෙක් එක්ක. මුන් ඇවිල්ල අපිව කපල යයිද


    ඒ හුකාරිස් කොහෙද :angry:


    pitin beach ekata awata awlak na. pitin awith e beach eke suddo talk kaloth ehe un game illan enawa.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ලුණු අබුල් දාලා ලියලා තියෙන්නේ මේක :rofl:
    මගෙත් යාළුවො ඉන්නවා ඕලෙවල් වලින් හැලිලා වැල්ලට වැටුන උන්. අනාත ජිවිත ඉතින්.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    hikkaduwe nam e seen ganan ganna ona naha.
    eth mirissa wage thama parinamaya une nathi pathi ekai seen eka field ekata aluth eka eka hutto awith case danna puluwan
    benthota wage pathi walath ehenam ohoma athi,
    hikkaduwa paththe eung issara nam marayo set pitin inne dan kohomada manda.




    pitin beach ekata awata awlak na. pitin awith e beach eke suddo talk kaloth ehe un game illan enawa.


    ara beach boy dial ekakmarayo tikak awilla kapala giya video ekak thibbe :rofl: echchara topiyak set une nathath, apahu gaani ekka gedara gihin handa dihaa balagena hukanna wenne me sukana rate
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ලුණු අබුල් දාලා ලියලා තියෙන්නේ මේක :rofl:
    මගෙත් යාළුවො ඉන්නවා ඕලෙවල් වලින් හැලිලා වැල්ලට වැටුන උන්. අනාත ජිවිත ඉතින්.
    hoyaganna ung hoyagatta den ban. unge tallent eka eeka. aruuta naa mun hondata kanawa gagaa huullala therumak naane